නෙතඟ කඳුළු කැට
නෙතඟ කඳුළු කැට පුරවා ලියනෙමි
මාගේ අවසන් පෙම් කවිය....
ඔබව දුටුව දින මා අත පැතුවෙමි
ඔබ විය මාගේ සඳවතිය....
ඈතට ඇදෙනා පවනත් පවසයි
මාගේ සුසුමන් දිගු වැඩිය....
එනමුත් තව තව ඔබව පතන්නට
හදවත පවසයි හිතවතිය.......//
මිරිඟුව දක්නට මෙන් මා හදවත
ඔබව පතයි සැනසුමක් නොදී....
ඔබව දකින්නට මාගේ නෙත් දෙක
ඔබව සොයයි මට සවන් නොදී....
එනමුදු ඔබෙ අත ගන්නට නොහැකිව
මා අද හඬනෙමි දුරක ඇදී....
ඔබ නොදනියි තවමත් එය සොඳුරිය
ඔබ හිනහෙයි අද මගෙන් මිදී......//
නෙතඟ කඳුළු කැට පුරවා ලියනෙමි
මාගේ අවසන් පෙම් කවිය....
ඔබව දුටුව දින මා අත පැතුවෙමි
ඔබ විය මාගේ සඳවතිය....
ඈතට ඇදෙනා පවනත් පවසයි
මාගේ සුසුමන් දිගු වැඩිය....
එනමුත් තව තව ඔබව පතන්නට
හදවත පවසයි හිතවතිය.......//
මිරිඟුව දක්නට මෙන් මා හදවත
ඔබව පතයි සැනසුමක් නොදී....
ඔබව දකින්නට මාගේ නෙත් දෙක
ඔබව සොයයි මට සවන් නොදී....
එනමුදු ඔබෙ අත ගන්නට නොහැකිව
මා අද හඬනෙමි දුරක ඇදී....
ඔබ නොදනියි තවමත් එය සොඳුරිය
ඔබ හිනහෙයි අද මගෙන් මිදී......//



