දබරයක් නිසා බිහිවූ රඟහල "ටවර් හෝල්''

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    tmidHOy.jpg


    මරදානේ ප්‍රසිද්ධ යූනියන් පැසෙන්ජර් හෝටලයේ හිමිකරු වූයේ ගොවිගම කුලයේ මිනිසෙකු වූ 'ගනේගොඩ අප්පුහාමිලාගේ දොන් හෙන්ද්‍රික් සෙනවිරත්න අප්පුහාමියි. ඔහුගේ පුතෙකු වූ එඩ්මන්ඩ් දිනක් නාට්‍යයක් නැරඹීමට පිටකොටුවේ ශාලාවකට ගිය අවස්ථාවේ දබරයකට මැදි වුණා. ඒ අවස්ථාවේ මරදානේ පිරිසට පිටකොටුවේ තරුණයන්ගෙන් ගුටිකන්නටත් සිදුවුණා. මේ අපකීර්තියෙන් මිදනේනට එඩ්මන්ඩ්ට අමුතුම අදහසක් පහළ වුණා. ඒ, තම පවුලේ මූලිකත්වයෙන් රංගශාලාවක් ඉදිකිරීම යි. එය අනෙක් රඟහල් පරදවන එකක් වීමත් ඔහුගේ අදහසක් වුණා. පුතා තම අදහස පියා වූ හෙන්ද්‍රික්ට පැවසුවා. හෙන්ද්‍රික් අනෙක් පවුලේ සාමාජිකයන්ගේ ද කැමැත්ත මත ස්ථිර රංග ශාලාවක් මරදානේ ඉදිකිරීමේ අභියෝගය බාරගත්තා. එසේ ශ්‍රී ලංකාවේ ඉදිවු ප්‍රථම ස්ථාවර රංග ශාලාව බවට ටවර් රඟහල පත් වුණා.


    mGoa1qm.jpg
    9zQpLzo.jpg

    එදා ටවර් හෝල් රඟහල

    හෙන්ද්‍රික් මුදලාලි 1907 සැප්තැම්බර් 27 දා පංචිකාවත්ත පාරේ අශ්ව ඉස්තාලයකට වෙන් කරන ලද ඉඩමක් රු. 2000කට මිල දී ගත්තා. පර්චස් 68කින් යුත් ඒ ඉඩම හැඳින්වුණේ "මෙරෙඤ්ඤගේ වත්ත" කියල යි. ඒ කාලෙ බහුලව භාවිත වුණූ අශ්වකරත්තවල අශ්වයන් බැඳ තබන ස්ථානයක් ලෙස යි මෙරෙඤඤගේ වත්ත තිබුණේ. ප්‍රේක්ෂකයන් 800කට ඉඩකඩ සහිත ශාලාවක්, බැල්කනියක්, සහ නේපථ්‍යාගාරයක් සහිතව රංග ශාලාවක් ඉදිකිරීමට ඔහු සැලසුම් කළා. රගහලට මුල්ගල තබන අවස්ථාවට අනගාරික ධර්මපාලතුමා, ඩී. එස්. සේනානායක, ඇෆ්. ආර්. සේනානායක, නීතිඥ ජෝන් ද සිල්වා වැනි ප්‍රකට චරිත රාශියක් පැමිණ තිබෙන බව සඳහන්.

    රංග ශාලාව ඉදිරිපස ඔරලෝසු කණුව සැලසුම් කරන ලද්දේ ලන්ඩනයේ ටවර් ඔෆ් ලන්ඩන් නම් ඔරලෝසු කණුව නිරූපනය කිරීමට යි. එහි ආකෘතිය අනුව පැති තුනකින් යුත් ඔරලෝසුවක් මෙහි ද සවිකර තිබෙනවා. මෙයට "ටවර් හෝල්" කියන නම ලැබුණෙත් මේ කණුව නිසා යි. මේ අතර හෙන්ද්‍රික් සෙනවිරත්නගේ දියණිය විවාහකරගත් බෑණා වූ නීතිඥ චාල්ස් ඩයස් නාට්‍යයක් නිෂ්පාදනයත් ආරම්භ කර තිබුණා. ඒ ඔහුගේ මුල්ම නාට්‍යය යි.

    hfHSfqI.jpg


    ටවර් හෝල් රඟහල 1911 දෙසැම්බර් 16 දින විවෘත කළ බවත් සඳහන්. විවෘත කිරීමේ ප්‍රධාන අමුත්තා වී ඇත්තේ කොළඹ නගරාධිපති කේ. වී. බී. මැක්ලියඩ්. අලුත් රංග ශාලාවේ මංගල නාට්‍යය වශයෙන් රංගගත වුණේ චාල්ස් ඩයස්ගේ පණ්ඩුකාභය යි. එය ටවර් හෝල් නාට්‍ය සම්ප්‍රදායක් ආරම්භ කිරීමට මුල්වූ නිර්මාණය වුණා. මෙම නාට්‍යයට අවශ්‍ය සියලුම ඇදුම් පැළඳුම් බොම්බායේ (මුම්බායි) සිට ආනයනය කර තිබෙනවා. ආරම්භයේ දී ටවර් රඟහල වෙන්කර තිබුණේ චාල්ස් ඩයස් විසින් ලියා අධ්‍යක්ෂණය කෙරුණු නාට්‍ය සඳහා පමණ යි. එහෙත් පසුව නීතිඥ ජෝන් ද සිල්වාගේ නාට්‍ය ප්‍රදර්ශනය කිරීම ද අරඹා තිබෙනවා. මෙම යුගය හඳුන්වා දෙන ලද්දේ ටවර් ‍යුගය නමින්. එකල නිෂ්පාදනය කරන ලද නාට්‍ය "නූර්ති" හෙවත් නව නාට්‍ය නමින් හඳුන්වන ලද අතර, ඉන්දියානු නාට්‍ය ආභාෂය ද ඒවාට ලැබී තිබුණා.

    kggALFb.jpg



    කෙටි කලකින්ම ටවර් රඟහල ජාතික රංග ශාලාවක් ලෙස ස්ථාපිත වුණා. 1930- 40 වන විට එහි ස්ථිර නාට්‍ය ශිල්පීන් 120ක් පමණ සිටි බව සඳහන් වෙනවා. එවකට පුරෝගාමී නාට්‍ය ශිල්පියෙකුගේ මාසික වැටුප රු. 400ක් තරම් ඉහළ අගයක් වුණා. ඔවුන්ගේ දින චරියාව මෙසේ වුණා. එය මෙරට මුල්ම වෘත්තීය නාට්‍ය කණ්ඩායම යි.


    උදෑසන 9.00-12.00 දක්වා පුහුණුවීම්
    දහවල් 12.30-4.20 දක්වා විවේකය
    සවස 4.30 නාට්‍යයට අවශ්‍ය ඇඳුම්වලින් සැරසීම
    6.30 පළමු නාට්‍ය දර්ශනය සහ රාත්‍රී 10.30 දෙවන දර්ශනය


    1915 සිංහල මුස්ලිම් අරගලයේ දී ටවර් හෝල් හිමිකරුවන් සහ නාට්‍යකරුවන් ද සිරභාරයට පත්වුණා. කොළඹ සියලුම රංග ශාලා වසා දැමුණා. ඔවුන්ට පසුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමිවුණ අතර 1916 දී ආණ්ඩුකාර ජෝන් ඇන්ඩර්සන් ඔවුන්ට නිදහස ලබාදුන්නා. ඒ අතරම වසා තිබූ රඟහල් විවෘත කිරීමටත් අවසර ලබාදුන්නා.


    MXuYA7D.png

    ආණ්ඩුකාර ජෝන් ඇන්ඩර්සන්


    හෙන්ද්‍රික් සෙනවිරත්නගේ මරණ‍‍යෙන් පසු ටවර් රගහල අර්බුදයකට ‍‍ගොදුරු වුයේ ඔහුගේ දරුවන් අතර දේපල පිළිබඳ නීතිමය අර්බුදයක් පැනනැගුණ නිසා යි. මේ වන විට නිහඬ චිත්‍රපට ලංකාවට පැමිණෙමින් තිබුණා.

    1930 එෆ්. ඩී. ෆ්‍රෑන්ක් නම් පුද්ගලයා මසකට රු.2000 බැගින් ටවර් රඟහල් භුමිය කුලියට ගෙන එහි චිත්‍රපට තිරගත කිරිම පටන් ගත්තා. 1931 දී සයරන් එෆ්. බැග්ඩෑඩ් එහි තිරගත කිරීම ඇරඹුණා. ටවර් හෝල් ශිල්පීන්ට සිය වෘත්තිය අහිමි වූ නිසා ඔවුහු එවකට වෘත්තිය සමිති නායකයකු වු ඒ. ඊ. ගුණසිංහ හමුවී ආයාචනා කළ බව සඳහන් වෙනවා. ඔහු නීතිඥයින් සමග නාට්‍ය ශිල්පීන් ගැන සාකච්ඡා කර සෑම බ්‍රහස්පතින්දා දිනකම සිංහල නාට්‍යයක් ටවර් රඟහලේ දී වේදිකාගත කළ යුතු ය යන සමතයට එළඹුණු බවත් පැවසෙනවා.

    8XiDnvc.jpg

    ජනප්‍රිය ටවර් ශිල්පිනියක වූ විමලා කාන්තා – lifie.com

    දෙවන ලෝක යුද්ධයෙන් පසුව ටවර් රංග ශාලාව පවත්වාගෙන යාම හිමිකරුවන්ට අසීරු වුණා. 1947 අප්‍රේල් මාසයේ දී සිලෝන් තියටර්ස් සමාගම එම රඟහල රුපියල් 125,000කට මිල දී ගත්තා. ඉන්පසුව සිලෝන් තියටර්ස් සමාගමේ අධ්‍යක්ෂ වූ එම්. සෙල්ලමුත්තු සහ සීමාසහිත සිනමා සමාගමේ අයිතිකරු වූ කේ. ගුණරත්නම් සමග එක්වී ටවර් හෝල් රඟහල සිනමා ශාලාවක් වශයෙන් පවත්වාගෙන යාම සඳහා සීමාසහිත ටවර් ‍ටෝකිස්ටි නැමැති සමාගම පිහිටුවා ගත්තා.


    vbULmh4.jpg

    කේ ගුණරත්නම් 1950 ගණන්වල



    සිලෝන් තියටර්ස් යන සමාගමට අයත්ව තිබූ ටවර්හෝල් රඟහල රජයට පවරාගෙන එහි නැවත වේදිකා නාට්‍ය රඟ දැක්විය යුතු බව ඉල්ලීමක් කලාකරුවන් වෙතින් කෙරුණේ 1965 – 70 ඩඩ්ලි සේනානායක ආණ්ඩු කාලයේ දී යි. එය ක්‍රියාත්මක වුණේ නැහැ. මේ කාලය වන විට එදා බැබලුණු පැරණි ටවර්හෝල් කලාකරුවන් ඉතාම අන්ත අසරණ ජීවිතයක් ගෙන ගියේ. සරලා බායි ඇඳුම් මැසීමෙන් දිවි ගැටගසා ගත්තා. සුසිලා ජයසිංහ තම නිවෙස කුලියට දී කුස්සියේ ජීවත්වුණා. ඒ විතරක් නෙමෙයි ලක්ෂ්මි බායි, විමලා කාන්ති, එම්. ජී. තුංගසේන, මාෂල් පෙරේරා, දේවි සකුන්තලා, ඒ. ඇසිලින් රණසිංහ, ෆ්ලෝරි දේවි වැනි නළු නිළියන් ද ගෙන ගියේ ඊට සමාන ජීවන පැවැත්මක් බව පැවසෙනවා.

    CBToBku.jpg

    ටවර් නාට්‍ය ගායන ශිල්පිනී විවියන් ද සිල්වා බොරලැස්සට එවකට අගමැති දි. මු. ජයරත්න ආධාර ප්‍රදානය කිරීමක්- dinamina.lk

    පසුව 1970 දී බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය (අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක ගැන මෙතැනින් කියවන්න) වශයෙන් සිටිය දී ටවර් රඟහල ජනසතු කළ යුතු ය යන යෝජනාව යළිත් පිළිගනු ලැබ ලියකියවිලි පවා සකස් කළත්, එය ඉටුවුණේ නැහැ. මේ යෝජනාව ක්‍රියාත්මක කෙරුනේ 1977 දී බලයට පත් එජාප රජයේ අගමැති ලෙස පත්වූ ආර්. ප්‍රේමදාසගේ කාලයේ දී යි. ඔහු 1978 මාර්තු 15 වැනි දින ටවර් රඟහල ආණ්ඩුවට පවරාගත්තා. මේ පවරාගැනීමෙන් පසුව අගමැති ආර්. ප්‍රේමදාසගේ නායකත්වය යටතේ ටවර් හෝල් රඟහල පදනම යන පරිපාලන ඒකකය පිහිටවුවා. ඒ, ටවර් හෝල් රඟහල පුනරුත්ථාපනය කිරීමේ අරමුණ ඇතුව යි. ඒ අතර අසරණ වූ ටවර් රංගන ශිල්පීන්ට විශ්‍රාම මුදලක් මාසිකව ලබාදීමටත් කටයුතු කළා. මේ අසරණ කලාකරුවන්ට මාලිගාවත්ත මහල් නිවාසවලින් නිවාස ලබාදීමෙන් ද, ඔවුන්ට මාසික වශයෙන් පාරිතෝෂික මුදලක් පිරිනැමීමෙන් ද, ඔවුන් නාට්‍යවලට, සංදර්ශනවලට සහභාගි කරවාගෙන ඔවුන්ට කිසියම් ගෙවීමක් ලබාදීමෙන් ද ප්‍රේමදාස මැතිතුමා දැක්වූ අනුග්‍රහය බොහෝ දෙනා අගය කරනවා.


    qYT6VMI.jpg

    එවකට අගමැති ආර්. ප්‍රේමදාස මැතිතුමා

    ටවර් හෝල් රඟහල පදනම
    මේ අතර 1978 ඔක්තෝබර් 10 දින අංක 01 දරන පනත යටතේ ටවර් හෝල් රඟහල පදනම පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ක්‍රියාත්මක වූණා.

    ටවර් හෝල් රඟහල පදනම නවීකරණයකොට පවරාගැනීමෙන් පසු එහි වේදිකාගත කරන ලද ප්‍රථම නාට්‍යය සිරිසඟබෝ යි. ඊට පසු ශ්‍රී වික්‍රම, සමුද්‍රදේවී ආදී නාට්‍ය ද ඒ මඟින් නිෂ්පාදනය කෙරුණා. දියුණු නාට්‍ය සංස්කෘතියක් හා ගුණාත්මක නාට්‍ය පරිසරයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව, අංකුර හා තරුණ නාට්‍යකරුවන්ගේ නිර්මාණ එළිදැක්වීම සඳහා රංගශාලා පහසුකම් ලබාදීම ටවර් රඟහල පදනමේ අරමුණ යි. එමෙන්ම එහි නාට්‍යකරුවන් පුහුණු කිරීම් ද සිදුවෙනවා.





    ආශ්‍රිත මූලාශ්‍රයයන්:
    Sarasaviya.lk
    Dinamina.lk
    කොළඹ පුරාණය -සමන් කළුආරච්චි
    www.towerhall.lk
    කවරය- ටවර් රගහල -Colombo public librarary.blogspot.com
    උපුටා ගැනිම - අන්තර්ජාලය
     
    Last edited:

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    පියානෝගෙ පියානෝ හොඳ වැඩත් කරලා තියෙනවා නේහ්
    He has done many good things. Old People still memorize him as a great leader.
    but nothing is permanent so in the end R Premadasa , MR entered the dark selfish path put their reigns ends in very tragic way.

    Premadasa very keen on Gov. Institutions efficient.
    He always stand in common peoples side. and his punishments are very vicious. also very famous with anger issues.

    there is a popular opinion in common folks that peoples who surround him (Specially political influenced ones and Politicians) makes him corrupted so deep ultimately makes him can't walk out of it.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,663
    113
    TFS. මම මුලින්ම ඔතන බැලුවේ මනමේ වේදිකා නාට්‍යය. ටිකට් එක රුපියල් 25. අන්තිමට බැලුවේ සුනිල් එදිරිසිංහගේ සඳකඩ පහණ ගීත ප්‍රසංගය.