නොවැඩුනු භීජය..........

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
නොවැඩුනු භීජය..........

නොවැඩුනු භීජය



සාර්ථක ව්‍යාපාරිකයෙක් තමන් වයස්ගත වනවාත් සමග තීරණයකට එලඹිනි.
ඒ සාර්ථක තරුණයෙකු හට තම ව්‍යාපාරික කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා භාරදීමය.




තම දරුවන් හෝ අධ්‍යක්ෂකවරුන් ඒ සඳහා තෝරාගැනීම වෙනුවට යම් වෙනසක් සිදුකිරීමට ඔහු තීරණය කලේය.
ඔහු ආයතනයේ සියළුම තරුණ විධායක නිළධාරීන් එකවර කැඳවා මෙසේ ප්‍රකාශයට පත් කලේය,


“දැන් මා මෙම ව්‍යාපාරික කටයුතු වලින් ඈත්වී ඒ වෙනුවට නව ප්‍රධාන විධායක නිළධාරියෙකු තෝරාගැනීමට නියම කාළය පැමිණ ඇත.
ඒ සඳහා ඔබලාගෙන් එක් අයකු තෝරා ගැනීමට මා තීරණය කර ඇත්තෙමි.”


තරුණ විධායකවරු මවිතයට පත්වී සිටියදී ප්‍රධානියා දිගටම තම කතාව ගෙනගියේය.

“මම ඔබ හැම කෙනෙකුටම අද දින එක් භීජයක් බැගින් ලබා දෙමි.
ඒ හැම එකක්ම විශේෂ වූ භීජයන් වනාවා.
එම භීජයන් ඔබ විසින් පැල කර, වතුර දාමා සාත්තු කල යුතු වනවා.
අද දින සිට වසරක කාලයක් ගෙවුනු පසු එම පැල ඔබ විසින් මෙහි රැගෙන ආයුතුයි.”


“අනතුරුව එදිනට මවිසින් එම පැල නීරීක්ෂණය කරනු ලබනවා.
ඒ අනුව මා තීරණය කරනවා මීලඟ ප්‍රධාන විධායක නිළධාරියා කවුරුන්ද කියා.”




එහි සිටි ජිම් නැමැති විධායක නිළධාරියාහටද අන් අයට සේම එක් භීජයක් ලැබුනු අතර
ඔහු එය රැගෙන තම නිවසට ගොස් බිරිඳට සියල්ල පැවසුවේය.
ඇයගේ උදව්ද ඇතිව ඔහු එම භීජය පස් සහ පොහොර දමා භාජනයක පැල කරනු ලැබුවේය.




දිනපතා වතුර දමමින් ඔහු එය වැඩෙන තෙක් ඉතා ඔනෑකමින් බලා සිටියේය.
සති තුනකට පමණ පසුව, ඇතැම් නිළධාරින් තමන් පැලකල භීජයන් වැඩීමට පටන්ගෙන ඇති බව පැවසීය.
ජිම් කොතෙකුත් ඕනෑකමින් පරීක්ෂා කලද ඔහු පැලකල භීජයේ කිසිදු වැඩීමක් දක්නට නොලැබිනි.
සති තුනක්, හතරක්, පහක් ගතවිය. එහෙත් කිසිදු වෙනසක් දක්නට නොලැබිනි.

අනෙකුත් සියළු දෙනා තම පැල ගැන කතා කරන විට ජිම්ට දැනුනේ තමන් අසාර්ථකයෙකු ලෙසය.
මාස හයක් ගතවිය. නමුත් තවමත් ජිම් සතුව පැලයක් නොතිබිනි.
ඔහුට තත්වය තේරුම් ගියේය, ඔහු විසින් ඔහුට ලබා දුන් භීජය විනාශ‍කරගෙන ඇත.
අන්සියළු දෙනා සතුව මේ වනවිට ගස් සහ වැඩුනු පැල සතුවිය. නමුත් ඔහු සතු කිසික් නොවීය.
ජිම් මේ ගැන කිසිවක් කිසිකෙනෙකු සමග නොපැවසූ අතර,
ඔහු තවදුරටත් වතුර සහ පොහොර දමමින් තමන් පැලකල භීජය වැඩෙතැයි බලාපොරොත්තු සහගතව සිටියේය.

වසරක් ගතවිය. සියළු දෙනා විසින් තම තම‍න්ගේ පැල රැගෙන ආවේ තම ප්‍රධානියාහට නිරීක්ෂණය කිරීම පිණිසය.
නමුත් ජිම් තම බිරිඳත් සමග කියා සිටියේ ඔහුට තම හිස් පෝච්චිය රැගෙන යා නොහැකි බවයි.
එහෙත් ඇය කියා සිටියේ අවංකව සිදුවුදෙයට මුහුන දෙන ලෙසය.
ඔහු තම බිරිඳ නිවැරදි බව තේරුම් ගත්තේය.
ජිම් තම ජීවිතයේ අපහසුම අවස්ථාවට මුහුණ දීමට තිරණය කලේය.
ඔහු කිසිවක් නොතිබූ තම හිස් පෝච්චිය රැගෙන කාර්යාලයට පැමිණියේය.




ජිම් පැමිණි පසු අනෙකුත් නිළධාරීන්ගේ වැඩී තිබුනු පැල දෙස බලා පුදුම විය.
ඒ සෑම පැලයක්ම ඉතාමත් අලංකාර ලෙස වැඩී ඇත.
ජිම් තම හිස් බඳුන රැගෙන විත් එය බිම තැබූ විට අනෙකුත් නිලධාරීන් විසින් සිනාසෙන්නට පටන්ගත්හ.
ඇතෙමෙක් ඔවුන්ගේ කණගාටුව ප්‍රකාශකලහ.
ප්‍රධානියා පැමිණි පසු සියල්ල නිරීක්ෂණය කර තම තරුණ නිළධාරීන් හට සුභ පැතීය.
නමුත් ජිම් මේ අවස්ථාවේදී ප්‍රධානියාගෙන වහංවීමට උත්සාහ දැරීය.



“කොතරම් පියකරු පැල මල් ඔබ විසින් සාත්තුකර ඇත්ද?
අද මේ අතුරින් එක් අයකු මීලඟ ප්‍රධානියා ලෙස මා පත්කරමි.”


අන‍පේක්ෂිත ලෙස නැවතුනු ප්‍රධානියා එහි අන්තිමටම, ජිම් හිස් පෝච්චියක් සමග සිටිනු නිරීක්ෂය කලේය.
ඔහු මූල්‍ය අධ්‍යක්ෂකට ජිම්ව ඉදිරියට රැගෙන එන ලෙස පවසා සිටියේය.
ජිම් බියට පත්විය. ප්‍රධානියා විසින් තමන් අසාර්ථකයෙකු ලෙස දකිවී යැයි ඔහුට සි‍‍‍‍‍‍‍‍‍තුනේය.
ජිම් ඉදිරියට පැමිණි පසු ප්‍රධානියා කුමක් සිදුවීදැයි ඔහුගෙන් විමසීය.
ජිම් තම කතාව ප්‍රධානියා හට පැවසුවේය.



අනතුරුව ප්‍රධානියා ජිම් ඇතුළු සියළු පිරිසට අසුන් ගැනීමට සන් කරන ලදි.
ඔහු ජිම් දෙස බලා මෙසේ ප්‍රකාශයට පත් කලේය,


“පිලිගන්න ඔබේ මීලඟ ප්‍රධාන විධායක නිළධාරී මහත්මයා....!!! ඔහු ජිම්.”



ජිම්ට අදහාගැනීමට නොහැකි විය. ජිම්සතුව වැඩුනු පැලයක්ද නොවීය.

“ජිම් ඒ සඳහා පත්වන්නේ කෙසේද?”

අනිකුත් නිළධාරීන්ද ප්‍රශ්න කරන්නට විය.

පිරිස අමතා ප්‍රධානියා මෙසේ ප්‍රකාශ කරන්නට විය.


“මීට අවුරුද්දකට පෙර සියළු දෙනාහට මේ කාමරයේදීම මම ‍එක් භීජය බැගින් ලබා දුන්නේය.
සියළු දෙනාටම මම කියා සිටියේ භීජයන් රැගෙන ගොස් එය පැලකොට වතුර දමා නැවත මෙහි ගෙන එන ලෙසය.
නමුත් මම ලබා දුන් සියළු භීජයන් තැම්බූ භීජයන්ය.
ඒ සියල්ල ඔව වෙත ලබා දෙන විටත් මැරුනු ඒවා විය.
එවා වැඩීමට කිසිදු හැකියාවක් නොමැත.
ජිම් හැර අන් සියළු දෙනාම මා වෙත ඉතා අලංකාර පැල රුගෙන ආවෝය.
නමුත් ඔබට ලබා දුන් කිසිදු භීජයක් වැඩීමට අවස්ථාවක් නොමැත.
ඔබ ඒ වෙනුවට වෙනත් භීජයක් පැලකර රැගෙන විත් ඇත.
නොවැඩුනු නමුත් මවිසින් ලබා දුන් භීජය සහිත හිස් පෝච්චිය නැවත මා වෙත රැගෙන ඒමට තමරම් නිර්භීත සහ අවංක එකම පුද්ගලයා වනුයේ ජිම් පමණයි.
එහෙයින් මේ පිරිස අතරින් නව ප්‍රධාන විධායක නිළධාරියා ලෙස පත්වීමට සුදුසු එකම පුද්ලගයා ජිම් වේ.”


ඔබ විසින් අවංකකම වැපුරුවහොත් ඔබට විශ්වාසය නෙලාගත හැකිවේ.

ඔබ විසින් යහපත්කම වැපුරුවහොත් ඔබට මිත්‍රත්වය නෙලාගත හැකිවේ.

ඔබ විසින් නිහතමානීත්වය වැපුරුවහොත් ඔබට උදාරත්වය නෙලාගත හැකිවේ.

ඔබ විසින් නොපසුබස්නාකම වැපුරුවහොත් ඔබට සාර්තකත්වය නෙලාගත හැකිවේ.

ඔබ විසින් දයාව වැපුරුවහොත් ඔබට සාමය නෙලාගත හැකිවේ.


එම නිසා ඔබ යමක් වැපිරීමේදී ඉතා සැලකිලිමත් වන්න.
මන්ද යත් එය ඔබේ අස්වැන්න තීරණය කරන සාධකයක් වනනිසාය.


ඔබ ජිවිතයට ලබා දෙන්නේ කුමක්ද, ජීවිතය පෙරලා ඔබ එයම ලබා දෙනු නිසැකය.
අපේ හර අගයන් රැකගෙන එයින් ලැබෙන අස්වැන්නේ ප්‍රතිලාභය අපි අත්කර ගනිමු.
© [email protected]
All Rights Reserved
 
Last edited: