නොදරු සංඝයාට කරන ලමා අපචාරය

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mehema pansal valata lamain denakota, poddak hoyala balanna, mea pansaley dussila Bikkshun innavadha kiyala. Mage brother kenek Jailer kenek hira gedharaka. Ohu kiwwa, Dussila Hamuduru kenekva arrest karala prison ekata genava kiyala. Chodanava----temple eke podi Hamuduru kenek ta Lingika athawara karala.
 

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,107
    34,658
    113
    මම නම් කියන්නේ යම් පුද්ගලයකු යම් කිසි ආගමික නිකායක පැවිදි විය යුත්තේ අවබෝධයෙන්මයි. උදාහරණයක් ලෙස යමෙකු බුදුසසුනේ පැවිදි වෙන්නේ නම් එම පුද්ගලයා බුදු දහම ගැන අවබෝධයන් සසරින් එතෙර වන අරමුනින්ම ශ්‍රද්ධාවෙන් පැවිදිවිය යුතුයි. ඉතින් එවැනි අවබෝධයක් ශ්‍රද්ධාවක් කුඩා ළමයකුට ඇතිවෙන්න විදියක් නෑ. දැන් ඉතින් කට්ටිය කියයි අහවල් හාමුදුරුවෝ රහත් වුනේ අවුරුදු 7න් කියලා. ඒ කාලේ බුදුන් වහන්සේ සිටි නිසා උන්වහන්සේට පෙනුනා එ් කාලේ හිටුපු ලමයින්ගෙන් පෙර ජීවිත වල ධර්මයේ හැසිරුන අය කවුද කියලා. ඒ කාලේ බුදුසසුනේ වැඩි පිරිසක් පැවිදිවුනේ තරුණ පිරිස්.
    අද කාලේ වගේ දෙමව්පියන්ට කන්න බොන්න දෙන්න නැති වෙච්ච පලියට පන්සලට ගෙනල්ලා මහණ කරන සිරිතක් එදා තිබුනේ නෑ. මම නම් කියන්නේ යම් පුද්ගලයකු මහණ කරනවානම් අනිවාර්යෙන්ම වයස 18 වැඩිවිය යුතුයි. අද කාලේ මේ ලමයි මහන කිරීමනම් තනිකර බාල අපරාධයක්. එහෙම ලමයි මහනකලාම ඔවුන් ලොකුවෙන්නේ නොයෙකුත් මානසික ආබාධ එක්ක පේනවනේ නානසාරලා වගේ අයට හැදිලා තියෙන පිස්සුව. දැන් බලන්න මහමේව්නාව, එතන යමෙකු මහණ කරද්දී වහය 18 ට වැඩි අය විතරයි ගන්නේ. අනික 18ට වැඩියි කියන්නේ හොඳට දැනම් තේරුම් තියෙන කෙනෙක් එහෙම කෙනෙක් පැවිදි වෙන්නේ ඇත්තටම අවබෝධයෙන්. එහෙම පැවිදි උනාම බිස්නස් කරන්න, අඩි ගහන්න, බඩුගහන්න වෙනත් අපචාර කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මොකද අවබෝධයෙන් ම නේ පැවිදිවුනේ. දැන් බලපල්ලා පොඩිකාලේ පැවිදිවුනු කීදෙනෙක් නම් උපාදියක් අරන් රස්සාවක් ගත්තට පස්සේ සිවුරු අරිනවද මෝල කරවෙලා.

    දැන් ඉතින් හනමිටි බයියෝ එයි මට බැනගෙන සාසනේ විනාස කරන්න හදනවා කියලා. ඒත් මම මෙතෙක් ලිව්වේ ඇත්තටම වෙලා තියෙන දේ. බුද්ධිමත්ව කල්පනා කරලා බලපල්ලා.
     
    • Like
    Reactions: KasunKDP

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,107
    34,658
    113
    දැන් බලපන්කෝ බන් මහමෙව්නාව . එතන හාමුදුරුවරු 500 ට වඩා මහණ වෙලා ඉන්නවා. ඔක්කොම අය අවුරුදු 18 ට වැඩි අය. ගමේ පන්සල්වල හාමුදුරුවරු නහයෙන් අඬනවා මහන කරන්න ලමයි නෑ කියලා. ගමේ පන්සල් වලත් එක එක බයිලා වැඩ නැතිව නියම සද්ධර්මය දේශනා කරනවානම් ඒවා අහලා ශ්‍රද්ධාව ඇති කරගත් තරුණ පිරිස් ඕන තරම් එයි මහණ වෙන්න. මම නම් කියන්නේ මේ පැවිදි බව තියෙන්නේ තරුණ අයට. දැන් බලපන්කෝ බුද්ධ කාලයේ වැඩිපුරම පැවිද වුනේ තරුණ පිරිස්. දැන් පේනවනේ කන්න බොන්න දෙන්න නැතිවෙච්ච පලියට ලමයි මහන කරලා සාසනයට වෙලා තියෙන විනාශයක්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,107
    34,658
    113
    අනික හාමුදුරුවරු මොකටද කැම්පස් ගිහින් උපාධි ගන්නේ. ජොබ් කරන්නේ. එහෙම ජොබ් කරන්න ආසනම් ඇයි මහන වුනේ. ගිහි ජීවිතයට ආස කර කර අමාරුවෙන් අසහනයෙන් සිවුරු දරාගෙන ඉන්නේ ඇයි. සාසනය විනාශ නොකර ගෙදර ඇවිල්ලා කසාදයත් බැඳගෙන ඉන්නකෝ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,107
    34,658
    113
    මම මේ වීඩියෝ එකේ ඉන්න පොඩි හාමුදුරුවන්ගේ මහ එවුන් දෙන්නටයි කියන්නේ. තොපිට කන්න බොන්න දෙන්න නැත්නම් ඇයි යකෝ ලමයි හැදුවේ. ලමයි හැදුවනම් උන්ව පරිස්සම් කරගනින්. උඹලට ලමයින්ට කන්න බොන්න දෙන්න සල්ලි නැතිවෙන්න පුලුවන්. ඒත් උඹලට කොන්ඩම් එකක් පෙත්තක් ගන්න සල්ලි තියෙන්න ඇතිනේ. දැන් ඉතින් පරක්කු වැඩියි. කරුණාකරලා ලමයව ගෙදර එකක පලයන්.
    උඹලට කවුරුහරි දානපතියෙක් උදව් කරයි ලමයට උගන්වන්න. ලමයි හැදෙන්න ඔන අම්මගෙයි තාත්තගෙයි රැකවරණය තුල. දෙමව්පියන්ගෙන් ලැබෙන රැකවරනය වෙන කාගෙන්වත් ලැබෙන්නේ නෑ. උඹලගෙ පොඩි කාලේ මතක් කරගනින්. මේවා මහ සහගහන අපරාධ. මේ පොඩි එකා අඬන විදිය දැක්කම මගේ පපුව හොස් ගාලා ගියා.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන්, ඒ ලමයව ක්‍රිස්තියානි පල්ලියට (සෙමනේරියට ) යවනවට උබ විරුද්දද? මොකද උබ කිව්ව දේවල් පන්සලට වඩා හොදට එහේ තියනවා. ඉතින් පන්සලේ හාමුදුරුවෙඔ වෙනවා. පල්ලියේ පාදිලි වෙනවා. උබේ අර්ත ඩැක්වීම නම් ප්‍රතිපලය, ඔය දෙකම එකයිනේ.. මේ ජීවිත ගමනේ දෙගොල්ලොම් දකින්නේ මිහිපිට සුගතියනේ.. එහෙනම් කන්න අදින්න නැති පවුල්වල ලමයි හො දහය විස්ස කියලා බෙදලා පල්ලියටත්, පන්සලටත් බාරදෙමු..

