නෙත් එෆ්.එම්. එකේ ගේම..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,960
    113
    නෙත් එෆ්.එම්. එකේ ගේම..


    මුන් මචං මාර ගේම් ගහන්නේ..මරු චැනල් එක..



    14241412_335259336815866_4966563414273175952_o.jpg






    අත්අඩංගුවේ සිටිය දී පලා යාමට තැත් කළ බව කියන එල්. ටී. ටී. ඊ. සැකකරුවෙකු වෙඩි තබා මරණයට පත් කළේ යැයි වරදකරු වූ හමුදා සාමාජිකයාට සාධාරණයක් ඉටු කිරීමට කිසිවෙකුත් මැදිහත් නොවන බවට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අද (06) චෝදනා කළා.

    අද පැවති මාධ්‍ය හමුවට එක් වූ එහි කැඳවුම්කරු මේජර් අජිත් ප‍්‍රසන්න සඳහන් කළේ “මම අහන්නෙ මෛත්‍රිපාල ජනාධිපතිතුමාගෙන්. ඔබතුමාට බෝම්බෙ තිබ්බ කොටියට සමාව දෙන්න ඔබතුමාට පුළුවන් වුණා. හැබැයි යුද රණවිරුවන්ට කොටි වෙනුවෙන් වන්දි ගෙවන්න වෙලා. ජනාධිපතිවරයා සමාව දෙනවද මේජර් විමල් වික්‍රමගේට. නෑ.. ඇයි ඒ.. සහජීවනයට බාධා වෙනවා.” යනුවෙනි.

    ල්.ටී.ටී.ඊයට සම්බන්ධ බවට අත්අඩංගුවට ගත් මෙම සැකකරු 1998 වසරේ පේදුරු තුඩුව යුද හමුදා කඳවුරේ රඳවා සිටිය දී අත්විලංගු සහිතව පලා යාමට උත්සහ කර තිබුණා. මෙම සැකකරුට අපරික්ෂාකාරී ලෙස වෙඩි තබා ඔහුගේ මරණය සිදු කළ බවටයි විශ‍්‍රාමික මේජර් විමල් වික‍්‍රමගේට චෝදනා ගොනු කර තිබුණේ.

    ඊට වරදකරු වූ ඔහුට ඉකුත් 31 වැනිදා වසර දෙකක සිර දඬුවමක් පනවා එය වසර දහයකට අත්හිටවනු ලැබුවා. මීට අමතරව මරණයට පත් වූ පුද්ගලයාගේ පවුලේ ඥාතීන්ට රුපියල් ලක්ෂ විස්සක වන්දියක් ගෙවන ලෙසට ද නියෝග කෙරුණා.

    කෙසේ වෙතත් එම වන්දිය ගෙවීමට විශ‍්‍රාමික මේජර් විමල් වික‍්‍රමගේට සහය දැක්වීම සියලු දෙනාගේ යුතුකමක් බවයි මේජර් අජිත් ප‍්‍රසන්න අද පැවසුවේ.
    මේ අතර විශ‍්‍රාමික මේජර් විමල් වික‍්‍රමගේ නිදහස් කර ගැනීම සඳහා ගෙවිය යුතු වන්දි මුදලට දායකත්වය ලබා දීමට නෙත් එෆ්. එම්. රේඩියෝව තීරණය කර තිබෙනවා. එහි පළමු අදියර ලෙස රුපියල් ලක්ෂයක මූල්‍යාධාරයක් නෙත් එෆ්.එම්. රේඩියෝවේ දිරිය නෙත් සමාජ සත්කාරක අරමුදල යටතේ අද ප‍්‍රදානය කරනු ලැබුවා.

    එම කටයුතු සඳහා ඔබට ද දායක විය හැකියි. ඒ සඳහා ඔබේ පරිත්‍යාග සම්පත් බැංකුවේ බොරැල්ල ශාඛාවේ දිරිය නෙත් ගිණුමට බැර කළ යුතු වනවා. එහි ගිණුම් අංකය වන්නේ 000 460 002 117.



    බම්ප් එකක් දාගෙන යමන් මචං...

     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොද වැඩක් .....මහින්ද මහත්තයට කිවුවනම් ඕක දෙයි සුටුස් ගාලා
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    හොද වැඩක් .....මහින්ද මහත්තයට කිවුවනම් ඕක දෙයි සුටුස් ගාලා

    dei paka :lol: unge gamana issarahata yanna vitarai okun ranaviruwo allan dagalanne. ranaviruwonge pitin chanda kiyak nm dinnada :growl:
     
    • Like
    Reactions: Smartm

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    dei paka :lol: unge gamana issarahata yanna vitarai okun ranaviruwo allan dagalanne. ranaviruwonge pitin chanda kiyak nm dinnada :growl:

    දෙන්න පුළුවන් එත් මෙහෙම කරහම මර්කර්ටින්ග් පාර වැඩි ....හොද හොද මඩේ දන්න ඕනිනේ
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    හොද වැඩක් .....මහින්ද මහත්තයට කිවුවනම් ඕක දෙයි සුටුස් ගාලා

    මහිනද ඕකට දුන්නොත් පොරව ආයෙත් FCID එකට අරගෙන යයි
    :dull: