මම අද මොකක් හරි තැනක තිබිලා කියෙව්වා, ලංකාවේ රජ කම් කරපු රජවරු 192 කු සිටිය බවත්, එයින් 145 දෙනෙක්ම කලින් රජතුමාව (බොහෝ අවස්ථා වල තමන්ගේ පියා, හෝ සහෝදරයා) මරා බලයට පත්වූවන් බව.
ලංකා විශ්වවිද්‍යාලයෙන් ගහපු ලංකාවේ ඉතිහාස පොත් දෙකක ලංකාවේ ඉතිහාසය දීර්ග ලෙස තියෙනවා. ඒක කියෙව්වහම සංසාරේ එපා වෙනවා. පුදුම මැරිල්ලක් තියෙන්නේ.
ගොඩක් රජවරු ජීවත් වුනේ දවසයි, සතියයි, මාසයයි, අවුරුද්දයි දෙකයි. පුතා රජ්ජුරුවෝ මරනවා. එහෙම නැතිනම් බෑනා, සහෝදරවරු, සෙනෙවියන්, ....
ඉතාම කලාතුරකින් තමයි රජ කෙනෙක් අවුරුදු 10,20,30 පාලනය කරේ. ඒ ස්වල්ප දෙන තමයි අපි සාමාන්‍ය ඉතිහාස පොත්වලින් දන්නේ (වළගම්බා, දුටුගැමුණු, පරාක්‍රමබාහු වගේ) .
කුවේණි ගේ ඉදන් ඇහැලේපොල දක්වා ලංකාවේ පාවාදීම ගැන කප් ගහල තියෙනවා.
එක පාරක් ලංකාවේ සොළින්ගෙන් අරාජික වෙලා තියෙද්දී එක රජ කුමරෙක් ලංකාව නිදහස් කරන්න සටන් කල (වළගම්බා රජු ද කියල මතක නැහැ). අවුරුදු 40 විතර මහා ලේ වැගිරීමක් උනේ. ලක්ෂ ගනම් මැරුණා. දකුණේ ඉදන් උතුරට ගහගෙන යනකොට ගොඩක් අවස්ථාවලිදී සිංහල සේනාව පරාජය උන. එත් එක පාරක් ඔහොම ගහගෙන පොලොන්නරුව ලගටම ගිය. ජයග්‍රහණය අතේ තිබ්බේ. එක පාරටම අපේ සෙනෙවිවරු දෙන්නෙක් සොළින්ගේ පැත්ත ගත්ත.
රජ්ජුරුවෝ විතරයි පන බේරිලා දකුණට අපහු ආවේ.