දැන් කාලෙ ඉන්න බළල්ලු..... අනේ අම්මපා.....
රුන්නට වහන්නෙ නෑ..... නොවැ කම්මැලිකම..
ඒකටත් කුලී කාරයෙක් ඕන...
ඒකට අපේ කාලෙ... හාරගන්න පණ නැත්නම් රෙන්නෙත් නැහැ....
ආච්චිට මල පැනලා.. එයා එලියේ බුදුපහන තියලා වඳින්න වාඩිවෙන තැන බළලෙක් මළපහ කරලා වහලා නැහැ. තනකොළ උඩත් වසුරු කරනවා. ගෙදර බළල්ලු නැහැ. අසල්වැසි බළල්ලු තමයි මෙහෙම ඇවිත් ජරා කරලා යන්නෙ. ආච්චි තව්තිසාව ආසන්නයටම ඇවිල්ලා ඉන්නෙ කේන්තියටම. වසුරු ඉවත් කරත් වරුවක් විතර යනකන් දුර්ගන්ධය.
ගොඩක් වෙලාවට බලපු දෙයක් මෑත කාලෙ බළල්ලු වසුරු කරන්න කලින් වලක් හාරන්නෙ නැහැ. ඕන තැනක වැලි පොලව, පස් ගොඩ, කොන්ක්රීට් ගල්, ස්ලැබ් ඕන මගුලක කිසිම කැතක් කුනක් නැතිව බෙට්ට හලලා මාරු වෙනවා.
ඒකට ඉස්සර වත්තෙ පොළව බුරුල් තැනකට ගිහිල්ලා පොඩි වලක් හාරලා ඒකට මළපහ කරලා වහලා මොකුත් නොවුනා වගේ මාරු වෙන සංස්කෘතිය උඩුයටිකුරු වෙලා. මහගෙදර වත්තෙ පර් චස් කාලක් විතර බළලුන්ටම වෙන් කරලා තිබ්බා මතකයි... අනුන්ගෙ බලළ්ලු මේවගේ අනුන්ගෙ තැන්වලට රිංගලා කරන වැඩේ නවත්තන්නෙ කොහොමද? උන් විකර්ෂනය වෙන මොනවහරි දේවල් තියනවද... ගේට්ටුව වහලා තිබ්බත් තාප්පෙ උඩින් වහල උඩින් ඇවිල්ලා හලල යනවා. සමහර වෙලාවට වහලෙත් බළල් බෙටි. ශීට් රත් වෙද්දි උහුලන්න බැහැ කර ගඳ. මේ වදෙන් බේරෙන්න උගුලක් අටවන්න පුලුවන්ද.... දන්න කෙනෙක් උපදෙසක් දෙන්න....


