නූතනයේ රැම්බෝ...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නූතනයේ රැම්බෝ...


    නූතනයේ රැම්බෝ...

    ලංකා දේශපාලනයේ සැබෑ මිතුරෝවත්, සැබෑ සතුරෝවත් නැත යන්න ප‍්‍රසිද්ධ කියමනකි. එදිනෙදා සිදුවන සෑම දෙයකින්ම එය ඇත්ත බව වඩ වඩාත් ඔප්පුවේ... සවස අරලිය ගහ මන්දිරයේ ආප්පයක් කා උදෑසන සිරිකොතට ගිය මෛතී‍්‍ර ද, හඩවමින් තිබූ ඝණ්ඨාරයේ බට්ටා (ගෙඩිය) ගලවගෙන ගිය වීරවංශ ද, ගල්ලෙන බිඳල එළියට බට එකා නැවතත් කූඩුවට ගොස් තුමූම කූඩූ වූ ගම්මන්පිල ද, අනේ අප්පච්චි කියා කකුලේ තෙල් ගගා සිට, පොඩි හාට් ඇටෑක් එකක් සෑදි සිහි නැති වූ පමණින් අප්පච්චි මලා - වළලමු යැයි කිව් පුතණ්ඩිලා ද ඔප්පු කරන්නේ ඒ යථාර්ථයයි.

    මේ සියල්ලටම වඩා මෙහි සැබෑ යථාර්ථය පෙන්වූ දෙන්නා රනිල් - මහින්දයි. කවුදෝ කියා තිබූ විදියට රනිල් - මහින්ද ඔවුන්ගේ දේශපාලන ඉතිහාසය පුරාවටම කළේ හොරා පොලිස් සෙල්ලමය. වරෙක මහින්ද පොලිස් වී රනිල් හොරා වේ. මහින්ද සෙල්ලමට දිගින් දිගටම රනිල්ට වෙඩි තියයි... රනිලූත් ඒවාට බිය වී බොරුවට සැංගේ... ඉන් පසුව රනිල් පොලිස් වී මහින්ද හොරා වේ... එවිට රනිල් බොරුවට හතර අතේ වෙඩි තියයි... මහින්ද සෙල්ලමට හැංගේ... අවසන දෙදෙනා ”අද සෙල්ලම මරු නේ” කියා අතට අත දෙති... කවදාවත් රනිල්ගේ ආණ්ඩුවේ මහින්දවත්, මහින්දගේ ආණ්ඩුවේ රනිල්වත් බෙල්ලට හිර නොවන්නේ ඒ නිසාය....

    ඉහත කී සියල්ලන්ම හොඳ එවුන් යැයි සිතන්නේ නූතනයේ රැම්බෝගේ වැඩකිඩ දැක්කාමය... දේශපාලනයේ සැබෑ වෛරකාරයෝ සිටින බවත්, රටට කෙළවුණත් වෛරය පිරිමැහේනම් ලැට් පෝච්චියේ හරි හොම්බ ඔබන්නට සූදානම් නූතන රැම්බෝ දකින විට අනේ අනිච්චං කියවෙන්නේය....

    කාළකණ්ණි යුද්දය අහවර වු සැනින් අප සිත්තුළ වීරයන් වූයේ මහින්දය, ඝෝඨාය, ෆොන්සේකාය, අණ දුන් බලඝණ නායකයින්ය... ඒත් පසුව තිස් වසරක යුද්ධයට වඩා විසඳා ගැනීමට අපහසු කාර්යය වූයේ සැබෑ වීරයා කවුද කියන එකාට සින්නක්කර ඔප්පුවක් ලියා දීමටය... එහිදී මහින්ද - ඝෝඨා - ෆොන්සේකා වීරයන් කෙසේ වෙතත් තී‍්‍ර ඉඩියට්ස් රෝල් එකකට මාරු වුණේ ජාතියේම අවාසනාවටය... මෙතැනදීත් වඩාත් කැපී පෙනුණ පෙරේත ඩයල් එක වූයේ ෆොන්සේකාය....

    ෆොන්සේකාට දේශපාලන වාක්‍යයේ ව්‍යාකරණය හරි හැටි නොතේරුණි... ඒ හින්දම ෆොන්සේකා ලංකා දේශපාලන කුණු කාණුවේ ඒ මේ අතට පැද්දෙන කඩදාසි බොට්ටුවක් විය.... ප‍්‍රසිද්ධ වේදිකාවේ කතා කරන විට කටට බ්‍රේක් නැති විය.... ලංකා ඉතිහාසයේ දැකීමට දුර්ලබ සැබෑ වෛරය දේශපාලනයට ගෙන ආවේය.... මහින්ද - ඝෝඨා සමග නොසංසිදෙන වෛරයක් පිරිමැසීමට දේශපාලන වේදිකාව භාවිතයට ගත්තේය... එහිදී රාජපක්ෂලාට කෙළ වෙනවා නම් ප‍්‍රභා වුව නැවත නැගිට්ටවීමට තරම් අකෘතඥ ජාතිද්‍රෝහියෙක් විය....

