නොදන්නා තැන් වල නාන්න බැසීම !!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,138
    5,011
    113
    -In Darkness-
    ලංකාවෙ මරි මෝඩ හැත්ත, පොඩි එවුන්ගෙ අත්දෙකයි, කකුල් දෙකයි, ඔලුවයි අල්ලගෙන හිල් පොල්කට්ටෙන් නලලට වතුර වක්කරනවා. අරූ මැරෙනකන් බෙරිහන් දෙනවා නහයට වතුර ගලද්දි බය වෙලා. ඉතින් දූපතේ එවුන් පොඩිකාලෙ ඉදලම වතුරට බයයි.

    පිටරටවල වයස අවුරුද්දක් වෙන්න කලින් වතුරට විසි කරන්නෙ.. උන්ට වතුර පොලව වගේ.

    මේ රට කෑවෙ දැන් ඉන්න නාකින්ගෙන් 90%...ක් විතර පිරිස.
    මේක සිරා කතාව මචං. මට පොඩි කාලේ වතුරෙන් අපලයි කියලා වතුරට බහින්න දුන්නේම නෑ. දත කාලා කාලා පූල් එකට ගියාම ඒකේ ගිලිලා මැරෙන්න ගියාම අර කතාව තවත් වැඩියෙන් විශ්වාස කරා අම්මලා. කොහොම හරි මමම තමා කන්වින්ස් කරේ වතුරෙන් නම් අපල තියෙන්නේ පීනන්න අනිවා පුරුදු වෙන්න ඕනේ කියලා. :yes: පීනන්න පුලුවන් හෝ බැරි හෝ ට්‍රිප් යන පොඩි උන් අනිවා හොරෙන් නාන්න යනාවාමයි. ඉතින් අඩු ගානේ පීනන්න පුරුදු වෙලා හිටියා නම් නොමැරී හරි ඉන්නවා.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බැහැයි කියල බෑ.අදවත් නාපන්.මම සන්ලයිට් කෑල්ලක් එවන්නම්. :lol::P

    ලංකාවෙ මරි මෝඩ හැත්ත, පොඩි එවුන්ගෙ අත්දෙකයි, කකුල් දෙකයි, ඔලුවයි අල්ලගෙන හිල් පොල්කට්ටෙන් නලලට වතුර වක්කරනවා. අරූ මැරෙනකන් බෙරිහන් දෙනවා නහයට වතුර ගලද්දි බය වෙලා. ඉතින් දූපතේ එවුන් පොඩිකාලෙ ඉදලම වතුරට බයයි.

    පිටරටවල වයස අවුරුද්දක් වෙන්න කලින් වතුරට විසි කරන්නෙ.. උන්ට වතුර පොලව වගේ.

    මේ රට කෑවෙ දැන් ඉන්න නාකින්ගෙන් 90%...ක් විතර පිරිස.
    :yes::yes::yes::love:
    උඹේ ඔය කතාවේ ගතයුතු ඇත්තක් තියෙනවා.ලංකාවේ ගොඩක් ළමයින්ට පීනන්න බෑ.දෙමව්පියෝ පුරුදුකරන්නෙත් නෑ බයේ. ඒවුනාට උන් යනයන තැන වතුරට පනිනවා ශෝක් නිල් කැටේ වගේ වතුරටික කියලා.මුන් දන්නේ නෑ නිල්කැටේ වගේ වතුර තියෙන්නේ ගැඹුරු තැන්වල කියලා.ඉතින් රෑට TV එකේ මුණු පෙන්නනවා ඔලුවේ අත්දෙක ගහගෙන අඬ අඬ. බොරු ඕන නෑ මටත් පීනන්න බෑ අම්මල අපිව බයකරලා පොඩි කාලෙදිම. මෝටර් සයිකල් පදින්න පුළුවන් වුණාට තවම මෝටර් සයිකල් පදින්න බයයි කියහන්කෝ.ඒ තරම අපිව බය කරලා. හැබැයි මම මගේ දරුවෝ දෙන්නට එක වසරේදී ඉඳන්ම පීනන්න පුරුදුකලා.ඩීප් එන්ඩ් එක එහෙම ගානක් නැති වෙන්නම.හැම ආරකින්ම. පොඩි වයසේදීම තරඟ වලට පවාගියා. පුංචි එවුන්ට මචන් පීනන්න,සබකෝලය නැතුව සින්දුවක් කතාවක් කරන්න,ඔර්ගන් එකක් හෝ ගිටාර් එකක් පොඩ්ඩක් ගහන්න,ගහකට තාප්පෙකට නගින්න,ගෙදර බල්බ් එකක් එහෙම පරිස්සමින් මාරු කරගන්න.(සමහර ඩයල් ඉන්නවා එව්කගෙ දෙයක්වත් කරන්න බැරි) ඉංග්‍රීසි දැනුම පොඩි කාලෙදිම දෙන්න ඕන.එතකොට කවදාහරි තැනකට ගියාම කොන්වෙන්නේ නෑ.:no::no:
    ------ Post added on Aug 18, 2021 at 10:48 AM
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    Ballo පොඩි kalema වතුර ta weesi karanwa ilagata ළඟ ta wela innawa ethakota u හොඳට පීනන්නwa
     
    • Like
    Reactions: CONCORDE777

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    අපි ඉස්කොලෙ යන කාලෙම ඉදල ඇලවල්, දිය ඇලිවල පැන්න. ක්ලිෆ් ජම්පින්ග්, ඩයිවින්ග් හැම මගුලම කලා. බොන්න ගිහින් අඩි 15- 20 වලවල් වලට බෝතල් දාලා ඔට්ටු වලට පැනල කිමිදිලා අරගෙන ඇවිත් තියෙනවා. මහ සැඩ පාරවල් වලට අඩි 20- 30 උඩ ඉදන් පැනල පාවෙලා ගිහින් තියෙනව. ගහගෙන ගිය එවුන් බේරගෙන තියෙනව. අපිත් එක්ක හිටපු සෙට් එකේ ඔක්කොම එක වගේ. ඒත් සමහරු නිකම් නාන්න ඇවිත් වතුර වලකට බැහැපු ගමන් මැරිල යන්නෙ ඇයි??? කරුමෙ වත් මොන මගුලක්වත් නෙවෙයි. පීනන්න බැරි කම. ලන්කාවෙ බහුතරයකට පිනන්න බෑ. ඔය මැරෙන උන්ගෙන් 90% මැරෙන්නෙ පීනන්න බැරුව, ඉතිරිය බේරගන්න ගිහින්. අපි මොන සෙල්ලම් දැම්මත් මුහුදෙ දාන්නෙ නෑ. හේතුව මුහුද ගැන කන්ෆිඩන්ට් නෑ. දන්නෙ නෑ. ඉතින් සමහරු කොහෙහරි නාන්න ගියාම වතුරට බහින්න තියෙන ආසවට බහිනව පීනන්න බෑ. ඒ නිසා ලොකු සෙල්ලම් දාන්න නෙවෙයි,සෙල්ලම් දාන්න ගිහින් මැරෙන එක වෙනම දෙයක්. ඒත් කොහෙ හරි ලස්සන තැනක බැහැල නාන්න වත් පුලුවන් වෙන්න පීනන්න පුරුදුවෙන්න, කන්ෆිඩන්ට් හදාගන්න ඕනි හැම එකාම.
     
    • Like
    Reactions: CONCORDE777