නොපිරිහෙන කෙනෙක් වෙන්නට නම්
අපිට මේ ධර්මය ලැබුන වෙලාවෙදි, ධර්මය අවබෝධකිරීම පිණිස අපි තුළ, තව කෙනෙකුට වෙනස් කරන්ට බැරි බලවත් වූ කැමැත්තක් උපදවාගත යුතුයි. ඒ කැමැත්ත නැතුව ධර්ම මාර්ගයට පැමිණෙනවා කියන එක ගැන කතාකරන්ට පුළුවන්කමක් නෑ. ධර්ම මාර්ගයට පැමිණෙනවා කියන එක ගැන කතාකරන්ට පුළුවන්කමක් නැති තැනක, ඒ ධර්මය පුරුදුකිරීමක් ගැන කතාකිරීමක් නෑ. එතකොට ධර්මය පුරුදුකිරීම ගැන කතාකිරීමක් නැත්නම්, ධර්මය අවබෝධකිරීම ගැන කතාකිරීමකුත් එතන නෑ.
එතකොට අපි කොතනින්ද පටන්ගත යුතුවන්නේ? ධර්මය අවබෝධ කිරීම පිළිබඳව, සසර දුකින් නිදහස්වීම පිණිස තියුණු කැමැත්තක් උපදවාගැනීමෙන් තමයි ධර්ම මාර්ගයට පිවිසෙන්ට පුළුවන්කම තිබෙන්නෙ. අන්න එබඳූ කැමැත්තක් අපි උපදවගත්තොත් ඒ මග දැනගන්ට අපිට අවස්ථාව තියෙනව.
ධර්මය අවබෝධකිරීමට කැමැත්තක් නැතිකෙනාට මග පැහැදිලි කරගන්ට බෑ. ඇයි එයා තුළ උපන් කැමැත්තක් නෑ, උපන් වුවමනාවක් නෑ. දැන් බලන්න යම් කෙනෙකුට වගාකරගන්ට කියල සාරවත් ඉඩමක් දුන්නොත්, වුවමනාවක් තිබුණොත් නේද එයා ඒකෙ සරුබව ඉස්මතු කරල, සාරවත් ඵල නෙලාගන්ට පුළුවන් විදිහට ඒ බිම සශ්‍රීක කරගන්නෙ.
එහෙම කැමැත්ත තියෙන කෙනා නේද ඒ සඳහා වෙහෙස මහන්සිවෙලා ඒ කටයුත්ත කරගන්නෙ. එහෙම කැමැත්තක් නැතිකෙනෙකුට, ආසාවක් නැතිකෙනෙකුට සරු සාර ඉඩමක් දුන්නොත් මොකද වෙන්නෙ? එයා ඒ කැමැත්ත නැති නිසා ඒක පුරන්වෙන්ට අරිනව. ඒකෙ සරුබව එයා පිළිගන්නෙත් නෑ. එයා හේතුවක් හදාගන්නව, මේකෙන් ප්‍රයෝජනයක් ගන්ට බෑ කියන්න.
එතකොට කොයිතරම් මේ ධර්මය ඉගෙනගත්තත්, ධර්මය පුරුදුකිරීම පිණිස කොතරම් මගපෙන්වීම් තිබුනත් ඒ ඉගෙනගත්ත දෙයින් හෝ ඒ මගපෙන්වීම් වලින් හෝ අපට ප්‍රයෝජනයක් ලබන්ටනම් මොකක්ද තිබිය යුතු මූලිකම සුදුසුකම? ඒ තමයි තියුණු කැමැත්ත. ඒක ලාමක කැමැත්තක්ද? නෑ. තියුණු කැමැත්තක්.
ලාමක කැමැත්තක් තිබුණොත් ඒක කම්මැළිකමට වැටෙනව. ධර්මය අවබෝධකර ගැනීම පිණිස බලවත් කැමැත්තක් අපි තුළ තියෙන්ට ඕනැ. සසර දුකින් නිදහස්වීම පිණිස තියුණු කැමැත්තක්, බලවත් වූ කැමැත්තක්, තව කෙනෙකුට නසන්ට බැරි කැමැත්තක් අපි උපදවගන්ට ඕනැ. එයාට ප්‍රමාණවත් මගපෙන්වීම් ධර්මය තුළ තිබෙනව.
එතකොට ඒ විදිහට තියුණු කැමැත්තක් අපි උපදවගන්නෙ කොහොමද? අපිට ජීවිතේ මූණදෙන්ට සිද්ධවෙන දුක පිළිබඳව කල්පනාකිරීමෙන් තමයි ඒ කැමැත්ත උපදින්නෙ. භාග්‍යවතුන් වහන්සේ අපිට ආර්ය සත්‍යය තුළ පෙන්වා දී තිබෙන ඒ දුක පිළිබඳව අපි සිහිකරන්ට ඕනැ. මේ දුක්ඛ ආර්ය සත්‍යය තුළ කියාදෙන දුක අපේ ජීවිතේ තුළ තිබෙන දෙයක් විදිහට අපි තේරුම්ගත්තොත් අන්න එයා තුළ කැමැත්ත ඉපදෙනව, "ඒ දුක තවදුරටත් නොවිඳිය යුතුයි, මේ දුකෙන් නිදහස්විය යුතුයි, නිදහස්වෙන්ට ඕනැ" කියන කැමැත්ත එයා තුළ ඉපදෙනව.
අපිට දුකක් තියෙනවා කියල යම්කෙනෙක් පිළිනොගත්තොත්, මේ දුක පිළිබඳ පිළිගැනීමක් හට නොගත්තොත්, එයා තුළ දුකෙන් නිදහස්වීම පිළිබඳ අදහසක් එනවද? එන්නෙ නෑ. නමුත් යම් කෙනෙක් අපේ ජීවිතේ තිබෙන දුක පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට තේරුම්ගත්තොත්, එයා ඒකාන්ත වශයෙන් ම ඒ දුකෙන් නිදහස්වෙන්ට කැමතිවෙනව. එයා දන්නව ඒ දුක අවබෝධනොකර කොතැනකවත් ඒ දුකේ නිදහස්වීමේ ස්වභාවයක්, දුකෙන් තොරව වාසය කිරීමක් නෑ කියල.
දුක ගැන තේරුම්නොගන්න කෙනා කල්පනා කරනව, "කොහේහරි මේ දුක නැතිතැනක් තියෙනව" කියල. ඒ කියන්නෙ එයාට හිතෙනව "මොනවහරි මීට වඩා සැප තැනක් තියෙනව" නමුත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් විදිහට අපි දුක ගැන තේරුම්ගත්තොත්, එයා දන්නව මේ දුකෙන් නිදහස්වීම හැරුණුවිට වෙනත් යහපත් තැනක් ලෝකයේ නෑ කියල.
අන්න එයා "දුකෙන් නිදහස්විය යුතුයි" කියන තියුණු කැමැත්ත උපදවගන්නව. ඒ නිසා දුක ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන විදිහට හොඳට ඉගෙනගෙන, ඒ දුක ගැන හොඳට සිහිකරන්න. තමන්ගෙ ජීවිතය තුළ ඒ දුක්ඛ ආර්ය සත්‍යය හොඳින් තේරුම්ගන්න මහන්සිවෙන්න. අන්න එතකොට අපිට ඒ දුකෙන් නිදහස්වීම පිළිබඳව බලවත් වූ කැමැත්ත උපදිනව.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!
වාසනාවන් මට කළණ මිතුරන් ඇසුර....
පින්වතුනි, මේ ලෝකේ යම් කෙනෙක් නොපිරිහෙනව නම්, එසේ නොපිරිහෙන්ට පුළුවන්කම තිබෙන්නේ, සියලු දුකෙන් නිදහස් වූ කෙනාට පමණයි. ඒ විදිහට නිදහස් වූ කෙනාට පිරිහීමක් වෙන්නෙ නෑ, ආපස්සට පැමිණීමක් වෙන්නෙ නෑ. එතකොට අපි නොපිරිහෙන කෙනෙක් වෙන්ටනම්, ආපස්සට නොපැමිණෙන කෙනෙක් වෙන්ටනම් අපි ලඟ කැමැත්තක් තියෙන්ට ඕනැ. ඒ කැමැත්ත මුල්වෙලා තමයි, ඒ දක්වා ගමන් කරන්ට අපිට පුළුවන්කම තිබෙන්නෙ.අපිට මේ ධර්මය ලැබුන වෙලාවෙදි, ධර්මය අවබෝධකිරීම පිණිස අපි තුළ, තව කෙනෙකුට වෙනස් කරන්ට බැරි බලවත් වූ කැමැත්තක් උපදවාගත යුතුයි. ඒ කැමැත්ත නැතුව ධර්ම මාර්ගයට පැමිණෙනවා කියන එක ගැන කතාකරන්ට පුළුවන්කමක් නෑ. ධර්ම මාර්ගයට පැමිණෙනවා කියන එක ගැන කතාකරන්ට පුළුවන්කමක් නැති තැනක, ඒ ධර්මය පුරුදුකිරීමක් ගැන කතාකිරීමක් නෑ. එතකොට ධර්මය පුරුදුකිරීම ගැන කතාකිරීමක් නැත්නම්, ධර්මය අවබෝධකිරීම ගැන කතාකිරීමකුත් එතන නෑ.
එතකොට අපි කොතනින්ද පටන්ගත යුතුවන්නේ? ධර්මය අවබෝධ කිරීම පිළිබඳව, සසර දුකින් නිදහස්වීම පිණිස තියුණු කැමැත්තක් උපදවාගැනීමෙන් තමයි ධර්ම මාර්ගයට පිවිසෙන්ට පුළුවන්කම තිබෙන්නෙ. අන්න එබඳූ කැමැත්තක් අපි උපදවගත්තොත් ඒ මග දැනගන්ට අපිට අවස්ථාව තියෙනව.
ධර්මය අවබෝධකිරීමට කැමැත්තක් නැතිකෙනාට මග පැහැදිලි කරගන්ට බෑ. ඇයි එයා තුළ උපන් කැමැත්තක් නෑ, උපන් වුවමනාවක් නෑ. දැන් බලන්න යම් කෙනෙකුට වගාකරගන්ට කියල සාරවත් ඉඩමක් දුන්නොත්, වුවමනාවක් තිබුණොත් නේද එයා ඒකෙ සරුබව ඉස්මතු කරල, සාරවත් ඵල නෙලාගන්ට පුළුවන් විදිහට ඒ බිම සශ්‍රීක කරගන්නෙ.
එහෙම කැමැත්ත තියෙන කෙනා නේද ඒ සඳහා වෙහෙස මහන්සිවෙලා ඒ කටයුත්ත කරගන්නෙ. එහෙම කැමැත්තක් නැතිකෙනෙකුට, ආසාවක් නැතිකෙනෙකුට සරු සාර ඉඩමක් දුන්නොත් මොකද වෙන්නෙ? එයා ඒ කැමැත්ත නැති නිසා ඒක පුරන්වෙන්ට අරිනව. ඒකෙ සරුබව එයා පිළිගන්නෙත් නෑ. එයා හේතුවක් හදාගන්නව, මේකෙන් ප්‍රයෝජනයක් ගන්ට බෑ කියන්න.
එතකොට කොයිතරම් මේ ධර්මය ඉගෙනගත්තත්, ධර්මය පුරුදුකිරීම පිණිස කොතරම් මගපෙන්වීම් තිබුනත් ඒ ඉගෙනගත්ත දෙයින් හෝ ඒ මගපෙන්වීම් වලින් හෝ අපට ප්‍රයෝජනයක් ලබන්ටනම් මොකක්ද තිබිය යුතු මූලිකම සුදුසුකම? ඒ තමයි තියුණු කැමැත්ත. ඒක ලාමක කැමැත්තක්ද? නෑ. තියුණු කැමැත්තක්.
ලාමක කැමැත්තක් තිබුණොත් ඒක කම්මැළිකමට වැටෙනව. ධර්මය අවබෝධකර ගැනීම පිණිස බලවත් කැමැත්තක් අපි තුළ තියෙන්ට ඕනැ. සසර දුකින් නිදහස්වීම පිණිස තියුණු කැමැත්තක්, බලවත් වූ කැමැත්තක්, තව කෙනෙකුට නසන්ට බැරි කැමැත්තක් අපි උපදවගන්ට ඕනැ. එයාට ප්‍රමාණවත් මගපෙන්වීම් ධර්මය තුළ තිබෙනව.
එතකොට ඒ විදිහට තියුණු කැමැත්තක් අපි උපදවගන්නෙ කොහොමද? අපිට ජීවිතේ මූණදෙන්ට සිද්ධවෙන දුක පිළිබඳව කල්පනාකිරීමෙන් තමයි ඒ කැමැත්ත උපදින්නෙ. භාග්‍යවතුන් වහන්සේ අපිට ආර්ය සත්‍යය තුළ පෙන්වා දී තිබෙන ඒ දුක පිළිබඳව අපි සිහිකරන්ට ඕනැ. මේ දුක්ඛ ආර්ය සත්‍යය තුළ කියාදෙන දුක අපේ ජීවිතේ තුළ තිබෙන දෙයක් විදිහට අපි තේරුම්ගත්තොත් අන්න එයා තුළ කැමැත්ත ඉපදෙනව, "ඒ දුක තවදුරටත් නොවිඳිය යුතුයි, මේ දුකෙන් නිදහස්විය යුතුයි, නිදහස්වෙන්ට ඕනැ" කියන කැමැත්ත එයා තුළ ඉපදෙනව.
අපිට දුකක් තියෙනවා කියල යම්කෙනෙක් පිළිනොගත්තොත්, මේ දුක පිළිබඳ පිළිගැනීමක් හට නොගත්තොත්, එයා තුළ දුකෙන් නිදහස්වීම පිළිබඳ අදහසක් එනවද? එන්නෙ නෑ. නමුත් යම් කෙනෙක් අපේ ජීවිතේ තිබෙන දුක පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයට තේරුම්ගත්තොත්, එයා ඒකාන්ත වශයෙන් ම ඒ දුකෙන් නිදහස්වෙන්ට කැමතිවෙනව. එයා දන්නව ඒ දුක අවබෝධනොකර කොතැනකවත් ඒ දුකේ නිදහස්වීමේ ස්වභාවයක්, දුකෙන් තොරව වාසය කිරීමක් නෑ කියල.
දුක ගැන තේරුම්නොගන්න කෙනා කල්පනා කරනව, "කොහේහරි මේ දුක නැතිතැනක් තියෙනව" කියල. ඒ කියන්නෙ එයාට හිතෙනව "මොනවහරි මීට වඩා සැප තැනක් තියෙනව" නමුත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් විදිහට අපි දුක ගැන තේරුම්ගත්තොත්, එයා දන්නව මේ දුකෙන් නිදහස්වීම හැරුණුවිට වෙනත් යහපත් තැනක් ලෝකයේ නෑ කියල.
අන්න එයා "දුකෙන් නිදහස්විය යුතුයි" කියන තියුණු කැමැත්ත උපදවගන්නව. ඒ නිසා දුක ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන විදිහට හොඳට ඉගෙනගෙන, ඒ දුක ගැන හොඳට සිහිකරන්න. තමන්ගෙ ජීවිතය තුළ ඒ දුක්ඛ ආර්ය සත්‍යය හොඳින් තේරුම්ගන්න මහන්සිවෙන්න. අන්න එතකොට අපිට ඒ දුකෙන් නිදහස්වීම පිළිබඳව බලවත් වූ කැමැත්ත උපදිනව.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!
පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි
.
Last edited: