නූතන පටාචාරාවකගේ අදෝනාව
-=නූතන පටාචාරාවකගේ අඳෝනාව=-
යෙහෙළියක වී සිටිය කාලේ
ළඟම ළඟ මිතුරා උනා..
කලක් ගත වී සෙනෙහෙ වැඩි වී
මිතුරු කම් අපෙ දුර උනා..
අතින් අල්ලපු නුඹම දැන් දැන්
පපුව අල්ලන්ට උනා..
නුඹෙන් ලද මහ සෙනෙහෙ කන්දට
මගේ හිත අසරණ උනා..
මුවින් පිට වුනු මිහිරි වදනන්
මගේ සවනට සුව දෙනා..
මිතුරුකම් නම් අනේ කුමටද
සොඳුරි වෙන්නම් සැමදිනා..
මගේ දිවියම මගේ ශක්තිය
දිනෙන් දින මට නුඹ උනා..
නුඹත් කෙලිලොල් කමින් මගෙ හිත
කාමරේටම කොටු කලා..
වියරු වෙස් ගෙන යකෙකු මෙන් නුඹ
මගේ ඇඳි සළු පිළි උනා..
ඒ ලැබෙන්නෙ සෙනෙහෙ පහසයි
සිතා නුඹ හට රැවටුනා..
කැකුළු මල වෘකයෙකුගෙ දෑතින්
මෙලෙස එය විකසිත උනා..
පණ සිතා මා මගේ පණ ලඟ
කුලුඳුලේ ගැහැණිය උනා..
දිනත් සති ගොස් මාස ගත වී
කුසට කැටියක් පැමිණුනා..
කියන්නට මං නුඹට ඒ ගැන
ලැජ්ජාවකින් ඇඹරුනා..
මහත්තයෝ මගේ බඩේ නුඹගේ
ජීවයක් මට තියනවා..
දැනෙනවිට මට එහෙම හැඟුමක්
ඔයා ළඟ වගෙ දැනෙනවා..
නුඹට නොරිසුන් ඒ පුවත ගෙන
දිනෙන් දින මට සැර කලා..
පැටිය නුඹ හට බරක් වේ යැයි
නුඹ මටත් තරවටු කලා..
කාගෙ කාගෙත් ඇනු බැනුම් මැද
මගේ පව මා හිර කලා..
කිරි සුවඳ පිරි සොඳුරු හීනය
බලෙන් තොපි මට නැති කලා..
මාත් ආසයි අනේ දොස්තර
මාත් අම්මෙක් හිතාපල්ලා..
කපන කෑලි ගෙන ලේ පිටින්මම
මගේ මිනිහට කවාපල්ලා..
කපන කතුරට විශ එකතු කර
අනේ මාවත් මරාපල්ලා..
(මෙහෙම නොවෙනට පිරිමි සේරම
විනාඩියකට කියවපල්ලා.)
~සචී~
-=නූතන පටාචාරාවකගේ අඳෝනාව=-
යෙහෙළියක වී සිටිය කාලේ
ළඟම ළඟ මිතුරා උනා..
කලක් ගත වී සෙනෙහෙ වැඩි වී
මිතුරු කම් අපෙ දුර උනා..
අතින් අල්ලපු නුඹම දැන් දැන්
පපුව අල්ලන්ට උනා..
නුඹෙන් ලද මහ සෙනෙහෙ කන්දට
මගේ හිත අසරණ උනා..
මුවින් පිට වුනු මිහිරි වදනන්
මගේ සවනට සුව දෙනා..
මිතුරුකම් නම් අනේ කුමටද
සොඳුරි වෙන්නම් සැමදිනා..
මගේ දිවියම මගේ ශක්තිය
දිනෙන් දින මට නුඹ උනා..
නුඹත් කෙලිලොල් කමින් මගෙ හිත
කාමරේටම කොටු කලා..
වියරු වෙස් ගෙන යකෙකු මෙන් නුඹ
මගේ ඇඳි සළු පිළි උනා..
ඒ ලැබෙන්නෙ සෙනෙහෙ පහසයි
සිතා නුඹ හට රැවටුනා..
කැකුළු මල වෘකයෙකුගෙ දෑතින්
මෙලෙස එය විකසිත උනා..
පණ සිතා මා මගේ පණ ලඟ
කුලුඳුලේ ගැහැණිය උනා..
දිනත් සති ගොස් මාස ගත වී
කුසට කැටියක් පැමිණුනා..
කියන්නට මං නුඹට ඒ ගැන
ලැජ්ජාවකින් ඇඹරුනා..
මහත්තයෝ මගේ බඩේ නුඹගේ
ජීවයක් මට තියනවා..
දැනෙනවිට මට එහෙම හැඟුමක්
ඔයා ළඟ වගෙ දැනෙනවා..
නුඹට නොරිසුන් ඒ පුවත ගෙන
දිනෙන් දින මට සැර කලා..
පැටිය නුඹ හට බරක් වේ යැයි
නුඹ මටත් තරවටු කලා..
කාගෙ කාගෙත් ඇනු බැනුම් මැද
මගේ පව මා හිර කලා..
කිරි සුවඳ පිරි සොඳුරු හීනය
බලෙන් තොපි මට නැති කලා..
මාත් ආසයි අනේ දොස්තර
මාත් අම්මෙක් හිතාපල්ලා..
කපන කෑලි ගෙන ලේ පිටින්මම
මගේ මිනිහට කවාපල්ලා..
කපන කතුරට විශ එකතු කර
අනේ මාවත් මරාපල්ලා..
(මෙහෙම නොවෙනට පිරිමි සේරම
විනාඩියකට කියවපල්ලා.)
~සචී~
