නෙළුම් කුළුන හැඩට හැදේ… පින්තූර මෙන්න

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    නෙළුම් කුළුන හැඩට හැදේ… පින්තූර මෙන්න

    නෙළුම් කුළුන හැඩට හැදේ… දැන් පින්තූර මෙන්න



    සංවර්ධනයේ දැවැන්ත පියවරක් ඉදිරියට තබමින් ශ්‍රී ලංකාවේ ඉදිවන බහුකාර්යය විදුලි සන්නිවේදන කුලුන සහ විනෝදාත්මක මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතුවල මූලික ඉදිකිරීම් 2015 ජනවාරි මස වන විට අවසන් කිරීමට හැකි වනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසයි.
    ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ හා සන්නිවේදන කටයුතු වෙනුවෙන් කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ ඉදිකරනු ලබන නෙළුම් කුලුන වෙනුවෙන් වැය කෙරෙන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 104.3කි.
    දැනට මෙම කුලුනේ ඉදිකිරීම් වර්ග අඩි ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් අවසන් කර ඇත. ඉදිරියේදී මෙහි ඉදිකිරීම් කටයුතු තවදුරටත් කඩිනම් වෙමින් සතියකට මීටර් පහ බැගින් ඉදිකෙරෙනු ඇත.
    එහි දෙවන අදියර මූලික ඉදිකිරීම් අවසන් කිරීමත් සමඟම ආරම්භ කෙරෙන අතර, එහිදී රථවාහන 1500ක් නවතා තැබිය හැකි නවීන පන්නයේ රථගාලක් සහ සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමටද නියමිතය.
    ශ්‍රී ලංකාවේ අභිමානය හා ප්‍රෞඪත්වය වෙනුවෙන් ඉදිකෙරෙන නෙළුම් කුලුන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් චීනයේ සමාගම් දෙකක් (China National Electronics Import and Export Corporation (CEIEC) සහ Aerospace Long-March International Trade Co. Ltd (ALIT) සහයෝගය ලබාදෙන අතර මෙහි ඉදිකිරීම් කටයුතු 2012 වසරේදී ආරම්භ කෙරිණි. මෙම කුලුනේ සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී අවසන් කෙරෙනු ඇත.
    මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තුවිද්‍යා අංශයේ සහ දේශීය වාස්තු විද්‍යාඥයන්ගේ පූර්ණ සහයෝගීත්වය හිමි වෙයි.
    ගුවන් විදුලි සහ රූපවාහිනී තරංග සම්ප්‍රේෂණය සඳහා ඉදිවන මේ කුලුනේ උස මීටර් 350ක් පමණ වන අතර එය නිරීක්‍ෂණ මැදිරි, සංචාරක හෝටල්, රූපවාහිනී හා ගුවන් විදුලි සම්ප්‍රේෂණ කටයුතු, විදුලි සංදේශ හා දූරකථන සම්ප්‍රේෂණ කටයුතු ආදී සියලු පහසුකම්වලින් සමන්විත බවද අනූෂ පැල්පිට මහතා පෙන්වා දෙයි.
    බහු සම්ප්‍රේෂණ කුලුනක් ලෙසින් ඉදිකෙරෙන මෙම නෙළුම් කුලුන දකුණු ආසියාවේ උසම කුලුන වශයෙන් ඉදිවන අතර, එය මුළු මහත් රටේම පමණක් නොව විශේෂයෙන්ම කොළඹ නගරයේ ආකර්ෂණීයත්වයේ සංකේතයක්ම වනු ඇත. ලෝකයේ උසම කුලුනු පහ ලෙස පිළිවෙළින් ෂැංහයි කුලුන, බීජිං කුලුන, බර්ලින් කුලුන, ටෂ්කෙන්ට් කුලුන හා අයිෆල් කුලුන සැලකේ. ප්‍රංශයේ පිහිටි අයිෆල් කුලුන මීටර් 324ක් උසින් යුක්ත වන අතර ලංකාවේ ඉදිකෙරෙන මෙම කුලුන අයිෆල් කුලුනට වඩා මීටර් 26ක් උසය. එබැවින් මෙම කුලුන ලෝකයේ උසම කුලුනු අතරින් 5 වන ස්ථානය හිමි කර ගන්නා බව මෙම කුලුනට ජීවය ලබාදීමට කැපවී සිටින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
    අක්කර 10ක පමණ භූමියක් පුරා ක්‍රියාත්මක කෙරෙන මේ ව්‍යාපෘතියට උද්‍යානයක්ද අයත් වේ. කුලුන පොළොව මට්ටමේ සිට තට්ටු හතරකින් ආරම්භ වේ. මෙහි ඇතුළත අධිවේග විදුලි සෝපාන හයක් ක්‍රියාත්මක වේ. කුලුනට අධිවේග විදුලි සෝපාන එක් කිරීම නිසා තට්ටු 85ක 90ක දුර ප්‍රමාණය යෑමට මිනිත්තු දෙකක් පමණ කෙටි කාලයක් ගතවනු ඇත. බිම් මහල් 4න් පසු කුලුන සිලින්ඩරාකාර හැඩයක් ගන්නා අතර එය මීටර් 270ක් එනම් මහල් 85ක හෝ 90ක හෝ උසක් ගනු ඇත. නෙලුම්මලක හැඩය ගන්නා කුලුනු ශීර්ෂයට මහල් නවයක් ඇතුළත් වන අතර මෙම මහල් නවයටම නැරඹුම් මැදිරියක්ද ඇතුළත් වෙයි.
    මෙම කුලුන මුදුනට ලංකාව විතරක් නෙමෙයි බොහෝ දුරට ඉන්දියාවත් දක්නට හැකිවන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ. මෙහි මුදුනත සිට කිලෝමීටර් 100ක් 150ක් පමණ දුරක් බොහෝ දුරට දැකිය හැකි වනු ඇත. මෙහි ඇති නැරඹුම් මැදිරියට කැරකෙන භෝජනාගාරයක් ඇතුළත් වන අතර මෙහි තනන්නට යන උත්සව ශාලාව මංගල උත්සව හා ප්‍රිය සම්භාෂණ සඳහා විවෘත කිරීමට නියමිතය. මුළු කොළඹ ම කවුළු තුළින් නරඹන්නට හැකි එම ශාලාව අමුත්තන් දහසකට පමණ එක්විය හැකි උත්සව ශාලාවකින් ද සමන්විත වේ. එමෙන් ම අනෙක් මහල් දෙක තරු පහේ සිට තරු හත දක්වා හෝටල් කාමර 24ක් ඇතුළත් අති සුඛෝපභෝගී හෝටල් සඳහා වෙන් වේ.
    මීළඟ තට්ටු දෙක තුළ අවම වශයෙන් රූපවාහිනී සේවා සපයන්නන් 50කට, විදුලි සංදේශ සේවා සපයන්නන් 20කට සහ ගුවන් විදුලි සේවා සපයන්නන් 50කට පමණ පහසුකම් සැපයීමට වෙන් කෙරේ.
    මෙය ආරක්ෂක සංඥා සැපයීම මෙන් ම ඊට අමතර ව කොළඹ නගරයේ විවිධ ගොඩනැගිලිවල ස්ථාපිත අධි බලැති ගුවන් විදුලි සහ එෆ්.එම්. ඇන්ටෙනා අවම කිරීම සහ ඉවත් කිරීමේලා ද වක්‍රව දායකත්වය සපයනු ඇත.
    කුලුනේ පාදක කොටස විදුලි සංදේශ පිළිබඳ ව කෞතුකාගාරයක්, භෝජනාගාරයක්, පරිපාලන කාර්යාල, ප්‍රදර්ශන ශාලා වැනි පහසුකම් සපයන ආයතනවලින් සමන් විත වේ. මීට අමතර ව මෙම කුලුනට ඇතුළත් කරනු ලබන අනෙකුත් අංග පිළිබඳ අවසන් තීරණය මේ සම්බන්ධයෙන් පත් කෙරෙන විශේෂ කමිටුවේ නිර්දේශ මත සිදුකෙරෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
    - රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    nelumpokuna888.jpg

    Nelumkuluna22.jpg

    Nelumkuluna333.jpg

    Nelumkuluna555.jpg

    nelumpokuna777_copy.jpg

    564897.jpg

    nelumpokuna88888.jpg

    20133.jpg

    091110_night_pic_003.jpg
     
    Last edited:
    • Like
    Reactions: sadeeep

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    ඔක හදලා ඉවර උන ගමන් රට දියුණු වෙනවා හොර,මැරකම්,දුෂණ, මිනීමැරුම් සේරම නැතිවෙලා නිකන් ගඟ ගලනවා වගේ දියුණුවෙනවා ලංකාව.
     
    • Like
    Reactions: Sri_Sampath

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    ඕක හැදුවම සිංහලුන්ට පුළුවන් ඕකෙන් පැනල ආත්මේ මාරු කරගන්න
    අන්න නොරොච්චෝලේ හදල තියෙන්නේ පරණ කෑලි දාල ලු
    මේකත් එහෙම උනොත් ඔන්න කොළඹ උන් පරිස්සං වෙයල්ලා කඩන් වැටුනොත් එහෙම
     
    • Like
    Reactions: Sri_Sampath

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඕක හැදුවම සිංහලුන්ට පුළුවන් ඕකෙන් පැනල ආත්මේ මාරු කරගන්න
    අන්න නොරොච්චෝලේ හදල තියෙන්නේ පරණ කෑලි දාල ලු
    මේකත් එහෙම උනොත් ඔන්න කොළඹ උන් පරිස්සං වෙයල්ලා කඩන් වැටුනොත් එහෙම

    :lol::lol::lol::lol::lol::lol:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඕක හැදුවම සිංහලුන්ට පුළුවන් ඕකෙන් පැනල ආත්මේ මාරු කරගන්න
    අන්න නොරොච්චෝලේ හදල තියෙන්නේ පරණ කෑලි දාල ලු
    මේකත් එහෙම උනොත් ඔන්න කොළඹ උන් පරිස්සං වෙයල්ලා කඩන් වැටුනොත් එහෙම

    saren saren mehe dan light kapanawa...oka heduwama light nethi welawata oka diha hari balan inna puluwanne:lol:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    හැම දේටම කඩියා #කේ ගහන් බනින්නත් එපා බන් ,, මේකෙන් රටට හොඳකුත් වෙනවා ... මේක හැදුවේ නැතත් මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් තමයි , ඒ උනාට රටක් විදිහට ලෝකය ඉදිරියට පෙන්න යන්න මේ වගේ දේවල් වටිනවා ,,,, යම් දෙයක වැරද්දක් වගේම හොඳ තියෙනවා නං ඒවත් අගය කරන්න පුරුදු වෙයන් බන් ...

    මම ගොට්ටෙක් කියල හිතනවා නං එහෙම හිතපන් ,,, මම කියපු දේ ගැන හිතල බලපන්
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ඕක හැදුවම සිංහලුන්ට පුළුවන් ඕකෙන් පැනල ආත්මේ මාරු කරගන්න
    අන්න නොරොච්චෝලේ හදල තියෙන්නේ පරණ කෑලි දාල ලු
    මේකත් එහෙම උනොත් ඔන්න කොළඹ උන් පරිස්සං වෙයල්ලා කඩන් වැටුනොත් එහෙම

