නූතන_කාන්තාවන්_තැති_ගන්වන_අතීත_රූපලාවන්‍

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
නූතන_කාන්තාවන්_තැති_ගන්වන_අතීත_රූපලාවන්‍

රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයද මේ වන විට වෛද්‍ය විද්‍යාවේ හා තාක්ෂණයේ බල මහිමයෙන් කුළු ගැන්වුණු සංකීර්ණ ක්‍ෂේත්‍රයක් බවට පත්ව හමාරය. හිසේ සිට පාදාන්තය දක්වා රුව ඔප්නැංවීම සඳහා සිදුකෙරෙන රූපලාවන්‍ය සත්කාර යනු තවදුරටත් සරල ආ‍ලේපනයන්ට සීමා වූවක් පමණක් නොවේ. රසායනික ක්‍රම මගින් සිදුකෙරෙන සම සූරා දැමීම්, රසායනික නික්ෂේපණ ආදිය පිළිබඳ සැලකූ කල රුව ඔප් නැංවීම සඳහා මෙබදු භයානක අන්තයන්ට යෑම යනු නූතනයට සීමා වූ සංසිද්ධියක් ලෙස අප සිතුවද එය කිසිසේත්ම වර්තමානයට ආවේණික වූවක් නොව ඈත අතීතයක සිට පැවැතෙන්නක් බව විමසුම් සහගතව සිදුකෙරෙනු ලබන හැදෑරීම්වලදී පෙනී යන්නකි. එනම් කාන්තාවන් යනු අතීතයේ පටන්ම රුව අලංකාරය සඳහා ලොව පවතින අසාමාන්‍ය ක්‍රමවේදයන් සොයායාමට පෙළඹුණු පිරිසක් බවයි. මෙහි දැක්වෙන මෙම දුටුවන් බිය ගන්වන රූපලාවන්‍ය සත්කාරයන් දුටු කල සිය රුව වර්ධනය කර ගැනීම කෙරෙහි අසාමාන්‍ය උනන්දුවක් දක්වන විසිඑක්වන සියවසේ ආටෝපකාරී වනිතාවන් වුවද තැති ගැනීමට ලක්වනවාට සැක නැත.

01. ජලය පිරවිය හැකි ප්ලාස්ටික් අයිස්කැට සවිකරන ලද මෙම මුහුණු ආවරණය මුහුණු සිසිල් කිරීමේ “ෆේස් පැක්” වර්ගයක් ලෙස ක්‍රියාකරන්නක් වන අතර භාවිතයට පෙර අධිශීතකරණයේ තැබිය යුතු මෙය රාත්‍රී සාදායන්ට සහභාගි වීමට ප්‍රිය කළ හතළිහ දශකයේ හොලිවුඩ් තාරකාවන් අතර ප්‍රචලිත වූවකි.

beauty_shops_at_the_beginning_of_the_20th_century_640_high_05.jpg


02. පැල්ලම් කැලලි රහිත සුසිනිඳු සමක් ලබා ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළෙන තිහ දශකයේ වනිතාවන් අතර ප්‍රචලිත වූ මෙම “චූෂණ යන්ත්‍රය” සතුව රික්තක ‍පොම්පයකට රැහැන් මගින් සම්බන්ධ කළ වීදුරු නැසින්නයන්ගෙන් යුතු රබර් නළ කිහිපයක් විය. මුහුණේ සමට තදින් ඇලී පැවැති කැලලි ආදිය මෙමගින් ඉවත් කෙරිනි.

beauty_shops_at_the_beginning_of_the_20th_century_640_10.jpg

03. ශරීරයේ බර අඩුකර ගැනීම සඳහාම සකස් කෙරුනු විවිධාකාර උපකරණ සහිත රූපලාවන්‍ය ආයතන හතළිහ දශකයේ ජනප්‍රිය අංගයන් විය. සම්පූර්ණ ශරීරයම සේම දෙපාවලට පමණක් සම්බාහනය ලබාදෙන ලෝහමය රෝලරයන් සහිත පුටු මේවායේ අනිවාර්ය අංගයන් විය.


beauty_shops_at_the_beginning_of_the_20th_century_640_high_03.jpg


04. අව්ව තැපීමේදී සැඩ හිරු රශ්මියෙන් දෑස් පමණක් නොව නාසයද ආරක්ෂා කරගනු සඳහා උපැස් යුවළටම සම්බන්ධකොට තැනුණු මෙම් විශේෂිත නාස් ආවරණය තිහ දශකයේදී නිර්මාණය කෙරුනකි.


article-2358512-1AB6154F000005DC-995_634x782.jpg


05. ශරීර බර අඩුකර ගනිමින් සිහින් ශරීරයකට හිමිකම් කීමට වෙසෙසින්ම යොදා ගැනුණු මෙම “කම්පන උපකරණය භාවිතයේදී සිදුවනුයේ ශරීරය” කම්පනය කොට පේෂී සංකෝචනය වීමට සලස්වා කැලරි දහනය කිරීමය.
article-2358512-1AB38320000005DC-784_634x689.jpg




06.ලෝහ දුන්නක දෙකෙළවර ගෙලට හා පාදයට සවිවන සේ රෙදි පටි යොදා සැකසූ ශරීරයේ මනා හැඩය පවත්වා ගැනීමට තිහ දශකයෙහි යොදාගත් උපකරණයකි.


article-2358512-1AB3839D000005DC-892_634x855.jpg
07. සිනාසෙන විට වලගැසෙන කම්මුල් යනු උත්පත්තියෙන් හිමිවන්නක් වුවද 1936 වසරේදී කෘත්‍රිමව එබඳුවළ ගැසීම් ඇති කර ගැනීමේ අරමුණින් නිර්මාණය කළ මෙම විශේෂිත දුන්න සිය හකුපාඩා වටා පැළැඳීම මගින් එවැන්නක් ලැබේ යැයි අපේක්ෂා කිරීම ඇත්තෙන්ම විහිළුවක් නොවන්නේද?



article-2358512-1AB6158D000005DC-452_634x869.jpg




08. හතළිහ දශකයේදී භාවිතා වූ මෙ විශේෂිත රූපලාවන්‍ය සත්කාරක හිස්වැසුම මගින් හිස වටා වූ වායු කලාපයේ පීඩනය අඩුකිරීම මගින් කොපුල්වලට රෝස පැහැයක් ලබාදීම අපේක්ෂා කෙරිනි. ඒ කඳුකර කලාපයේ සක්මනකට යාමෙන් පසුව ශරීරයේ පැහැය වෙනස්වීමේදී බලපාන පාරිසරික තත්ත්ව කෘත්‍රිමව ඇති කිරීමට ගන්නා ලැබූ උත්සාහයකි.



article-2358512-1AB6157D000005DC-555_634x829.jpg


09. බැලූ බැල්මට බිය උපදවන සුළු මෙම අසාමාන්‍ය අන්දමේ ශීර්ෂාවරණය 1940දී බිහිවූවකි. එය විදුලි පරිපථයකට සම්බන්ධ කරනු ලඳුව හිස හා මුහුණු උණුසුම් කිරීමට යොදා ගන්නා ලද්දේ රුධිර සංසරණය ක්‍රමවත් කිරීම මගින් සමට නැවුම්බවක් ලබාදීම සඳහාය.

article-2358512-1AB3606F000005DC-860_634x745.jpg


10. රැලි සහිත කේශ කලාපයක් ලබා ගැනීමේ අරමුණින් අතීත කාන්තාවන් රත්කරන ලද මෙබඳු කුඩා දැති අඬුවල සිය කෙස් රඳවා ගනිමින් අඛණ්ඩව පැය කිහිපයක් වුවද ගත කිරීමට නොපසුබට වූහ.





article-2358512-1AB36032000005DC-280_634x490.jpg

11. මුහුණේ පිහිටන රතු පැහැති කැළැල් කාබන්ඩයොක්සයිඩ් ආධාරයෙන් ශීත කිරීම ලක් කිරීම තිහ දශකයේදී රූ සපුව අලංකරණය කිරීමෙහිලා උනන්දු වූ වනිතාවන් අතර ප්‍රකට වූවකි. මෙම පිළිවෙතේදී අදාළ පුද්ගලයාගේ ඇස් හා නාස් කුහරයන් සම්පූර්ණයෙන්ම වසා තැබිම සිදු කෙරෙන නිසාවෙන් සත්කාරයට ලක්වන මුළු කාලය තුළදී අදාළ පුද්ගලයාට ශ්වසනය කිරීමට සිදුවන ලද්දේ මුවේ රැඳවූ බටයක් ආධාරයෙනි.

article-2358512-1AB35C5C000005DC-673_634x742.jpg


විස්තර ගත්තේ "ලක්බිමෙන්"


 
Last edited: