තිත්ත අැත්ත තමයි ඉතින්. බල්ලො සහ යම් තාක් දුරකට පූසො, අශ්වයො ඔටුවො වගේ අැරෙන්න අනිත් කිසිම සතෙක් හරියටම domesticated වෙලා නෑ. මේ ඉන්න පෝනියොත් එච්චරම තමයි. මුන් කැලෑ සත්තු. මුනුත් එච්චරයි, අලිත් එච්චරයි.
එකම දේ මුන්ට ක්ෂීරපායි නිසා ලොකු මොළයක් තියෙනවා. ඉතින් condition කරන්න පුළුවන්. එ‍් කියන්නෙ අවශ්‍ය දේ කරද්දි reward කරලා, අනවශ්‍ය දේ කරද්දි punish කරලා behavior modification කරන්ඩ පුළුවන්. උන් දන්න හුත්තක් නෑ. බල්ලෙක් වගේ අපි ගැන අැඟ අැතුළෙන්ම එන ලැදියාවක් නෑ. Past experience වලට අනුව punish නොවී ඉන්න උත්සාහ කරනවා විතරයි.
ඉතින් සරලම කතාව ඔය වගේ ගහන්නෙ නැතිව මේ සත්තුන්ව රේස් දුවන්න, බඩු අදින්න, පිටේ අඳුරන් නැති අය තියාගෙන සන්සුන්ව යන්න පුරුදු කරන්න විදිහක් නෑ. එහෙම පුරුදු කරන්න හොඳද නැද්ද කියන එක වෙනම කතාවක්. හැබැයි පුරුදු කරන්න ඕන නම්, වෙන ක්‍රමයක් නෑ. පෙරහැරේ යන අලින්ගෙ කතාවත් එච්චරයි. එහෙම රිද්දන්නෙ නැතිව උන්ව break කරන්න බෑ.
හිත හදාගන්න පුළුවන් එකම දේ තමයි අලියෙක්ට, පෝනියෙක්ට මේ වගේ ගහනකොට අපිට එ‍් වගේ ගහන තරම් හානියක් හෝ වේදනාවක් එන් නෑ කියන එක. එ‍් කියන්නෙ රිදෙන් නෑ කියන එක නෙවෙයි, රිදීම එ‍් තරම් physical නෑ කියන එක. පොඩි රිදීමක් එක්ක ප්‍රධාන වශයෙන් මොළයට අප්‍රසන්න හැඟීමක් යවන එකයි එ‍්කෙන් වෙන්නෙ.
ඔන්න ඕකයි යථාර්ථය. එක්කො මේ සත්තුන්ට උන්ගෙ පාඩුවෙ කැලෑ වැදිලා ඉන්න අරින්න ඕන. එහෙමත් නැත්නම් උන්ව නාඳුනන මිනිස්සු බබා වගේ පිටේ ගෙනියන්න තරම් සන්සුන් කරන්න නම් ගහලම හදන්න ඕන.
දෙකෙන් එකක් තෝර ගන්න වෙනවා. බාගෙට කරාම එකක්වත් නෑ. ඔලුව අත ගාලා පෝනියො අලියො හදන්ඩ ගිහින් පිටේ කවුරු හරි ඉද්දි / පෙරහැරේ යද්දි කුලප්පු වෙලා සදාකාලික අබ්බගාත වුණාම හරියට train කරල නෑ කියල අහගන්න එක විතරයි එකම ප්‍රතිඵලය වෙන්නෙ.