නොදන්නා තැන් වල නාන්න බැසීම !!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    දැන් දවස් කීපෙකට කලින් නාන්න ගිහින් කොල්ලෝ තුන් දෙනෙක් මැරුණ සිද්ධිය මතක ඇතිනේ. ඒකෙන් එක්කෙනෙක් බේරගන්න පැනලා තමා නැති වෙලා තිබ්බෙත්. ඒක දැක්කම මට මතක් වුනේ 2018 විතර ඉන්දියාවේ සිද්ධ වුන ඔය වගේම සිද්ධියක්. යාලුවො 3ක් නාන්න ගිහින්. ගොඩක් අයට මේකේ භයානකකම සහ මේ දේ සිද්ධ වෙන්න කොච්චර පොඩ්ඩ වෙලාවද යන්නේ කියලා තේරෙන්නේ නෑ. පහල වීඩියෝ එක බැලුවම තේරෙයි ඒ දේවල්. ඒ තුන් දෙනාගෙන් කාටවත් ඒ පොකුණ සෑහෙන්න ගැඹුරුයි කියලා අවබෝධයක් තිබ්බේ නෑ කියන එක හොඳට පේනවා. අනික් එක තමා තුන් දෙනාගෙන් එක්කෙනෙක්වත් පීනන්න දන්නේ නැතිකම. එක්කෙනෙක් හරි දැනගෙන හිටියා නම් තුන්දෙනාම තවම ජීවත් වෙනවා. Age Restricted නිසා YT එකටම ගිහින් බලන්න වෙනවා. පේනවානේ එක්කෙනෙක් වැටුනම ඇති අනික් දෙන්නත් ඇදලා ගන්න :(



    කවමදාවත් නොදන්නා තැන් වල නාන්න යන්න එපා. ඒ වගේම නාන සෙට් එකේ එකෙක්වත් පීනන්න දන්නේ නැත්තම් ඒ සෙට් එක විතරක් තනියම නාන්න යන්න එපා. අඩු ගානේ එකෙක්ට ගොඩට ඇවිත් කෝට්ටක් හරි දාලා ඇදලා ගන්න පුලුවන් ටිකක් හරි පීනන්න දන්න එකෙක් හිටියා නම්. බාගෙට පීනන්න දන්න එකා වුනත් යාලුවා ගිලෙන්න යනවා නම් පනින්න එපා. අනිවා ඌත් මැරෙනවා. හොඳම දේ ලඟ තියෙන දිග ලීයක්, කෝට්ටක් හරි දාලා ගන්න එක. ගිලිලා මැරෙන්න මහ වෙලාවක් යන්නේ නෑ. විනාඩි 2ක් ඇතුලත ශොට් එක වදිනවා පෙනහළු වතුරෙන් පිරුණම.ගොඩක් වෙලාවට මොළේට Oxygen යන එක නැවතිලා විනාඩි 15කින් වගේ මොළේ මැරෙනවා. වතුරේ තියෙන සීතල ගතිය නිසා තමා ඊට ටිකක් වැඩිපුර වෙලාවක් ශේප් කරගන්න පුලුවන් වෙන්නේ්. ඉතින් ඊට විනාඩි 15-45 වගේ ඇතුලත වතුර ටික පිටට ගත්තේ නැත්තම් ඉතින් මොන ඉස්පිරිතාලේ ගෙනිච්චත් බේරන්න බෑ.


    ප.ලි. මේක Fake කියලා සමහර අය කියනවා මම දැක්කා. Fake or Real ගත යුත්ත ගන්න. ඇත්තට දෙයක් වුනත් මෙච්චරම තමා වෙන්නේ.
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    Ai mun gilenne, 6feet wath naane pinanna. Mulin gilena eka anith dennawa addada koheda🤔
    ඔතන බං ගල් කොරියක් තිබ්බ තැනක් කියලා තමා Live Leak එකේ දාලා තිබ්බේ ඒ කාලේ ගියපු ත්‍රෙඩ් එකේ. ඒක නිසා පටන් ගත්ත තැන ඉඳලම ගැඹුරුයි. බලපන් වැටුනු ගමන් පාවේලා යන්නේ. පතුලක් තිබ්බා නම් පාවෙලා යන්නේ නෑ. ඔව්. මුලින්ම වැටෙන එකාව අල්ල ගන්න අනිකා යනවා. ඌව අල්ලගන්න ආයේ අනික් කෙනා යනවා. ඒකෙන් තමා තුන් දෙනාම යන්නේ ඇදිලා

    ප.ලි. කොච්චර පොඩ්ඩක් දුර තිබ්බත් පීනන්න දන්නේ නැති වුනාම පැනික් වෙනවා. අත් කකුල් ගහද්දි උඩ එන්නෙත් නෑ යට යන්නෙත් නෑ. ඉතින් පොඩි දුරත් වුනත් එන්න බෑ.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    ape thathata hodatama peenanna puluwan... habai danna thenaka arenna loweth moodata bahinne na...
    ganagawal wala nanneth na.. wewaka nam eth board gahala tiyena than wala witarai

    maath pana bayai ban wathurata nam...
    මාත් එක පාරක් ගිලිලා තියෙනවා පොඩි කාලේ පූල් එකේ ඩීප් එකේ. නමුත් කොහොම හරි පීනන්න පුරුදු වුනා මොකද හදිස්සියක් වුනත් ඔච්චරනේ. හැබැයි පීනන්න දන්නවා කියලා වැඩ දාන්න නම් යන්නේ නෑ. බැස්සත් බහින්නේ ශුවර් තැනක විතරයි. පුත්තලමේ වැඩකරපු කාලේක මායි වැඩ කරපු අනික් යාලුවයි රෑට හැමදාම නාන්න ගියේ කුවේණි වැව කියලා ප්ලේස් එකකට. බලු බල්ලෙක් නෑ රෑ නිසා. තැන් දෙකක් තියෙනවා. එක තැනක් පට්ට ගැඹුරුයි අඩි 10-12ක් විතර. අනික් තැන ගැඹුරු නෑ. රෑට ගැඹුරු නැති තැන තමා නෑවේ. කිසි අවුලක් නෑ. හැබැයි ටිකක් බොරයි එතන කට්ටිය දවල්ට නාන නිසා. හැබැයි දවල්ට අර ගැඹුරු තැනට යනවා අතපය දිග ඇරලා පීනන්න ලේසි නිසා. වතුරත් පට්ට ක්ලියර්. පඩිපෙල බහිද්දි අන්තිම පඩියෙන් කකුල බිමට තියන්න බෑ වදින්නේ නෑ අඩි 10-12ක් වගේ යට තියෙන්නේ. (ට්‍රයි කරාට මටත් යටටම ගිහින් කකුල වද්දන්න බැරි වුනා :P ) මගෙත් එක්ක යන යාලුවාට පීනන්න බෑ. මට කොච්චර පීනන්න පුළුවන් වුනත් මං අර යාලුවාට ගල් පඩියෙ අන්තිම පඩි දෙක පහලට බහින්න දෙන් නෑ ගැඹුරු තැනදි. කවුද දන්නේ මොන කෙංගෙඩි පහත්වෙයිද කියලා.
    math wathurata nam bahinna yanne na lesiyen.. wathurai gindarai ekka sellam danna yanna epa..
    අනිවා බං. විනාඩි දෙකයි ඔක්කොම වෙන්න යන්නේ :yes:

    නාමුතේ?
    ------ Post added on Aug 17, 2021 at 7:38 PM
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නෙදකින් තොපි වගේ හරක් ටිකක් ඔක යකෝ උන් සේට් වෙලා කරන එකක් :lol:
    අඩු ගානේ නාන්න කලින් ෆෝන් එක තියල ඇක්ට් කරන විදියවත් තෙරේන්නේ නැද්ද තොපිලට. පුකට පයින් ගහන්න ඔන පරන පච අතාරිනවට :no:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    i don’t know but seems kind of fake to me
    If you followed live leak around 2018 video of these guys bodies taking out of the pond was posted. Most of them were concerned how they were unconcious so quickly and looks fishy af.

    නෙදකින් තොපි වගේ හරක් ටිකක් ඔක යකෝ උන් සේට් වෙලා කරන එකක් :lol::lol::rofl:
    මචං live leak එකේම තිබ්බා බං Bodies එලියට ගන්න Vid එක. Place එකත් ඒකමයි :sorry:
    ------ Post added on Aug 17, 2021 at 7:46 PM
     
    • Like
    Reactions: Ozone4

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    If you followed live leak around 2018 video of these guys bodies taking out of the pond was posted. Most of them were concerned how they were unconcious so quickly and looks fishy af.
    yh, camera position,clothes were wet,and u can clearly see 2 of them literally standing up plus the amount of time they were pretend to struggle… I might be wrong but to me its fake
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    If you followed live leak around 2018 video of these guys bodies taking out of the pond was posted. Most of them were concerned how they were unconcious so quickly and looks fishy af.


    මචං live leak එකේම තිබ්බා බං Bodies එලියට ගන්න Vid එක. Place එකත් ඒකමයි :sorry:
    ------ Post added on Aug 17, 2021 at 7:46 PM
    🙏😂
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ලංකාවෙ මරි මෝඩ හැත්ත, පොඩි එවුන්ගෙ අත්දෙකයි, කකුල් දෙකයි, ඔලුවයි අල්ලගෙන හිල් පොල්කට්ටෙන් නලලට වතුර වක්කරනවා. අරූ මැරෙනකන් බෙරිහන් දෙනවා නහයට වතුර ගලද්දි බය වෙලා. ඉතින් දූපතේ එවුන් පොඩිකාලෙ ඉදලම වතුරට බයයි.

    පිටරටවල වයස අවුරුද්දක් වෙන්න කලින් වතුරට විසි කරන්නෙ.. උන්ට වතුර පොලව වගේ.

    මේ රට කෑවෙ දැන් ඉන්න නාකින්ගෙන් 90%...ක් විතර පිරිස.