    :lol::lol::lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    නෙලුං කුලුණ හැදෙනවලු... ආං පොටෝ එහෙම දාලා... හරි ජාතිලු වැඩේ... ලත්තනයිලු... දැං ලෝකයේ 20 වෙනි උසම කුළුණ තියෙන්නෙ අපිටලු... ඒ ගැන හිතනකොට දැන්නෙන්නෙ පට්ට ආඩම්බරයක් ඕයි... දැන් ඕක හැදිලා ආවාම බොලාට අපිට හම්බ වෙයි හොඳවයින් බිබික්කමක්... ඩොලර් කෝටි ගණන් වටිනා රූපවාහිනි සේවා ආයෝජන, ගුවන් විදුලි සම්ප්‍රේෂණ ආයෝජන තුළින් රටට මහා අමුතුම මෙව්ව එකක් වෙනවලු ඕක හැදුවාම... දැන් ඔය කළින් හදපු වරායවල්, එයාපෝට් එව්ව මෙව්වයෙනුත් එහෙම ඇවිල්ලා, ආයෝජනේ වැඩි වෙලා, ආයෝජන කරගෙන එන එවුන්වත් ආපහු යවන්න වෙලා තියෙන්නෙ ඉඩ මදි කියලා... ඒ තරමට ආයෝජන... කොටින්ම කිව්වොත් මත්තල සිරිදාසලගේ ලැට් එකත් ජපනෙක් ඉල්ලුවලු ආයෝජනේ කරන්න... මේ ළඟකදි මැගිලින් අක්කලෑ ගෙයි මුල්ලෙත් ආයෝජනේ කරන්න ආපු සුද්දෙක් හැංගිලා ඉඳලා අල්ලන් ගෙනිහින් දැම්මා... "අනේ, අනේ එකම එක පාරක් ආයෝජනේ කරන්න දෙනවලකො... ආයෙ කරදර කරන්නෙ නෑ" කියලා අඬද්දිම ඇදගෙන ගෙනිහින් දැම්මෙ... අපිට ඕවයින් ලැබිච්ච සල්ලි කන්දරාව වැඩි වෙලා, ගෙවල් වල තියා ගන්න තැනක් නැතුව රුපියල් පන් දහේ නෝට්ටු වලින් අපේ ළමයි මේ දවස් වල කාක්කො හදල ගහනව සෙල්ලමට වගේ... ඒ තරම් සල්ලියක් අපිට හම්බු වෙන්නෙ ඔය ආයෝජන වලින්...

    දැන් ඕකත් හැදිලා ආවට පස්සෙ ජර්මන්, ජපන්, ප්‍රංශ, ඇමරිකන් එව්වො හොරෙන් වීසා නැතුව මේකට රිංගන්න බලයි මාලු බෝට්ටු වල නැගිලා... එතකොට අපි උන්ව අල්ලලා තලෙයි මන්නාරං දූපතේ අනාථ කඳවුරකට දානවා.. එතකොට උන්ට ඒ දූපතේ ඉඳන් නෙලුං කුලුනෙ මුදුන දිහා බලාගෙන හූල්ලතෑකි "අනේ මේ වගේ නායකයො අපිට නොහිටි නිසානෙ අද අපිට මේ වගේ අනුන්ගෙ රටවල දූපත් වල හිර කඳවුරු වල පාච්චල් වෙන්න වෙලා තියෙන්නෙ " කියලා... අපිටත් කුළුණ දිහා බලාගෙන ප්‍රාර්ථනා කරතෑකි "මේ වගේ නායකයො මේ ආත්මෙ විතරක් නෙමෙයි, උපදින හැම ආත්මෙකම ලැබෙන්ටෝනෑ" කියලා...

    අම්මගෙ....
     
    • Like
    Reactions: Oli_Vili

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    නියමයි පට්ට. ඔහොම තමයි රට දියුණු වෙන්න ඕනා කිසිම පක්ෂ බේදයක් නැහැ නියම වැඩේ.
    අනේ සර් සල්ලි මදිනම් තව ටිකක් බදු වැඩි කරන්න. අපි ඔයැයිට තමයි ඉස්සපොර්ට්.
    හැමදාම නිල්..රටවැසියා.
     

    DewmiK

    Member
    Jan 9, 2014
    122
    7
    0
    Peradeniya
    [කොහොමත් ඕක ගහල ඉවර වෙනකොට ඔකේ උසටම බදු මිලත් නැගල තියෙයි ... එතකොට බැරියයි කස්ටියට ඔය ආශ්චර්ය උඩ ඉදාලම පහලට පනින්න ... :cool:
     
    Last edited: