නොරොච්චෝලේ චීනයටම විකිණේ !
නොරොච්චෝලේ චීනයටම විකිණේ !
- විදුලිය ජනන ගාස්තු ඉහළයාම නිසා ලංකා විදුලි බල මණ්ඩලය මුහුණ පා සිටින දැඩි මූල්‍ය අර්බුදයකට විසඳුමක් ලෙස නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය එය ඉදිකළ චීන සමාගමට ම පැවැරීම සඳහා රජය එම සමාගම සමඟ සාකච්ඡුා කරමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලය ආරංචි මාර්ග සඳහන් කරයි.
නොරොච්චෝල ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය සඳහා රජය චීනයේ එක්සිම් බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1350ක ණය මුදලක් ලබාගෙන තිබෙන අතර එම ණයට හිලවු කිරීම සඳහා බලාගාරය එය ඉදිකළ චීනයේ සී.එම්.සී.ඊ. සමාගමට පැවරීමට රජය බලාපොරොත්තුවේ.
විදුලිය ජනක ගාස්තු ඉහළයාමෙන් මණ්ඩලය මුහුණ පා සිටින මූල්‍ය අර්බුදයකට විසඳුමක් වශයෙන් විදුලිබල මණ්ඩලයෙන් රජයට විකල්ප දෙකක ඉදිරිපත් කර ඇත.
විදුලිය ගාස්තු ඉහළ නැංවීම පළමුවැනි විකල්පය වන අතර නොරොච්චෝල බලාගාරය චීන සමාගමට පැවරීම දෙවැනි විකල්පය වන බවත් මෙම විකල්පය කෙරෙහි රජයේ වැඩි අවධානය යොමු වී ඇති බවත් ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය මෙගාවොට් 900ක ධාරිතාවකින් යුක්ත වන අතර එය පළමු අදියරේ මෙගාවොට් 300ක් ද දෙවන අදියරේ මෙගාවොට් 600ක් ද වශයෙන් සමන්විත වේ.
නොරොච්චෝල බලාගාරයේ පළමු අදියරේ ඉදිකිරීම් 2007 වසරේ මැයි මාසයේ දී ආරම්භ කෙරුණු අතර ඒ සඳහා චීනයේ එක්සිම් බැංකුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 450ක් ද දෙවන අදියර සඳහා එම බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 900ක් ද වශයෙන් ණය ආධාර ලබා දී තිබේ.
චීනයේ එක්සිම් බැංකුව මඟින් සියයට 2ක පොලී අනුපාතයක් යටතේ මෙම ණය නිකුත් කර ඇත්තේ වසර 20කින් ගෙවා නිමකිරීමේ කොන්දේසිය මත ය.
නොරොච්චෝල බලාගාරය චීනයට පැවරීමේ කොන්දේසිවලට හිටපු විදුලිබල ඇමති චම්පික රණවක මහතා විරෝධය පළකර තිබු අතර, ඔහුව එම අමාත්‍යංශයෙන් ඉවත් කිරීමට එම කාරණයද බලපෑ බව මාධ්‍ය වාර්තාකර තිබිණ.
සබැදි පුවත්
චම්පික ඉවත්කලේ චීනයේ බලපෑමට!
http://mirror.lk/sinhala/news/5566-champik-ceb-chines-electricity
ඇමති සංශෝධනය චම්පික කපන්නයි - රාවය
http://mirror.lk/sinhala/news/5651-cabinet-reshuffled-to-slash-champika-ravaya
"තමන් මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ අයිතිය සම්පූර්ණයෙන්ම චීනයේ චයිනා මිකැනිකල් ඇන්ඞ් ඉලෙක්ටි්රකල් කොම්පැණි (සිමෙක්) සමාගමට පැවරීමට ආණ්ඩුවට වුවමනා වී තිබුණු අතර, රණවක ඇමතිවරයා ඊට තදින් විරෝධය පා තිබුණි.
විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු හා සේවක වෘත්තීය සමිතිද ආණ්ඩුවේ එම අදහසට විරුද්ධව සිටියේය.
තමන් විසින් ලංකාවට ලබාදී තිබෙන ණය ප්‍රමාණයට හිලව් වන සේ තමන් විසින් රට තුළ ගොඩනගා තිබෙන වාණිජ ව්‍යාපෘතිවල සම්පූර්ණ අයිතිය තමන්ට ලැබිය යුතු බවට චීනය පසුගිය කාලයේ දිගින් දිගටම ශ්‍රී ලංකා රජයට බලපෑම් කොට තිබේ.
ඔවුන් ඉදිකළ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ අයිතියද එලෙස ඉල්ලා ඇත. ලංකාණ්ඩුව ඊට එකඟ වුවහොත් එම චීන සමාගම නොරොච්චෝලේ බලාගාරයේ නිපදවන විදුලිබලය ඔවුන් නියම කරන මුදලකට මිලදී ගැනීමට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට සිදුවෙයි. ඒ සමග ශ්‍රී ලංකාවේ විදුලිය නිෂ්පාදනයෙන් සැලකියයුතු විශාල කොටසක් පෞද්ගලික ව්‍යාපාර අතට පත්වෙයි.
ඒ අතර පසුගිය කාලයේ දිගින් දිගටම නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ඇතිවූ බිඳවැටීම්වලදීද චීනය පවසා ඇත්තේ තමන්ට එහි අයිතිය සම්පූර්ණයෙන් පැවරුවහොත් නිසි පරිදි විදුලිය ජනනය කොට ලංකාවට දෙන බවය."
source - http://mirror.lk/sinhala/news/5982-norochchole-china-company
ආශ්චර්යමත් සෙල්ලම් ළඟදීම බලාගන්න පුළුවන් වෙයි මගේ හිතේ. . .