නොරොච්චෝලේ චීනයටම විකිණේ !

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
නොරොච්චෝලේ චීනයටම විකිණේ !

නොරොච්චෝලේ චීනයටම විකිණේ !

- විදුලිය ජනන ගාස්තු ඉහළයාම නිසා ලංකා විදුලි බල මණ්ඩලය මුහුණ පා සිටින දැඩි මූල්‍ය අර්බුදයකට විසඳුමක් ලෙස නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය එය ඉදිකළ චීන සමාගමට ම පැවැරීම සඳහා රජය එම සමාගම සමඟ සාකච්ඡුා කරමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලය ආරංචි මාර්ග සඳහන් කරයි.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය සඳහා රජය චීනයේ එක්සිම් බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1350ක ණය මුදලක් ලබාගෙන තිබෙන අතර එම ණයට හිලවු කිරීම සඳහා බලාගාරය එය ඉදිකළ චීනයේ සී.එම්.සී.ඊ. සමාගමට පැවරීමට රජය බලාපොරොත්තුවේ.

විදුලිය ජනක ගාස්තු ඉහළයාමෙන් මණ්ඩලය මුහුණ පා සිටින මූල්‍ය අර්බුදයකට විසඳුමක් වශයෙන් විදුලිබල මණ්ඩලයෙන් රජයට විකල්ප දෙකක ඉදිරිපත් කර ඇත.

විදුලිය ගාස්තු ඉහළ නැංවීම පළමුවැනි විකල්පය වන අතර නොරොච්චෝල බලාගාරය චීන සමාගමට පැවරීම දෙවැනි විකල්පය වන බවත් මෙම විකල්පය කෙරෙහි රජයේ වැඩි අවධානය යොමු වී ඇති බවත් ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය මෙගාවොට් 900ක ධාරිතාවකින් යුක්ත වන අතර එය පළමු අදියරේ මෙගාවොට් 300ක් ද දෙවන අදියරේ මෙගාවොට් 600ක් ද වශයෙන් සමන්විත වේ.

නොරොච්චෝල බලාගාරයේ පළමු අදියරේ ඉදිකිරීම් 2007 වසරේ මැයි මාසයේ දී ආරම්භ කෙරුණු අතර ඒ සඳහා චීනයේ එක්සිම් බැංකුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 450ක් ද දෙවන අදියර සඳහා එම බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 900ක් ද වශයෙන් ණය ආධාර ලබා දී තිබේ.

චීනයේ එක්සිම් බැංකුව මඟින් සියයට 2ක පොලී අනුපාතයක් යටතේ මෙම ණය නිකුත් කර ඇත්තේ වසර 20කින් ගෙවා නිමකිරීමේ කොන්දේසිය මත ය.

නොරොච්චෝල බලාගාරය චීනයට පැවරීමේ කොන්දේසිවලට හිටපු විදුලිබල ඇමති චම්පික රණවක මහතා විරෝධය පළකර තිබු අතර, ඔහුව එම අමාත්‍යංශයෙන් ඉවත් කිරීමට එම කාරණයද බලපෑ බව මාධ්‍ය වාර්තාකර තිබිණ.

සබැදි පුවත්

චම්පික ඉවත්කලේ චීනයේ බලපෑමට!
http://mirror.lk/sinhala/news/5566-champik-ceb-chines-electricity

ඇමති සංශෝධනය චම්පික කපන්නයි - රාවය
http://mirror.lk/sinhala/news/5651-cabinet-reshuffled-to-slash-champika-ravaya

"තමන් මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ අයිතිය සම්පූර්ණයෙන්ම චීනයේ චයිනා මිකැනිකල් ඇන්ඞ් ඉලෙක්ටි‍්‍රකල් කොම්පැණි (සිමෙක්) සමාගමට පැවරීමට ආණ්ඩුවට වුවමනා වී තිබුණු අතර, රණවක ඇමතිවරයා ඊට තදින් විරෝධය පා තිබුණි.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු හා සේවක වෘත්තීය සමිතිද ආණ්ඩුවේ එම අදහසට විරුද්ධව සිටියේය.

තමන් විසින් ලංකාවට ලබාදී තිබෙන ණය ප‍්‍රමාණයට හිලව් වන සේ තමන් විසින් රට තුළ ගොඩනගා තිබෙන වාණිජ ව්‍යාපෘතිවල සම්පූර්ණ අයිතිය තමන්ට ලැබිය යුතු බවට චීනය පසුගිය කාලයේ දිගින් දිගටම ශ‍්‍රී ලංකා රජයට බලපෑම් කොට තිබේ.

ඔවුන් ඉදිකළ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ අයිතියද එලෙස ඉල්ලා ඇත. ලංකාණ්ඩුව ඊට එකඟ වුවහොත් එම චීන සමාගම නොරොච්චෝලේ බලාගාරයේ නිපදවන විදුලිබලය ඔවුන් නියම කරන මුදලකට මිලදී ගැනීමට ශ‍්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවෙයි. ඒ සමග ශ‍්‍රී ලංකාවේ විදුලිය නිෂ්පාදනයෙන් සැලකියයුතු විශාල කොටසක් පෞද්ගලික ව්‍යාපාර අතට පත්වෙයි.

ඒ අතර පසුගිය කාලයේ දිගින් දිගටම නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ඇතිවූ බිඳවැටීම්වලදීද චීනය පවසා ඇත්තේ තමන්ට එහි අයිතිය සම්පූර්ණයෙන් පැවරුවහොත් නිසි පරිදි විදුලිය ජනනය කොට ලංකාවට දෙන බවය."


source - http://mirror.lk/sinhala/news/5982-norochchole-china-company


ආශ්චර්යමත් සෙල්ලම් ළඟදීම බලාගන්න පුළුවන් වෙයි මගේ හිතේ. . .
 

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    xy0e1LG.jpg

    emKPXBy.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය පුක උඩ දාගෙන හැදුවේ. දැන් හරිනේ? ඕකට පස්සේ හම්බන්තොට වරාය, එයාර් පොර්ට් එක තව තව ඒවා චීනෙටම පුදයි. රට වැසියනි දැන්මම චීන භාෂාව ඉගෙන ගනිල්ලා. වෙන ආණ්ඩුවකින් ඕක කරානන් බලාගන්ඩ තිබුණා ඕකට කොච්චර කෑගහනවද කියලා. අපේ මහින්ද මාමනේ විකුණන්නේ. ඉතින් ෂෝයි
     
    • Like
    Reactions: rudayas

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඔය අටමගල චිනේටම දෙන එක හොදයි
    ඕක තිබ්බත් වැඩ කරනවට වැඩ කැඩිලා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    චීන බඩුවක් දැන්ම සෙට් කරල තියාගන්න එක ඇගට ගුණයි වගේ
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අප්පා මුං මේක චීන්නුන්ගේ කොලනියක් කරලා තමා නවතින්නේ
    කාලකන්නි හැත්ත..
    ඇයි යකෝ UN එකේදි ඡන්දේ බලාගෙන මෙහෙමත් *ක දෙනවද


    :angry::angry::angry::angry:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අප්පා මුං මේක චීන්නුන්ගේ කොලනියක් කරලා තමා නවතින්නේ
    කාලකන්නි හැත්ත..
    ඇයි යකෝ UN එකේදි ඡන්දේ බලාගෙන මෙහෙමත් *ක දෙනවද


    :angry::angry::angry::angry:

    ඔහොම හිටපන් මචන්. තව මහින්දයා වැඩ පටන්ගත්තේ නැහැ. තව අප්‍රිකාවේ රටවල් වල සංවර්ධනයට දෙන්ඩ යනවලු හෙන සල්ලියක් ඔය වොට් එක ගන්ඩ. දැනටමත් උගන්ඩාව ලොක්කගේ සාක්කුවේ. ඔය ගත්තු ණය වලින් තමයි පිස්සු කෙලින්නේ. ඕවා පොලිත් එක්ක ගෙවන්ඩ වෙන්නේ අපිටමයි අපේ ඊළඟ හත් මුතු පරම්පරාවටමයි. :angry::angry::angry:
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    ඔහොම හිටපන් මචන්. තව මහින්දයා වැඩ පටන්ගත්තේ නැහැ. තව අප්‍රිකාවේ රටවල් වල සංවර්ධනයට දෙන්ඩ යනවලු හෙන සල්ලියක් ඔය වොට් එක ගන්ඩ. දැනටමත් උගන්ඩාව ලොක්කගේ සාක්කුවේ. ඔය ගත්තු ණය වලින් තමයි පිස්සු කෙලින්නේ. ඕවා පොලිත් එක්ක ගෙවන්ඩ වෙන්නේ අපිටමයි අපේ ඊළඟ හත් මුතු පරම්පරාවටමයි. :angry::angry::angry:

    :yes::yes::yes:
     

    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    මෙහෙම ගියොත් මුලු ලංකාවම විකුණයි වගේ.ඉස්සර නම් පොඩ්ඩක් හරි ගෞරවයක් තිබුනා යුද්ධෙන් රට බේරපු මනුස්සයා නේද කියලා.එත් දැන් නම් ඉතින් ඒ ගෞරවය ඉවරෙටම ඉවරයි.මෙයා කවදහරි මේකෙන් විශ්‍රාම යනකොට ලංකාවම පිටරටවල් වලට විකුණලා යයි වගේ.මම නම් දැන් නිර්දේශ කරන්නේ රට ජාතිය ගැන කැක්කුමක් තියෙන රටට ආදරය කරන බුද්ධිමත් දේශපාලකයෙක් එන්න ඕන මෙයාත් එක්ක vs එකට.ඒකට මගේ පෞද්ගලික කැමැත්ත
    1.පාඨලි චම්පික රණවක
    2.උදය ප්‍රභාත් ගම්මන්පිල
    මම දන්න විදියට හා මට හිතෙන විදියට මේ දෙන්න තමයි ඉස්සරහට ඉන්න සුදුස්සො.
    එත් මෙයාලට බලයට එන්න නම් මේ රටේ මිනිස්සුන්ට රට ජාතිය ගැන මීට වඩා වඩා කැක්කුමක් තියෙන්න ඕන.අද බහුතරයක් දෙනා එදා වේල කාලා ඉන්න විතරයි බලන්නේ අනාගතයක් ගැන හිතන්නේ නෑ.ඒකට මිනිස්සු විතරක් නො‍ෙවයපෙවතින දේශපාලනය හා මෙතෙක් කල් පැවතුණු දේශපාලන රටාවත් වග කියන්න ඕන.මම දන්නේ නෑ අනාගතය කොහොම වේවිද කියන්න එත් අනාගතය ගැන ලොකු බයක් දැනෙනවා මේ යන විදියට ගියොත් මොනව ා වේවිද කියලා.ලාංකිකයන්ගේ සිතුවිලි වල ඉඳලා හැම දේම වෙනස් වෙන්න ඕන කියලයා මට නම් හිතෙන්නේ.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    ඔය පුක උඩ දාගෙන හැදුවේ. දැන් හරිනේ? ඕකට පස්සේ හම්බන්තොට වරාය, එයාර් පොර්ට් එක තව තව ඒවා චීනෙටම පුදයි. රට වැසියනි දැන්මම චීන භාෂාව ඉගෙන ගනිල්ලා. වෙන ආණ්ඩුවකින් ඕක කරානන් බලාගන්ඩ තිබුණා ඕකට කොච්චර කෑගහනවද කියලා. අපේ මහින්ද මාමනේ විකුණන්නේ. ඉතින් ෂෝයි

    අයෙත් අහල...
    ආශ්චර්ය මචන් ආශ්චර්ය....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    චීන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ මෙව්වා

    වීරේ මාම බස්නාහිරට නැවිලා බටහිර අධිරාජ්ජ්‍යවාදී කුමන්ත්‍රණ කියා කෑගහනවා

    අනිත් පැත්තෙන් චිනේ ඇවිත් පස්සට දෙනවා