නොදking Story 02 - ආදම් සහ ඒව

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
නොදking Story 02 - ආදම් සහ ඒව

2011 මාර්තු 05 වෙනි සෙනසුරාදා, 18:34 අවුරුද්දකට විතර කළින් නොදකිං තුමාට ඇමරිකාවෙ සම්මන්ත්‍රණයකට යන්න ලැබුණා. කාලෙකින් නෑයෝ-බෑයෝ හේමත් දැක්කෙ නැති නිසා නොදකින් තුමා සිය පිරිවරත් එක්ක රටේ භාණ්ඩාගාරෙ තියෙන පුද්ගලික සල්ලි වියදම් කරල තරු පහේ ටුවර් එකක් ගියා.
ඉතිං මේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අතරෙ දවසක පොඩි චේන්ජ් එකකටත් එක්ක ඇමරිකාවේ ජනාධිපති ඔබාමා සියලුම රාජ්‍ය නායකයින්ට කෞතුකාගාරයක් බලන්න යන්න සෙට් කරලා තිබ්බා. ඔන්න ඉතිං නොදකිං තුමා වයිපරෙත් ඉස්සර කරගෙන මේ චාරිකාවට එකතු වුණේ ඔබාමා එක්ක ‍ෆොටෝ කෑල්ලකට මූණ දාගන්නව කියලා හිතාගෙනමයි.
ඉතිං මේ අරමුණ හිතේ තියාගෙන පොර ඔබාමා වටේ කැරකෙන්න ගත්තා. නොදකිං හොරගල් අහුලනවා දැකලත් ඔබාමා දැක්කෙ නෑ වගේ ප්‍රංශෙ ජනාධිපති සාර්කෝසිට සෙට් වුණා. දැන් ඩබල කතා කර කර කෞතුක වස්තු නරඹනවා. නොදකිං තුමාත් ඔබාමා පස්සෙන් හොරගල් අහුලනවා.මෙහෙම ටික වෙලාවක් යද්දී කෞතුකාගාරේ ගහල තිබ්බ ලොකු පිංතූරයක් ගාව ඔබාමා නතර වුණා.
ආදම් සහ ඒවා ඇපල් ගෙඩියක් අරගෙන වනාන්තරයක ඉන්න දර්ශනයක් මේ චිත්‍රයේ අපූරුවට ඇඳලා තිබ්බා.
ඉතිං මේ පිංතූරෙ ගාව නතරවෙලා ඔබාමා දිග නයෙක් අරින්න පටන් ගත්තා.
"මේ පිංතූරෙ ඉන්නේ ලෝකේ පළවෙනි මනුස්සයයි ගැහැණියයි. බලන්න මේ දෙන්න ආදරෙන් වෙළිල ඉන්න හැටි. ඇස්වලින් මතුවෙන නිදහස් අධ්‍යාත්මික හැඟීම.... මේ පිංතූරෙ දැක්කම මට හිතෙන්නේ මිනිස් වර්ගයා පැවත එන්නේ ඇමරිකානුවන්ගෙන් කියලා."
මේ කතාව අහලා සාර්කෝසි උන්නැහෙත් පොඩ්ඩක් කිට්ටු වෙලා පිංතූරෙ දිහා බැලුවා. ඊට පස්සේ ඔලොක්කු හිනාවක් ඔබාමා උන්නැහේට දාල මෙහෙම කිව්වා.
"මොන පිස්සුද මේ දෙන්න කොහොමද ඇමරිකන් කාරයො වෙන්නේ? මේ ඉන්නේ ප්‍රංශ ජෝඩුවක්නේ. ස්වභාව ධර්මයේ චමත්කාරයෙන් මත් වෙලා ඉන්නේ හෙළුවෙන් හිනාවෙවී ඉන්න පුළුවන් වෙන මොන ජාතියකටද?
මේ යන ටෝක් එක අපේ නොදකිං තුමාට ඇල්ලුවෙ නෑ. ඊටත් මිනිහා මෙහේ ඉන්න ලොකුම දේශප්‍රේමියානේ...
ඔබාමයි සාර්කෝසියි මැද්දට පැනපු නොදකිං තුමා කලා විචාරයක් පටන් ගත්තා.
"මේ ඉන්නේ ඇමරිකන් ජෝඩුවක් වත් ප්‍රංශ ජෝඩුවක් වත් නෙවෙයි...
සාර්කෝසියි ඔබාමයි මූණෙන් මූණ බලාගන්න අතරෙ නොදකිං තුමා තමන්ගෙ නිගමනේට හේතු ඉදිරිපත් කරන්න ගත්තා.
"බලන්න මේ දෙන්නට අඳින්න වස්තරයක් නෑ. කන්න තියෙන්නේ ගහකින් කඩාගත්ත ඇපල් ගෙඩියක් විතරයි. ඒ වුණාට ඒ දෙන්න හිතාගෙන ඉන්නේ ඉන්නේ පාරාදීසයක කියලා...
ශ්‍රී ලාංකිකයො ඇර වෙන මොන ජාතියද ඒ වගේ හිතන්නේ."

source:http://www.lankatruth.com/sin/index.php/king-story/10071-king-story-02---
 
පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර

කියවන්න ලේසි වෙන්න ඔන්න ලොකු කලා.....:yes::yes::yes: