මෙම thread එකේ සඳහන් "නෙලුම් කුළුණ සරුංගල් අරින්නද බොල ...." යන ප්‍රකාශය කල මෝඩයා කවුරුදැයි නොදනිමි. එහෙත් ඔහුට දිව යුතු පිළිතුර නම්,
නෙළුම් කුළුණ (නැතහොත් කොළඹ නෙළුම් කුළුණ) , ශ්‍රී ලංකාවේ, කොළඹ නගරය තුල ඉදි කරමින් පවතින [1] මීටර 350 ක් උසැති කුළුණක් වන අතර, මෙය නෙලුම් පොහොට්ටුවක හැඩ ඇති නිසා "නෙලුම් කුලුණ" ලෙස නම් කෙරේ. කොළඹ බේරෙ වැව අසල ඉදිකිරීමට යෝජිත මෙම කුලුනේ ඉදි කිරීම් පිරිවැය ඈඩො මිලියන 104.3 ක් පමණ වන අතර, එම වියදම මහජන චීන ජනරජය සතු එක්සිම් (EXIM) බැංකුව මගින් දරනු ලැබේ.[2] මෙම කුලුන නිර්මාණය කිරීම විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් කරනු ලබයි. [3] මුලදී මෙම කුළුණ පෑලියගොඩ නගරයේ ඉදි කිරීමට සැලසුම් කලත් පසුව රජය විසින් එය වර්ථමාන ස්ථානය කරා රැගෙන එන ලදී.[4] කුළුණ ඉදි කල පසු එය දකුණු ආසියාවේ උසම ඉදි කිරීම වනු ඇත.
කුළුණේ ඉදි කිරීම් පිළිබඳ ගිවිසුම් කටයුතු 2012 ජනවාරි 3 න් වන දින (TCRSL) හි අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා ඈතුළු පිරිස විසින් සිදු කරන ලදී.[7] පා. ම. බැසිල් රාජපක්ෂ මහතා විසින් 2012 ජනවාරි 20 වැනි දින කොළඹ නෙළුම් කුළුණ සඳහා මුල්ගල තබන ලදී. කුළුණ කොළඹ 10, D. R. විජයවර්ධන මාවතේ බේරෙ වැව ට මුහුණලා ඉදි කෙරේ.[8] කොළඹ නෙළුම් කුළුණේ මූලික ආදායම් මාර්ග වනු ඈත්තේ සංචාරක ව්‍යාපාරය සහ සම්ප්‍රේෂණ ඈන්ටනා බදු දීම වේ. මෙම කුළුණට ගුවන් විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ ඇන්ටනාවක් ලෙස ක්‍රියාත්මක වීමට හැකියාව පවතින බැවින් රූපවාහිනී සේවා 50 කටත් ටෙලිසන්නිවේදන සේවා ආයතන 20 කටත් පහසුකම් සැපයීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.
ඉදි කිරීම් ආකෘතිය නෙළුම් මලක හැඩයට සමාන වේ. නෙළුම් මල මගින් ශ්‍රී ලංකා සංස්කෘතියෙහි නිර්මලත්වය, සශ්‍රීකත්වය සහ දියුණුව පිළිබදව අර්ථ ගන්වයි. කුළුණේ පාදම සඳහාද නෙළුම් මලක හැඩය යොදා ගැනේ. කුළුණ සඳහා රෝස හා ලා කහ පැහැයට හුරු වර්ණ යොදා ගැනීමට අපේක්ෂා කෙරේ.
කුළුණ මීටර 350 ක් උස වන අතර වර්ග මීටර 30,600 ක වපසරියකින් යුක්තයි.[9]
කුළුණට ඇතුළු වීම සඳහා දොරටු 4 ක් පවතින අතර ඉන් 2 ක් විශේෂ අමුත්තක් සඳහා වෙන් වේ.
ප්‍රධාන බඳ
විදුලි සෝපාන 5
නෙළුම් මල
පළමු හා දෙවන තට්ටු
රූපවාහිනී හා ගුවන් විදුලි හා ජංගම දුරකතන ආයතන
තුන්වන තට්ටුව
උත්සව ශාලාව
හතරවන තට්ටුව
කරකැවෙන ආපනශාලාව 4 වන
පස්වන සහ හය වන තට්ටු
නඩත්තු අංශ
හත්වන තටිටුව
7 වන මහලේ නිරික්ෂණ වේදිකාව වේ.
ඒ බුද්ධිමතාට පිළිතුර ලබා දුන්නේ : https://si.wikipedia.org/wiki/නෙළුම්_කුළුණ