නෙත් FM එකට ගිය අපේ ගේම් එක

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නෙත් FM එකට ගිය අපේ ගේම් එක

    ලංකාවේ පරිගණක ක්‍රීඩා රසිකයන් අතර ජනප්‍රිය ක්‍රීඩාවක් වන GTA San Andreas මෙයට කලකට පෙර අන්තර්ජාලයෙන් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සමග එක්ව ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි Multi Theft Auto හදුන්වා දෙන ලදී. එම ක්‍රීඩාව ලාංකික ක්‍රීඩකයන්ට වඩාත් සමීප කිරීමේ අදහසින් ලංකාවේ තරුණයන් පිරිසක් විසින් වසර 4ක කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන, ලංකාවේ ඇඳුම් පැළඳුම්, හා වාහන එක්කොට ප්‍රතිනිර්මානයකොට තිබේ.

    ගෝල්ෆේස්, ලෝක වෙළඳ මධ්‍යස්ථානය වැනි ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන මෙම ක්‍රීඩාවේ Map එක තුල අන්තර්ගත වන අතර ඉදිරියේදී තවත් කොළඹ නගරය ආශ්‍රිත ස්ථාන එයට එක්කිරීමට නියමිතය. එමෙන්ම එම ක්‍රීඩාව තුල අවුරුදු උත්සව, බීච් පාටි වැනි ඉසව් සංවිධානය කිරීමත් එම ඉසව් වලින් ජයගර්හානය කරන ක්‍රීඩකයන් හට ත්‍යාග ලබාදීමටත් මෙම ක්‍රීඩාවේ නිර්මාණය කළ පිරිස් කටයුතු යොදා තිබේ.

    ලංකාවේ අලුත් කාර් මොඩ්ස් එක්ක ඩ්‍රයිව් කරන්න, ජොබ් කරලා සල්ලි හොයන්න, ඒ සල්ලි වලින් කෑම බිම, ගෙවල්, වාහන වගේ තව ගොඩක් දේවල් මිලදී ගන්න, අනිත් කට්ටිය එක්ක චැට් කරන්න කතා කරන්න, අලුත් යාලුවෝ අදුරගන්න, පාටි දාන්න, සිංහල රේඩියෝ අහන්න, යාළුවොත් එක්ක රේස් යන්න, කඳු නගින්න වගේ දේවලුත් එක්ක හිම වැටෙද්දී වාහන එළවන් යන්න, ගංවතුර සුනාමි වගේ ස්වාභාවික විපත් වලට මුහුණ දෙන්න, සොම්බි ඇටැක් වලින් බේරෙන ගමන් යාළුවොත් එක්ක එකතු වෙලා සොම්බින්ව හන්ට් කරන්න වගේ තවත් බොහෝ දේ මෙම ක්‍රීඩාව ඇතුලතදී ලංකාවේ බොහෝ පිරිසක් සමග ඔබට අත් විඳීමට හැකියි.


    1HVb569.jpg

    1KQWlLu.jpg

    6p3Gmof.jpg

    7nNGtIe.jpg

    8F5khEv.jpg

    fTOONpd.jpg

    G8hF9Bq.jpg

    hv2ibUs.jpg

    Mu6hHqc.jpg

    P51oEls.jpg

    rWj6MHA.jpg

    SwMk0Ki.jpg


    මෙම ක්‍රීඩාව ඔබගේ පරිගණකයට ලබාගන්නා ආකාරය පහතින් බලන්න

    ඔබේ සතුව San Andreas නොමැතිනම් පහල තියෙන ලින්ක් එකට ගිහින් ගේම් එක Download කරගන්න. (671MB)


    https://goo.gl/cZDfMO

    ඊට පස්සේ San Andreas multiplayer play කරන්න අවශ්‍ය වෙන MTA Software එක මෙතනින් Download කරගන්න (45MB)

    https://www.multitheftauto.com/

    මුලින්ම San Andreas ගේම් එක install කරගෙන ඊට පස්සේ MTA Software එක install කරගන්න. (MTA Software එක install කරන විදිය බලන්න.


    https://www.youtube.com/watch?v=w9y4ttYUBUA&feature=youtu.be

    දැන් MTA එක Open කරගෙන එකේ Server browser එකට ගිහින් පහල තියෙන Server Address වලින් ඕනෑම එකක් copy කරගන උඩ address bar එකේ Paste කරලා (Ctrl+V) දකුණු පැත්තේ Connect Button එක ඔබන්න..


    Server Addresses

    Free roam Server - mtasa://mta.server.online.lk:22003
    - මේ Server එකට ආවම තමයි ලිපියේ සඳහන් කරලා තියෙන දේවල් ඔයාට අත්විඳගන්න පුළුවන් වෙන්නේ... ඒ වගේම F1 ඔබල ඔයාලට ඕන වාහන,ස්කින්, වගේ දේවල් ගන්න පුළුවන්. F9 ඔබල හෙල්ප් පැනල් එකට යන්න පුළුවන්

    Stealth Server -mtasa://mta.server.online.lk:22004
    - මේ Server එකට ආවම ඔයාලට තියෙන්නේ ඔයාල හැමෝම දන්න COD වගේ Team දෙකකට බෙදිලා වෙඩි තියාගන්න.. එකේදී හොඳම Shooter Rank වෙනවා වගේම අවුරුද්දට කිහිපවතාවක් පවත්වන Stealth Tournament වලින් ජයග්‍රහණය කරනු ලබන Team වලට තෑගි ප්‍රදානය කරන්නත් මේ අය කටයුතු කරනවා.

    Multi Mission Server - mtasa://mta.server.online.lk:22005
    - මේ Server එකට පැමිණෙන ඔයාලට පුළුවන් වෙනවා රේසින් ගේම්,Shooting ගේම්, Capture the Flag, Flight Racing වගේ ගොඩක් වර්ගවල gaming අත්දැකීමක් ලබාගන්න.

    පළමු වතාවට Server එකට ආවම පලවෙනි පාරට විතරක් පොඩි ඩේටා ෆයිල් එකක් Download වනු ඇත. T අකුර ඔබල කට්ටිය එක්ක චැට් කරන්න පුළුවන්. මේ ගේම් එක ප්ලේ කරද්දී පැයකට 10-20MB අතර වගේ බොහොම සුළු ඩේටා ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ.ඒ වගේම 2G connection එකකින් පවා ලැග්වීමක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන්.

    මේ සම්බන්ධ වැඩි විස්තර ඔබට පහත ෆේස්බුක් ලිපින ඔස්සේ දැනගත හැක.


    SLMTA FB Group -https://www.facebook.com/groups/mtasa
    SLMTA Fan page -https://www.facebook.com/MultiTheftAutoSanandreas

    Source - http://offair.nethfm.com/article/30053
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,095
    113
    ඉස්සරනම් ගේම් ගැහුවා බං.ගේම්ස් වලට සැහෙන්න වියදම් කරා..දැන් නම් කිසිම ඉන්ටරෙස්ට් එකක් නෑ..බම්ප්.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බම්ප්

    ela wadak


    ඉස්සරනම් ගේම් ගැහුවා බං.ගේම්ස් වලට සැහෙන්න වියදම් කරා..දැන් නම් කිසිම ඉන්ටරෙස්ට් එකක් නෑ..බම්ප්.

    ela ela machan,issarahata hoda ewa hadamu :)

    එල බන් :cool:



    sthuthi machanlaa... :D:D