නොමිලේ විදුලිය (විහිලු නෙමෙයි)
විදුලිය නිපදවන්න අපූරු ද්‍රව්‍යයක්
නයිජීරියාවේ ජනගහනය මිලියන 162 කි. ඉන් බහුතරයකට විදුලිබලය නැත. මේ නිසා එරට විදුලිය සඳහා වන ඉල්ලුම ද අධිකය. මේ අධික ඉල්ලුමට පිළියමක් ලෙස පසුගියදා විදුලිය නිපදවීම සඳහා අපූරු අමුද්‍රව්‍යයක් සොයා ගනු ලැබුවේ එරට 14 හැවිරිදි පාසල් සිසුවියන් පිරිසක් විසිනි.
ඔවුනට අනුව මේ අලුත්ම අමුද්‍රව්‍ය මිනිස් මුත්‍රය. ඔවුන්ගේ සොයා ගැනීම අනුව ලීටරයක මිනිස් මුත්රවලින් පැය 6 කට සෑහෙන විදුලි බලයක් ජනනය කරගත හැකි වේ.
මේ දැරියන්ගේ ක්‍රමවේදය අනුව ප්‍රථමයෙන්ම මුත්‍රා විද්‍යුත් විච්ජේදක කෝෂයක් මඟින් නයිට්රජන්, ජලය සහ හයිඩ්රජන් ලෙස විච්ඡේදනය කර ගනී. එලෙස විච්ඡේදනය කරගත් හයිඩ්රජන් ජල පෙරණයක් හරහා ගොස් පිරිසුදු වෙයි. පිරිසුදු කරගත් හයිඩ්රජන් ගෑස් සිලින්ඩරයකට ඇතුළු කර එමඟින් ද්‍රවමය බොරැක්ස් සිලින්ඩරයකට ඇතුළු කෙරේ. එහිදී හයිඩ්රජන්වල ඇති තෙතමනය ඉවත් කෙරෙන අතර එලෙස පිරිසුදු කරගත් හයිඩ්රජන් විදුලි උත්පාදන යන්ත්‍රයට ඇතුළු කිරීමෙන් විදුලිය නිපදවා ගැනේ.
මුත්‍රා මඟින් විදුලිය නිපදවීමේ මේ ක්‍රමවේදය තවදුරටත් වැඩිදියුණු කරගත යුතු යැයි ඔව්හු පවසති. මේ සිසුවියෝ සිය නව සොයා ගැනීම පසුගියදා ලාගෝස් නුවර පැවැති නව සොයා ගැනීම් සඳහා වන පදනමකට ඉදිරිපත් කළහ.

Last edited: