නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට දුන්නේ ඇයි?
නෙවිල් ප්‍රනාන්දු රෝහල එහි හිමිකරු විසින් රජයට පවරා දී තිබේ. එය අගෝස්තු 1දා සිට රජයේ ශික්ෂණ රෝහලක් ලෙස සෞඛ්‍ය සේවා ආරම්භ කරනු ඇත. ඉදිරි කාලයේදී රාජ්‍ය - පෞද්ගලික ව්‍යවසායක් බවට පත් වීමට නියමිත සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශික්ෂණ රෝහල ලෙස එය භාවිතාවට ගනු ඇතැයි සිතිය හැකි ය.
දැන් මේ ගනුදෙනුව දෙස ආකාර කීපයකට බැලිය හැකි ය. එක් පිරිසක් මෙයට විරුද්ධ වන්නේ රෝහල නඩත්තු කිරීම රජයට පවරා නෙවිල් ප්‍රනාන්දු එයින් ලාභ ගැනීම තමන් අත තබාගෙන ඇති බව කියමිනි. එය කිරි එළදෙනගේ හිස පැත්ත වෙනෙකෙකුට දී පස්සා පැත්ත ගත් කපටියාගේ කතාව සමග සමපාත කිරීමට ද ඔවුහු උත්සාහ කරති.
නෙවිල් ප්‍රනාන්දු ශූර ව්‍යාපාරිකයෙකු බැවින් ඔහු මේ ගනුදෙනුවෙන් ලාභ ලබන්නට බැරි නම් අඩු ගානේ ජාමෙ බේරා ගැනීමට හෝ උත්සාහ කරනු ඇත. මට නම් එහි වරදක් පෙනෙන්නේ නැත.
ධනවාදය ධාවනය වන්නේ ලාභය නිසා ය. සමාජ සංවර්ධනයත් සමග ලාභය නියාමනය කර ගැනීමට මිනිස් සමාජයට හැකි වී තිබේ. ලාභය අපරාධයක් නො වේ. අපරාධයක් වන්නේ අසීමිත ලාභයයි.
එහෙත්, මේ වන විට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විධිමත් රාජ්‍ය නියාමනයකට යටත් කර ගැනීමේ හැකියාව ඇති වී තිබේ. එයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හා විශ්වවිද්‍යාල සිසුන්ගේ අරගලවල බලපෑම ඉවහල් වන්නට ඇතැයි අපි පිළිගනිමු.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය ලේ පිපාසිතයන්ගේ පාපතර බල දේශපාලන අරමුණු ඉටු කර ගන්නා මාවතට යොමු වී ඇති බව අවබෝධ වීමත් සමග ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සිට විශ්වවිද්‍යාල සිසුන් දක්වා පිරිස් මේ වන විට එයින් ඉවත් වෙමින් සිටිති. වෙනෙකක් තබා සිසුන් උසි ගැන්වූ අන්තවාදී බලවේග පවා දැන් මල් වැවීම, මුද්දර එකතු කිරීම, නලින්ගේ කිරිපල්ල අතගෑම වැනි වෙනත් විනෝදාංශවලට යොමු වී තිබෙන බව පෙනේ.
සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලන ආධිපත්‍යය දරන මධ්‍යම පංතියේ දෘෂ්ටිවාදීමය පදනම සපයන මාක්ස්වාදය විසින් සමාජයට හුරු කර තිබෙන්නේ ව්‍යවසායකයා යනු විනාශ කළ යුතු ධනපතියෙකි ය කියා සිතන්නට ය. ඔවුන්ට අනුව, සංවර්ධනය විය යුත්තේ ඔවුන් ම ධනපති යයි කියා හඳුන්වන රජය පමණි. ඔවුන්ට අවශ්‍ය රජය හැම දෙයට ම මැදිහත් වීම ය. සිල්ලර වෙළඳාමේ සිට, බස් කෝච්චි දිවීම, බැංකු, ගුවන් සේවා, පුක පිහින කඩදාසි හැදීම, අත පිහින රෙදි විවීම වැනි හැම දෙයක් ම රජය කළ යුතු යයි ඔවුහු සිතති. එසේම, අනිවාර්ය අධ්‍යාපනයේ සිට, උසස් අධ්‍යාපනය, චිත්‍රපටි නාට්ටිකාරයන්ට අත දීම, ගොවියන්ට ඔක්කොම දී අස්වැන්නත් මිළ දී ගැනීම, කට්ටඩියන්ට හා හොර වෙදුන්ට සම්මාන දීම, වැද්දන් අහිගුණ්ටිකයන්ගේ සමාජ පසුගාමිත්වය රැක ගැනීම දක්වා සියලු දේ රජය කළ යුතු යයි ද ඔවුහු සිතති.
මධ්‍යම පංතිය එහෙම හිතන්නේ නිකම් නො වේ. රජය මේ බැරි මගුල් ඔක්කොම භාරගෙන කරන්නට යන විට ඔවුන්ට නිකම් සිට හෝ අඩුවෙන් වැඩ කර හෝ බදු මුදලින් පඩි ගත හැකි රජයේ රස්සා ලබා ගත හැකි ය.
අනුපානෙට කරන ඊනියා මහජන සුබසාධනයට මුවා වෙමින්, ප්‍රධාන කාර්යය ලෙස මධ්‍යම පංතිය නඩත්තු කිරීම කරන රජය පවත්වාගෙන යා හැක්කේ මේ රටේ වැඩ කරන ජනයා බදු ගෙවනවා නම් පමණක් බවවත් තේරුම් ගැනීමේ හැකියාවක් මේ අඳබාල ඊනියා මාක්ස්වාදීන්ට නැත. කම්කරුවන් පවතින්නට නම් ව්‍යවසායකයන් සිටිය යුතු ය.
ලංකාවේ මාක්ස්වාදීන්ට ව්‍යවසායකයන් වහකදුරු වැනි ය. ඔවුන් ව්‍යවසායකයන් දෙස බලන්නේ ම ධනපති භංග වේවා කියාගෙන ය. එහෙත්, ව්‍යවසායකයා ද කම්කරුවා හා මධ්‍යම පංතිකයා සේ ම හොඳ හෝ නරක දෙක ම විය හැකි තවත් මිනිසෙකි. සමාජය කළ යුතුව තිබෙන්නේ මිනිසකුට හොඳ මිනිසකු වන්නට උදව් කිරීම හෝ අඩු තරමේ නරක මිනිසකු වීම වැළැක්වීමයි.
ලංකාවේ වාමාංශිකයන් විසින් ප්රතිගාමී ධනපතියන් ලෙස හඳුන්වන ලද කොතලාවල වැනි අය විසින් රජයට දෙන ලද දේපල අදත් පොදු යහපත සඳහා භාවිතා වේ. වාමාංශික ධනවතුන් විසින් වමේ පක්ෂවලට දුන් දේපලවලට සිදු වී ඇත්තේ කුමක් ද යන්න ඇස් ඇර බලන්න. ඒවා මේ වන විට එක එක කපටින් විසින් පවුල් දේපල බවට පත් කරගෙන තිබෙනවා පමණක් නොව, කාලකන්නි, දොම්නස් ස්ථාන බවට ද පත් කර ඇත.
නෙවිල් ප්‍රනාන්දු දෙස අප නම් බලන්නේ මේ අතීත අත්දැකීම් මත පදනම්ව මිස වම විසින් ප්‍රවර්ධනය කරන ව්‍යාජ පංති වෛරයෙන් හෝ රාජිත සේනාරත්න කියන තරම් මහා ගෞරවයකින් ද නො වේ.
ලංකාවේ කම්කරු පංතික විප්ලවයක් සිදු වීමේ කිසිදු හැකියාවක් නැත. එයට මූලික හේතුව ලංකාවේ පවතින්නේ මධ්‍යම පංතියේ ආධිපත්‍යයෙන් යුත් විකෘති සමාජවාදී රාජ්‍ය ධනවාදයක් නිසා ය. මෙය හරියට ම හඳුනාගෙන විග්රහ කළ දේශපාලනඥයා ජේ.ආර්. ජයවර්ධනයි. ඔහු ලංකාව ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජය ලෙස නම් කළේ ඒ වන විට පැවති දැවැන්ත රාජ්‍ය ධනවාදය පිළිබඳ මනා අවබෝධයකිනි. ආර්ථිකය විවෘත කරමින් පෞද්ගලික අංශයට ප්‍රමුඛතාව දුන් මුත් ඔහු මේ රාජ්‍ය ධනවාදී සමාජවාදී ආර්ථිකය ද අතහැරියේ නැත.
සිරිමාවෝ බණ්ඩාරනායකගේ අගමැතිත්වයෙන් යුක්ත වූ ශ්‍රීලනිප - සමසමාජ - කොමියුනිස්ට් සමගි පෙරමුණු සමාජවාදී රජයෙන් පසු රාජ්‍ය ධනවාදය උපරිම තලයකට ගෙන ආවේ මහින්ද රාජපක්ෂයි. ඔහු රාජ්‍ය අංශය ප්‍රසාරණය කළේ දැවැන්ත මධ්‍යම පංතියක් ගොඩනගමිනි. උඩ එවුන්ට තීරු බදු රහිත කාර් ද යට එවුන්ට නිකං වගේ මෝටර් සයිකල් ද දුන්නත්, නිකං කෑම පත්තියන් වී සිටින මේ මධ්‍යම පංතිය සතුටු කළ නො හැකි ය. වත්මන් ආණ්ඩුව රුපියල් දහදාහක පඩි වැඩි වීමක් දුන්නත්, තවමත් මේ මධ්‍යම පංතිය වැඩ කරන්නේ නැත.
ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂවලට පැවරෙන්නේ මේ අලස මධ්‍යම පංතියට අවශ්‍ය න්‍යාය සම්පාදනය කර දීමයි. ඒ අනුව, බදුත් නො ගෙවා, සියල්ල නිකනුත් දෙන ගාඩියන් ඒන්ජල් හෙවත් භාරකාර සුරංගනාවක් පිළිබඳ සිහිනය සම්පාදනය කරමින් මධ්‍යම පංතිය චූන් කිරීම ඔවුන් දිගට ම කරනු ඇත.
ලංකාවේ කම්කරු පංතියට කිසිදු පංති විඥානයක් නැත. ඔවුන් සිතන්නේ තමන්ගේ විමුක්තිය තිබෙන්නේ රජයෙන් යැපෙන මධ්‍යම පංතිකයකු වීම තුළ ය කියා ය. ලංකාවේ වම්මු කම්කරු පංතියට ලබා දී තිබෙන අධ්‍යාපනය එයයි. ලංකාවේ කම්කරු පංති විප්ලවයක් සිදු වීමේ හැකියාව මේ මොහොතට අදාළව අවම බව අප කියන්නේ ඒ නිසා ය.
කම්කරු පංතික විප්ලව සිදු නො වුණත්, ලාංකීය සමාජයට සංවර්ධනය වන්නට බැරිකමක් නැත. ඒ සඳහා ප්‍රවේශ දෙකක් තිබේ. එක පැත්තකින් ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කළ යුතු ය. අනෙක් පැත්තෙන් දැනුම, කුසලතා, ආකල්ප පැත්තෙන් දියුණු වන වැඩ කරන ජනතාවක් ගොඩනැගිය යුතු ය.
මධ්‍යම පංතිය සම්බන්ධයෙන් කීමට ඇත්තේ මෙයයි. එය පදනම් කරගෙන දේශපාලනය කරන අයට මේ රටට කිසිදු සාධනීය මෙහෙයක් තවදුරටත් ඉටු කළ නො හැකි බැවින් මාක්ස්වාදය පීඩිතයන්ට අරගල කරන්නට නම් ෂෝක් මෙව්වා එකකි වැනි අලුත් ආතල් එකකට පිවිසීම සුවදායක ය.
source http://www.w3lanka.com/