බොහොම ස්තූතියි අයියේ. මම ඔයාගෙ එකක් දැකලා තියෙනවා. ඒත්, තවම අදහසක් ඉදිරිපත් කරල නෑ. ඉදිරියේදි ඒ ගැන කියන්නම්.
පසුගිය කාලේ, මම රෑ 10 ට විතර පන්ති ඉවර වෙලා ගෙදර එනකොට අපේ ඉස්කෝලේ (මොරටුවේ වේල්ස් කුමර විදුහල) ඉස්සරහින් තමයි ඇවිදගෙන ගෙදර යන්නේ. එහෙම යනකොට, ගොඩක් වෙලාවට දැකලා තියෙනවා මේ කියනවා වගේ පොඩි ළමයි දෙතුන් දෙනෙක් එක්ක ඉන්න හිඟන අම්ම කෙනෙක්. ඒක තමා, මේක ලියවෙන්න හේතුවුන වස්තු බීජය. තුන්වෙනි කොටස නම් මගේ හිතලූවක්. ඒත්, මම හිතන්නේ අපි දකින මේ වගේ හැමෝගෙම කතාව දුකබර එකක් වෙන්න ඇති.
මේ සමස්ත නිර්මාණයෙන්ම මම උත්සහ කළේ කුමන තත්වයක් යටතේ වුනත්, අම්මා කෙනෙක්ගේ ආදරය කියන එක, එක වගේ කියන්නයි. අවාසනාවකට වගේ, අද නම් අපිට ඉඳලා හිටලා අවාසනාවන්ත් සිදුවීම් ගැන අහන්න ලැබෙනවා තමයි. ඒත්, සමස්තය කියන්නේ ඒක නෙමේනේ. ඕනෑම මවකගෙ පැතුම තමන්ගෙ දරුවා උසස් තැනකට යනවා දකින එක. නමුත්, කවදාහරි එහෙම වුන දවසක, තමන්ගෙ දරුවට තමන් නිසා නින්දාවට පත්වෙන්න වුනොත්, ලැජ්ජා වෙන්න වුනොත් කියන හැඟීම ගැන අම්ම කෙනෙක් හිතන ආකාරය තමයි අන්තිම පද වලින් කියවෙන්නෙ. තමන්ගෙ දරුවට පේන්නවත් එන්නෙ නැතිව ඉන්න අම්ම, ඔහුගේ හිතේ හිටියත් ඔහුට කරදරයක් නොවෙන්න නොපෙනී ඉන්න තමයි හිතන්නෙ.
අකුරු කළ හැකි වුනොත් - ලොකු මිනිහෙක් වුන්දාට
නොකීවත් මං ගැන
හිතේ නොපෙනෙන කොනක
හිඳීවී,
නුඹේ මේ හිඟන අම්මා...