    ඕක ප්‍රායොහිකව කෙරෙන්නෙ නෑනෙ බන් කොහොමත්. කතොලික පවුල් වල ලමයින්ව යවන්නෙ සෙමනෙරියට , බුඩිස්ට් පවුල් වල ලමයින්ව යවන්නෙ පන්සලට. උබ කියනව වගේ වැඩි සැපට සෙමනේරියෙ ඉන්න පුලුවන් තමයි. මිනිස්සු දුප්පත්කම + තමන්ගෙ ආගම කියන දෙකම සලකනව මේ තිරනේ ගන්නකොට. මම නම් උබ කියන සිඩ්දිය වෙනව අහලම නෑ. ඇත්තටම එහෙම වෙනවද.?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕක ප්‍රායොහිකව කෙරෙන්නෙ නෑනෙ බන් කොහොමත්. කතොලික පවුල් වල ලමයින්ව යවන්නෙ සෙමනෙරියට , බුඩිස්ට් පවුල් වල ලමයින්ව යවන්නෙ පන්සලට. උබ කියනව වගේ වැඩි සැපට සෙමනේරියෙ ඉන්න පුලුවන් තමයි. මිනිස්සු දුප්පත්කම + තමන්ගෙ ආගම කියන දෙකම සලකනව මේ තිරනේ ගන්නකොට. මම නම් උබ කියන සිඩ්දිය වෙනව අහලම නෑ. ඇත්තටම එහෙම වෙනවද.?
    කතොලික පල්ලියේ නම් මම දන්න තරමින් දැන් ආගමට පිටින් කාවවත් බන්ද ගන්නේ නැ, විවාහයෙන් ඇරුනහම.. ඒත් ක්‍රිස්තියානී මූලදර්මවාදී මිශනාරී ආගම්වල මම ඔය කිව්ව දේ අදටත් වෙනවා.. අපේ ටැමිල් පවුල් කීපයක්ම ඔකට අහු උනා.. සින්හල අයත් ඉන්නවා. සල්ලිවලත් වඩා උන් දෙන්නේ සාමාන්ය බෞද්ද කතොලික අයට ගන්න බැරි දේවල්. පිටරට වර්ක් පර්මිට්,. පුරවැසිකම් වගේ දේඋවල්..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කතොලික පල්ලියේ නම් මම දන්න තරමින් දැන් ආගමට පිටින් කාවවත් බන්ද ගන්නේ නැ, විවාහයෙන් ඇරුනහම.. ඒත් ක්‍රිස්තියානී මූලදර්මවාදී මිශනාරී ආගම්වල මම ඔය කිව්ව දේ අදටත් වෙනවා.. අපේ ටැමිල් පවුල් කීපයක්ම ඔකට අහු උනා.. සින්හල අයත් ඉන්නවා. සල්ලිවලත් වඩා උන් දෙන්නේ සාමාන්ය බෞද්ද කතොලික අයට ගන්න බැරි දේවල්. පිටරට වර්ක් පර්මිට්,. පුරවැසිකම් වගේ දේඋවල්..

    ඔය කියන තරම් දෙවල් ලැබෙනවනම්, මිනිස්සු ඔවට අහුවෙන එක පුදුමයක් නෙමෙයි. අනික කතෙලික කෙනෙක් වෙන ක්‍රිස්තියානි ආගමකට හරෙන එක ලොකු වැරැද්දක් විදිහට නොදකින්න පුලුවන් කතෝලික , ක්‍රිස්තියානි ආගම් බොහොදුරට සමාන නිසා. ගොඩක් අය ඔය ආගම් වල වෙනස්කම් දන්නෙත් නෑ.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය කියන තරම් දෙවල් ලැබෙනවනම්, මිනිස්සු ඔවට අහුවෙන එක පුදුමයක් නෙමෙයි. අනික කතෙලික කෙනෙක් වෙන ක්‍රිස්තියානි ආගමකට හරෙන එක ලොකු වැරැද්දක් විදිහට නොදකින්න පුලුවන් කතෝලික , ක්‍රිස්තියානි ආගම් බොහොදුරට සමාන නිසා. ගොඩක් අය ඔය ආගම් වල වෙනස්කම් දන්නෙත් නෑ.


    අපො, පැහදිලි වෙනස්කම් තියනවා බන්. කතොලික ආගම ගොඩක්ම විවෘතයි. නිදහස වැඩියි, නමුත් ඔය අනික් මූලදර්ම ආගම්වල මල විකාර ගොඩයි. යොහොවාගේ සාක්ශිකාරයො වගේ එවා අන්තවාදියි. මම දැක්කා එක පැත්තක තැබිලි ගෙඩි 10ක් පොවලා එකෙක් මැරුනා ලෙඩ හොද වෙන්නයි කියලා. ඒත් කතොලික උන් ලෙඩක් උනොත් බේතක් ගනියි, ඊට පස්සෙ පල්ලි යයි. අරුන් ඉස්සෙලා පල්ලි පස්සේ බැරිම නම් දොස්තර.. ඒ වගේ අමු ගොබ්බ නියාවල් තියන පොරවල් ඔවල ඉන්නේ. හැබැයි, එන්ගලන්ත සබාව වගේ කතොලික සබාවත් එක්ක ලගින් වැඩ කරන ප්‍රබේද තියනවා. එන්ගලත සබාවෙන් කතොලික සබාව වෙන් වෙන්නේ ප්‍රදානම පාප්තුමා ඒ අය නායකයා හැටියට පිලිගන්නේ නැති එකෙන්. අනික් වතාවත්, සේන්ට්ලා ඔක්කොම වගේ එකයි.. ඒත් ලන්කාවේ එන්ගලත් සබාවේ පල්ලි මම හිතන්නේ එකයි තියෙන්නේ.. එයාල ගෙවල් ගානේ යන අය නෙමෙයි.. මාකටින් කන්සෙප්ට් එක ඔප්ය දෙකේම නැ. ඒත් මූලදර්මවාදී උන්ගේ තියෙන්නේ තනිකර මාකටින් කන්සෙප්ට් එකක්.. ඒකයි වරදාන දෙන්නේ. අපි නොහිතන පවුල් ඔවට අහු වෙනවා. තද බෞද්ද කනු, තද කතොලික කැපුවත් පල්ලි ගිය උන් ඔවට අහු වෙනවා.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    අපි ඉපදෙනකොට අම්මගේ අප්පගේ ආගම ගන්න, බලෙන් අපිට දෙනවා. අපි කැමති උනත් නැතත් අපි ඒ පරිසරයේ අවුරුදු 10ක් 12ක් ඉන්නකොට ඒක අපේ වෙනවා. අනික් ඔක්කොම අප්සෙට් අපේ එක හරිම හරි කියන මතේට ඔටො එනවා. නමුත් 16-18 වෙනකොට දැනුම් තෙරුම් යනවා. එතකොටත් තමන් හිතනවා නම් මේක තමා හරිම එක කියලා, අන්න ඒකයි ආගමික නිදහස. මේ වීඩියොවේ තියන දෙයි, මුස්ලිම් බොකොහරාම් උන් නයිජීරියාවේ ඉස්කොලේ ලමයි උස්සලා අරන් ගිහින් ගොනිබිලි ඇදුම් අන්දලා මුස්ලිම් කරපු එකෙයි වෙනසක් නැ.

    :yes::yes: baila nathuwa kelinma baluwoth e muslim seen ekai, balen pawidi karana ekei wenasak naha thamai machan. me deyin wenne buddhagama samajaye pirihena eka witharai :(