නෙල්සන් (111)

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    නෙල්සන් (111)

    ක්‍රිකට් ක්‍රීඩාවේත් විවිධ මතිමතාන්තර තිබෙනවා, එයින් එකක් තමයි නෙල්සන් කියන්නේ. කණ්ඩායමක් හෝ ක්‍රීඩකයෙක් ලකුණු 111 ලබාගත්තාම දැවී යාමේ සම්භාවිතාවය වැඩි කියලා තමයි කියන්නේ. නමුත් එවැන්නක් වෙන්නේ ඉතාමත් කලාතුරකින්. එංගලන්ත වැසියන් අතර විශ්වාසයක් තිබෙනවා මේ 111 එනම් නෙල්සන් කියන ඉලක්කම සහ එහි ගුණාකාර අසුභ ලකුණක් කියලා. 222 - double nelson හා 333 එයින් ප්‍රධානයි.

    3401435924_6be8377037_b.jpg

    Horatio Nelson

    Horatio Nelson කියන්නේ බ්‍රිතාන්‍ය සටන් විරුවෙක්. ඔහු ලබාගත් ජයග්‍රහණ අතරින් Copenhagen, the Nile, Trafalgar යන සටන් විශිෂ්ටතම ඒවා වුනා. ඒවා සියල්ලම ජයග්‍රහණයකින් අවසන් වූ නිසාත් ඔහුගේ අවසන් කාලය වනවිට එක ඇසක්, එක පාදයක් සහ එක අතක් අහිමි වූ නිසාත් ඉහත නම පටබැඳුණ බවක් කියවෙනවා.

    ක්‍රිකට් ක්‍රීඩාවේදී 111 යන්න ලකුණු පුවරුවේ සටහන් වෙද්දී එක්තරා සුප්‍රසිද්ධ විනිශ්වකරුවෙක් ඉන්නවා එක කකුලකින් සිටගනිමින් එය නිරූපණය කරන. ඔහු මීට වසර කිහිපයකට උඩදී මියගිය ඩේවිඩ් ෂෙපර්ඩ් නමැති කා අතරත් ප්‍රසිද්ධ විනිසුරුවරයයි. ඔහු වරක් නෙල්සන් ගැන අදහස් කිහිපයක් දුන්නා මෙහෙම,

    10519510_287079188168144_2048920034831441936_n.jpg


    10322451_287079321501464_4100823896094589782_n.jpg


    "I always believed it was one eye, one arm, one ******, because they reckoned Nelson was one short down below as well. But I always say one eye, one arm and one lump of sugar in his tea."

    "Nelson's always been an unlucky number. Whether it's 111 because of the three stumps, I don't know. It's just a tradition in English cricket."

    ෂෙපර්ඩ් විනිසුරුවරයාට මේ එක කකුලෙන් සිටගෙන විනිශ්වය දෙන අදහස ආවේ ඔහු ප්‍රාන්ත තරග සදහා ක්‍රීඩා කරද්දී. 1985 එග්බස්ටන් ටෙස්ට් තරගයේදී ඔහු එවැන්නක් කළා විනිසුරුවරයෙක් ලෙස ඔහුගේ දෙවන ටෙස්ට් තරගය සදහා විනිශ්වය දෙද්දී. මොහුගේ මෙම ක්‍රියාව දැකපු පුද්ගලයෙක් කිව්වේ `Watch this idiot when the score gets on 111.'

    11/11/2011 වැනිදා එක්තරා ටෙස්ට් තරගයක් තිබ්බා කේප්ටවුන් නගරයේදී. එහිදී තරග කලේ දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාවයි. මේ තරගයේදී පෙරවරු 11:11 ට ලකුණු පුවරුව දැක්වුණේ දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය සදහා ලකුණු 111 ක් අවශ්‍ය ලෙසයි.

    ලංකාවේ ක්‍රීඩකයෙක් ඉන්නවා 111 සංඛ්‍යාව එක්ක ලොකු සම්බන්ධකමක් තියෙන. ඒ තරංග පරණවිතාන, පරණවිතාන කියන්නේ ලංකාවේ ටෙස්ට් වරම් හිමිවූ 111 වෙනි ක්‍රීඩකයා, 24/11/2014 ඔහු ටෙස්ට් ඉනිමක රැස්කරගෙන ඇති වැඩිම ලකුණු ගණනත් 111.

    https://www.facebook.com/donbradm/posts/287079611501435