~~නුවර ඔරලෝසු කණුව හෙවත් අපි දන්න ටවර් එකේ කතාව~~

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,202
    610
    113
    Dubai
    800px-Kandy_clock_tower%2C_1950.JPG


    ~~නුවර ඔරලෝසු කණුව හෙවත් අපි දන්න ටවර් එකේ කතාව~~

    මහනුවර නගරය මැද්දෙ අහසට එසවී නැඟී සිටින ඔරලෝසු කණුවට අවුරුදු හැත්තෑ හතරක් සපිරෙන්න ට ඇත්තේ තවත් මාස හතක්.

    හරියට ම කියනවා නම්ළ ඹෙන උඳුවප් මහේ 23 වැනිදාට (2024 දෙසැම්බර් 23) වයස අවුරුදු 74 ක් වෙනවා. 1950 දි තමා ඉදිකිරීම කරන්නේ ඉස්සර නම් හැමොටම වේලාව කියපු මේ ඉදිකිරීම අද නම් ස්මාරකයක් විතරක් වේලා .

    ලෝකයේ කොච්චර Clock towers තිබුනත් මේක හරිම විශේෂ තැනක්...

    1947 දී අගොස්තු14 මහා වැස්සක් පේරාදෙණිය පාලමේන් යන කෙනෙකුට මහවැලි ගඟේ චණ්ඩි කම් හොඳට පේනවා ....

    මේකත් බලාගෙන තරුණ Zacky Ismail කොළඹ යනවා මස්සිනාත් සේවකයන් කිපයකුත් එක්ක . මොහු කඩුගන්නාව ට යනකන් දැනන් ඉන්නෙ නැ ඔහු යන අවසාන ගමන මෙය බව. මහ වැස්ස නිසා ලිස්සන කඩුගන්නාව පල්ලම, කාර් රථයේ තිරිංග වලට වඩා බලවත් වුණා ... අවාසනාවක තරම. මොවුන් යළි නොයෙන්න ම කඩුගන්නාවෙන් යන්න ගියා පහලට. පහලින් පහලට...

    ඔහුගේ පියා මේ බව දැන ගන්නෙ පසු දින පොලිසියෙන් කාර් රථයේ අංක තහඩු කොටසක් සහ පාර්සලයක් ඔහුට පෙන්විමෙන් පසුවයි. එකල Rowland හි නියොජිතයෙක් ලෙස වාහන importer කෙනෙක් වුණ ෂකී ගේ පියා කොතරම් විශාල ව්‍යාපාරිකයෙක්. තම පුතණු Haji smail ට අත්වූ ඉරණම ගැන ඒ පියා මහත් සේ දුක් වෙන්නට ඇති.

    මේ නිසාම තම පුතුගේ ආදරය වෙනුවෙන් 1950 දි සියලු දෙන

    පරඋපකාරයක් ලෙස ඉදිකිරීම් අරඹනවා.මේ වන විට ඉහළ නමක් ලබා සිටි Shirley de Alwis නම් නිර්මාණ ශිල්පියා ගේ අනර්ඝ නිර්මාණයක් සේ මහනුවර නගරය මැද ටැඹක් අහස දෙසට එසවෙනවා.

    ලෝක උරුමයක් සේ නම් කෙරෙන මහනුවර ට ම උචිත පරිදි ෂර්ලි ද අල්විස් විසින් ‍ඔරලෝසු කණුවේ සැලසුම කැන්ඩියන් ශෛලියට නිමහම් වන්නේ ශ්‍රී දළඳා මාලිගයේ වාස්තු ශෛලින් විදහා පාන අයුරින්. මේ ඉදිකිරීම අන්‍ය අගමිකයෙකු කරන ලද නිර්මාණය ක් විම තවත් සුවිශේෂ කරුණක.

    එවකට අගමැති ව සිටි ගරු D.S. Senanayake හා එවකට මහනුවර නගරාධිපති ගරු E.L Senanayake මහාතාණන් අතින් ඊට වසටකට පසු විවෘත වෙනවා.

    මාලනී ජයරත්න විසින් පද බැදි ටී. එම්. ජයරත්න ගායන ශිල්පියා විසින් ගැයුණු “පිය සෙනෙහසට කව් ගී ගියවුණා මදී” ගීතය මතක් කරමින් පිය සෙනෙහස ක මහිම පෙන්නුම් කරන මේ ස්ථානයේ යටත් කතාව දන්නෙ කියෙන් කි දෙනද ?

    ඇත්තට ම clock tower එක යට තියෙන්නේ පියෙකු ගේ සෙනෙහසේ අත්තිවාරම යි.

    උපුටාගැනීමකි ........✍
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    me wage thread danna epa,
    baiyo dakkoth okath mahinda rajapaksha ඔරලෝසු කණුව kiyala wenas karala naki mainage muna danawa okata
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,395
    6,557
    113
    ඔරලෝසු කණු දකිනකොට මතක්වෙන්නෙ ප්‍රේමදාස මහත්තය තමයි ඕං...
     
    • Like
    Reactions: SLK_sri

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ඔහුගේ පියා මේ බව දැන ගන්නෙ පසු දින පොලිසියෙන් කාර් රථයේ අංක තහඩු කොටසක් සහ පාර්සලයක් ඔහුට පෙන්විමෙන් පසුවයි. එකල Rowland හි නියොජිතයෙක් ලෙස වාහන importer කෙනෙක් වුණ ෂකී ගේ පියා කොතරම් විශාල ව්‍යාපාරිකයෙක්. තම පුතණු Haji smail ට අත්වූ ඉරණම ගැන ඒ පියා මහත් සේ දුක් වෙන්නට ඇති.
    දැන් ඉතින් Indra traders තමයි