නුවර, පේරාදෙණිය යාලුවන්ගෙන් උදව්වක් ඕනේ...!
යාලුවනේ පේරාදෙණිය ප්රදේශයේ ගනේගොඩ දේවාලය නමින් දේවාලයක් තියෙනවද? කොළඹ ඉදන් එනවනම් එන්නේ කොහොමද කියල ඒ පැත්තේ ඉන්න යාලුවෙක් කියනවද?

දේවාලේ තියෙනවා.
කොළඹ නුවර පාරේ එන්න
පේරාදෙණිය ගලහා හන්දියට ඇවිත් ගලහා පාරට හැරෙන්න ( පේරාදෙණිය කැම්පස් එක මැදින් පාර තියෙන්නේ.
දිගටම කි.මි.4 ක් විතර ආපුවහම පාර දෙකට බෙදෙනවා. ගලහා පාර හා දොලුව හරහා ගම්පොල කියලා
දොලුව හරහා ගම්පොල පාරේ යන්න. කි.මි. 8 ක් විතර තියෙන්නේ. පාරට දකුණු පැත්තෙන්
වෙලක් මැද තියෙන්නේ. හොයාගන්න අමාරු නෑ. දොලුව පාරේ යන ගමන් පාරේ අයගෙන් අහන්න. ඕන කෙනෙක් දන්නවා

