නොමිලේ විදුලිය
හෙට වෙනුවෙන් අද විදුලිබලය සුරැකීමේ ජාතික සත්කාර්යයට සමගාමීව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම එක්ව ශ්‍රී ලංකාවේ ලක්ෂ 46 ක් වන ගෘහස්ත විදුලි පාරිභෝගිකයන්ට සහභාගි විය හැකි පරිදි, මාසයක් විදුලිය නොමිලේ ලබාගත හැකි වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මෙම වැඩසටහන අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එකී නිවේදනය පහත පරිදිය.
ගෘහස්ථ විදුලි බිල 2012 මාර්තු මාසයට සාපේක්ෂව 20% ක අගයකින් අඩුකරගන්නා පාරිභෝගිකයින් මෙම වැඩසටහන සඳහා පූර්ණ සුදුසුකම් ලබයි. එමෙන්ම මාර්තු මාසයට සාපේක්ෂව 10% කින් සිය විදුලි බිල අඩුකරගන්නා ගෘහස්ත විදුලි පාරිභෝගිකයින් සඳහාද සිය මාසික විදුලි බිලෙන් 50% ක වට්ටමක් ලබාගැනීමට හැකියාව ඇත. මේ සඳහා ඕනෑම ගෘහස්ථ විදුලි පාභෝගිකයෙකුට ලියාපදිංචි විය හැක. අප්‍රේල්, මැයි හෝ ජුනි මාස තුනෙන් එක් මසක හෝ අදාළ අගයන්ගෙන් විදුලි බිල අඩුකරගැනීමෙන්, මාසයක් නොමිලේ විදුලිය ලබාගැනීමට හෝ විදුලි බිලෙන් 50% ක වට්ටමක් ලබාගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව ඇත.
ඒ අනුව 20% ක් විදුලිය ඉතිරි කරගත් විදුලි පාභෝගිකයින් 1000 ක් කුසපත් ඇදීමක් මඟින් තෝරාගැනේ. ඔවුන් වෙත අදාළ මස විදුලිය සඳහා වන වියදම්. ලංවිම හෝ ලෙකෝ ආයතන මඟින් ලබාදේ. එමෙන්ම 10% කින් විදුලිය ඉතිරි කරගන්නා ලංවිම හා ලෙකෝ පාරිභෝගිකයින් 5000 ක් වෙනුවෙන් මාසික බිල්පතෙන් 50% ක වට්ටමක් ලබාදීමටද නියමිතය.
මේ සඳහා ලියාපදිංචිවීම් කටයුතු මේ මස 01 දා ආරම්භ විය. මෙම අනගි අවස්ථාවට සහභාගි වීම සඳහා SMS පණිවිඩයක් එවීම මඟින් ලියාපදිංචි විය හැකිය. ලංවිම පාරිභෝගිකයෙක් නම් ලියාපදිංචිය සඳහා L<හිස්තැනක්> අංක 10 කින් සමන්විත ලංවිම ගිණුම් අංකය සඳහන් කර 0114 338338 අංකයටSMS කළ යුතුය. ලෙකෝ පාරිභෝගිකයෙක් නම් ලියාපදිංචිය සඳහා esc<හිස්තැනක්> අංක 10 කින් සමන්විත ලෙකෝ ගිණුම් අංකය සඳහන් කර 0714 643643 අංකයට SMS කළ යුතුය.
මෙම තරඟය පිළිබඳව වැඩි විස්තර, අප්‍රේල් මස 01 වැනිදා සිට මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පලකෙරෙන අතර 02 වනදා සිට සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කෙරේ. නැතහොත් ලංවිම හෝ ලෙකෝ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාල මඟින් වැඩි විස්තර ලබාගත හැක. ක්ෂණික දුරකථන ඇමතුම් 1901, 1987 හෝ 1910 ඔස්සේද මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකි බව අවධාරණය කරන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, මෙම මහගු අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනිම සඳහා ඉක්මනින් තම ලියාපදිංචිය සිදුකරගන්නා ලෙස විදුලි පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.
"හෙට ගැන හිතමු - විදුලි බුබුළක් නිවමු"
meya derana news web adawiyen uputagath lipiyaki