නොදැනුවත්වම ඔබෙන් වෙන සේවයක්

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නොදැනුවත්වම ඔබෙන් වෙන සේවයක්

    ඉන්ටනෙට් පාවිච්චි කරන ඔයාලාගේ අතින් ඔයාලා නොදැනුවත්වම වෙන සේවයක් ගැනයි මම මේ කියන්න යන්නේ.

    මේකට කියන්නේ reCAPTCHA කියලා.

    reCAPTCHA ගැන කියන්න කලින් CAPTCHA ගැන පොඩ්ඩක් කියන්න වෙනවා
    CAPTCHA(Completely Automated Public Turing test to tell Computers and Humans Apart) කියන්නේ පරිගනක වැඩසටහනක්(Program).

    වෙබ් අඩවියක් bot වර්ගයේ හානිකර වැඩසටහන් වලින් ආරක්ෂා කරන්න තමයි CAPTCHA තාක්ෂණය භාවිතා කරන්නේ.
    මේ bot වලට පුලුවන් මනුස්සයෙක් වගේ රඟපාන්න(imitates the behavior of a human). ඒ කියන්නෙ වෙබ් අඩවියක තියන form එකක් පුරවලා register වෙන්න,චැට් රූම් වල චැට් කරන්න,Spamming වගේ දේවල් ඉබේටම කරන්න මේ bots වලට පුලුව්න්.ඔයාලා දැකලා ඇති ගොඩාක් වෙබ් අඩවි වල register වෙන්න ගියාම මේ වගේ දෙයක්.
    CAPTCHA.jpg


    මේකෙන් බලන්නේ මේ register වෙන්න හදන්නේ ඇත්තටම මනුස්සයෙක්ද නැත්නම් අර වගේ bot එකක් ද කියලා.මේ තියන වචනය bot එකකට අදුනගන්න බැහැ.
    මනුස්සයෙක්ට විතරයි මේක හරියටම ටයිප් කරන්න පුලුවන්. ඔන්න ඔය විදියට තමයි CAPTCHA වැඩකරන්නේ.

    හරි. දැන් අපි මාතෘකාවට එමු. reCAPTCHA කියන්නෙ මේ CAPTCHA තාක්ෂණයම භාවිතා කරන ගමන් තවත් ප්‍රයෝජනයක් ගන්න විදියක්. කොටින්ම කිව්වොත් එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරාගන්න විදියෙ වැඩක්.
    recaptcha-logo.jpg

    reCAPTCHA වලින් කරන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් තියන පොත්,පත්තර වගේ දේවල් ඩිජිටල් ක්‍රමයට ගබඩා කරන්න උදව් දීමක්(digitize books, newspapers and old time radio shows)
    මේක ගොඩාක් අයගෙ උදව්වෙන් මහා පරිමාණ ව්‍යාපෘතියක් විදියට කරගෙන යන දෙයක්. අරමුණ තමයි පැරණි ලේඛණ සංරක්ෂණය කිරීම. ඉතින් ගොඩාක් පරණ පොත්,පත්තර වගේ දේවල් scan කරලා ඒවායේ තියන වචන
    ඩිජිටල් මාධ්‍යයට හැරවීමේදී ඒ වචන ඒ ආකාරයෙන්ම ලබා ගැනීම අපහසුයි.මොකද මේ පොත් scan කරලා ගන්නේ ෆොටෝ විදියටනේ(photographically scanned). ඉන්පසුව ම්රුදුකාංගයක්(Optical Character Recognition-OCR) මගින් අකුරු හඳුනාගන්නවා. නමුත් අපැහැදිලි අකුරු මේ විශේෂ ම්රුදුකාංග(OCR) වලට අඳුනා ගන්න අමාරුයි.
    sample-ocr.png


    මෙන්න මෙතනදි තමයි අපේ සහයෝගය ඕන වෙන්නේ. :nerd: ඒ විදියට අපැහැදිලි වචනයක් සමග අපිට දැනටමත් අඳුනාගත්
    වචනයක් ඉදිරිපත් කරනවා.
    recaptcha.png

    එතකොට දැනටමත් දන්න වචනය අපි හරියට ටයිප් කලොත් මේ reCAPTCHA එකෙන් හිතාගන්නවා අපි දීපු උත්තරය හරි කියලා.
    මේ විදියට එකම අපැහැදිලි වචනය කීප දෙනෙක්ට විසඳන්න දීලා වැඩිම ගනනක් තෝරපු වචනය හරි එක විදියට reCAPTCHA එකෙන් තෝරගන්නවා. සාමාන්‍යයෙන් මේ විදියට
    දවසකට වචන මිලියන 200 ක් විතර මිනිස්සුන්ගෙ උදව්වෙන් විසඳගන්නවා.සරලවම කිව්වොත් මේක තමයි reCAPTCHA කියන්නෙ.

    ඉතින් ඔයාලගේ වෙබ් සයිට්ස් වලටත් spamming වගේ කරදර තියනම් මේ reCAPTCHA එක පාවිච්චි කරන්න පුලුවන්. ඒකෙන් ඔයාලට වගේම ලෝකයටත් සේවයක් වෙනවනේ.

    Get reCAPTCHA

    :D:D:D:D:D
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ela macho. dan hugak site vala reCAPTCHA thiyenava rep+++


    Ela post eka macho watina information ekak,thnx,
    rep added.

    wow usefull machan

    Elaz thanx

    gud work machan,jdownloader wlata nam anti captcha plugin eka install kalama ,api involve wenna one ne,automatically type wenawa

    ela...Nice Post

    Thankz Bro ~ !

    nice

    rep+++


    Thanx :D:D:D:D
     

    tgv

    Member
    Jun 24, 2008
    2,296
    56
    0
    i don't no
    නියමයි මචන්
    නොදන්නා දෙයක් දැන ගත්තා
    රෙප් දෙන්න බෑ කියනව