    මුල් කාලීනව ෆොන්සේකා බැන වදුණේ මහින්දට හා ඝෝඨාට පමණි... තමන් සෙබලූන් සමග සැබෑ යුද්දයක් කරද්දී රාජපක්ෂලා ලකුණු දාගත් බවක් කියමින් ඔහු පුරසාරම් දොඩමින් අන්තිමට සුදු කොඩි කතාවක් කියා ජාත්‍යන්තරය ද මේ කුණු දේශාපලනයට ගාව ගත්තේය... මේ වන විට ඔහු ජීවිතය පරදුවට තබා යුද්ධය දිනා දුන් හමුදා නායකයින් හා සෙබලූන් ද පාවා දෙමින් සැබෑ යුද විරුවා තමා බව පවසමින් කයිවාරු ගහන්නේය... ඔහු හැර යුද්දයට සම්බන්ධ වූ සියල්ලෝම අපරාධකරුවෝය... හාල්පාරුවෝය.... එහෙම බලපුවාම තිස් වසරක යුද්දයේ අවසානයට තිත තබා ඇත්තේ ෆොන්සේකා වන් මෑන් ෂෝ එකකිනි.... එනම් නූතනේ රැම්බෝ සිටින්නෙ ලංකාවේය... වෙනසකට තියෙන්නේ මෝටර්, රැම්බෝ පිහි, මැෂින්ගන් වෙනුවට ඇටෑක් එක දෙන්නේ කක්කුස්සි කටකින් වීම පමණි....

    ඊයේ වන විට ප‍්‍රභා මරා දිනාගත් යුද්දය ෆොන්සේකා විසින් තනිකරම පාවා දී අවසන්ය... ඒ සුමන්තිරන් මානව හිමිකම් කවුන්සිලයේ දී ෆොන්සේකා සාක්ෂියට ගනිමින් කතාවක් පැවැත්වීමෙන්ය.... ගමේ කොල්ලන් කෙල්ලන් දිවා රැ වෙහෙස වී අත් පා දන්දෙමින්, ජීවිතය පූජා කරමින් දිනාගත් ජයග‍්‍රහණය ඉදිරියටත් වලංගු වේ දැයි සැක සහිතය...

    සුමන්තිරන් මානව හිමිකම් කවුන්සිලය අමතා කළ කතාව හරි අපූරුය... ”ලංකාවේ යුද අපාරාධ සිදු වී ඇති බවත්, ඒ බව එවකට යුද හමුදාපතිව සිටි ෆොන්සේකා විසින්ම පිළිගෙන ඇති බවත්, එබැවින් මෙය සුලූකොට නොතැකිය යුතු බවත්, වහාම ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වා අහිංසක දෙමළ ජනතාවට සාධාරණය ඉෂ්ට කළ යුතු බවත්” ඉතා සංවේදි ලෙස ප‍්‍රකාශ කරමින් ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට ඔහු සමත් විය...

    අපි ජාතියක් හැටියට හරි අවාසනාවන්තය... ජාතියක් ලෙස නැගී සිටීමට සිටින සෑම විටකම එකෙක් කකුලෙන් ඇද්දේය... වඩාත් දුක හැම විටම කකුලෙන් ඇද්දේ මේ පොළවේ ඉපිද මෙහිම කා බී මෙහිම වැළලෙන අපේම එකෙක් වීමය... මේ වන විට යුද්දය විසින් අත්කර දුන් ජයග‍්‍රහණ සියල්ලක්ම ක්‍ෂය වෙමින් පවතී... සැබෑ වීරයන් වැළලෙමින්, වළා දමා තිබූ ප‍්‍රභා ඇතුලූ ම්ලේච්චයන් වීරයන් වෙමින් පවතී....

    මේ අවස්ථාවේ මෛතී‍්‍ර රනිල් සුසංයෝගිත යහපාලන ආණ්ඩුව මෙය නොදැක්ක සේ සිටීම පුදුමාකාරය... ඔවුන් විසින් මේ වාචාලයා සම්බන්ධයෙන් දැඞී තීරණයක් ගත යුතුය... ජාත්‍යන්තරයට ඇති තතු පහදා දී ප‍්‍රකාශයක් නිකුත් කළ යුතුය... එවිට මේ ගැටලූව මින් ඉදිරියට නොයනු ඇත.. මන්ද මෛතී‍්‍ර රනිල් කියන විදියට ජාත්‍යන්තරය ඔවුන් සමගය... ඔවුන් කියනා දේ අසනවාය... කොටින්ම කියතොත් ජාත්‍යන්තරය දිනාගෙන සිටින නායකයින්ය.... එබැවින් මෙය පහසුවෙන් කළ හැකි වනු ඇත....

    අනගාරික ධර්මපාල මරණ මංචකයේ දී ”මා නැවතත් ලංකාවේ නොඉපද වේවා” යැයි ප‍්‍රාර්ථනාවක් කළ බව ඇසූ කල ළමා කාලයේ දී මම පුදුම වීමි... රට වෙනුවෙන් මේ තරම් කැපවීමක් කොට ඔහු අවසන මේ තරම් රට ගැන ඔහුගේ කළකිරිම ගැන ඇති වූයේ තරහකි... දැන් නම් පුදුම වන්නේ නැත... මන්ද බත් කන කටින් අසූචි වළඳන එවුන් එදා ද සිටින්නට ඇතැයි අනුමාන කළ හැකි බැවිනි....

    pathfinder_PNG_Face.png


     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇත්තටම මචං ෆොන්සේකා මානසික ලෙඩෙක්.තරහකට කියනව නෙවෙයි. මිනිහට මානසික අවුලක් තියනවා. නැතන්ම් තමන්ගේ රටයි හමුදාවයි පාවල දෙයිද ?
    පුදුම බල තන්හාවක් තියෙන්නේ.ඒක නිසාම පොර මෙන්ටලි අවුල් ගිහිල්ල.. මම දැක්කා ජනපතිතුමා මෙයාව UN සමුලුවට එක්ක ගියේ නෑ කියලා ඒකටත් මොනාදෝ කියල තිබ්බ
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සමාජ ජාල වලින් තමයි බොරු පතුරන්න‍ෙ,අපි රට බෙදන්න‍ෙ නෑ,හමුදාව පාවා දෙන්නෙ නෑ,බුද්ධාගමට තියෙන තැන නැති කරන්නේ නෑ.ඊයේ ජනාධිපතිතුමා new york නුවරදී සපත කළා
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඇත්තටම මචං ෆොන්සේකා මානසික ලෙඩෙක්.තරහකට කියනව නෙවෙයි. මිනිහට මානසික අවුලක් තියනවා. නැතන්ම් තමන්ගේ රටයි හමුදාවයි පාවල දෙයිද ?
    පුදුම බල තන්හාවක් තියෙන්නේ.ඒක නිසාම පොර මෙන්ටලි අවුල් ගිහිල්ල.. මම දැක්කා ජනපතිතුමා මෙයාව UN සමුලුවට එක්ක ගියේ නෑ කියලා ඒකටත් මොනාදෝ කියල තිබ්බ

    මූ කොහොමත් අමු පිස්සෙක් කියලා මිනිස්සු දන්නවා..
    චන්ද පදනමක්වත් නැති මූට ඇමතිකම් දීල මේ ආණ්ඩුව නලවන්නේ ඇයි...? :confused:
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    "මන්ද බත් කන කටින් අසූචි වළඳන එවුන් එදා ද සිටින්නට ඇතැයි අනුමාන කළ හැකි බැවිනි...."​
    සහතික ඇත්ත......
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම දේශපාලණය ගැන දන්නෙ නෑ කිව්ව ෆොන්සේක 2010 පොදු අපේක්ෂකය කරේ කවුද?

    එකම පක්ෂෙ එකට හිටිය සිරිසේන ආප්ප කාල මහින්දලට කෙලවන්ඩ 2015 පොදු අපේක්ෂකය කරේ කවුද?

    අවුරුදු 20ක් පැරදි පැරදි හිටියෙ මල පෙරේතය කවුද?



    ආන් පස්න..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    යුධ අපරාධ කියන්නෙ මොනාද බං
    මේ ගොතයට ඒක එස්සෙල්ල පැහැදිලි කරල දියං
    ගොතය කිව්වෙ මට :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    අපේ රටේ යුද්දය විතරක් නෙමේ
    ඕනම රටක යුද්ධයක් තියෙන කොට දෙපාර්ශවය අතින් වෙන්ඩ පුලුවන් යුධ අපරාද මොනාද?
    බොර දියෙ මාලු බාන කට්ටියක් ඕනම සමාජෙක කොහොමත් ඉන්නවනෙ

    හැමෝම 100%ක් පිරිසිදු විදියට යුද්ධ කරන්නෙ නෑනෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    අපේ රටේ යුධ අපරාධ විතරක් කතා කරන එක වැරදියි
    ඇමරිකානු හමුදාත් ඕන තරං යුධ අපරාධ කරල ඇති...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,424
    113
    දැං උඹල හොඳයි කියන්නෙ එතකොට මහින්දටයි රන්ල්ටයි නේ.. :lol: