නොසැලූණු අගරදගුරුතුමෝ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    නොසැලූණු අගරදගුරුතුමෝ

    http://www.lankadeepa.lk/features/නොසැලූණු-අගරදගුරුතුමෝ/2-549637




    නොසැලූණු අගරදගුරුතුමෝ

    මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමන් කවුදැයි මේ මොහොත වනවිට නොදන්නා කිසි කෙනෙක් නැත. යේසුස් වහන්සේ මරණින් උත්ථාන වූ පාස්කු ඉරිදා ඇතිවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් සිය ගණනක් නොසැලී සිටිමින් රටම ලේ විලක් වීම නවතා ලූ දේව දූතයා ඔහුය.
    කාදිනල්තුමන් කතෝලික ජනතාව පමණක් නොව වෙනත් ආගම් අදහන ශ්‍රී ලාංකිකයන් අතරේ පවා බෙහෙවින් ජනප‍්‍රිය චරිතයකි. ඒ එතුමන් තුළ පවතින දැනුම, නොසැලෙන බව, සරල බව මෙන්ම චාම් නිහතමානී ගතිගුණ හේතුවෙනි.
    පාස්කු ඉරිදාව තමන් සතු හොඳම ඇඳුම ඇඳ දේවස්ථානයට ආ කොච්චිකඬේ කටුනේරියේ මෙන්ම මඩකලපුවේ අහිංසක බැතිමතුන් ඊළඟ සතියේ දේව මෙහෙයට පැමිණියේ නැත. තරු පන්තියේ හෝටල්වල නැවති සිටි දේශීය මෙන්ම විදේශිය සංචාරකයෝ, විශේෂයෙන් විදේශීය කෝටිපතියන් ගේ දරුපවුල් පිටින් විනාශ විය. මේ හානිය ක‍්‍රිස්තියානි පල්ලිය ඉලක්ක කර කළ එකක් බව කාදිනල් තුමන්ට පළමු මොහොතේ ම නොදැනුනා නොවේ.
    මුහුදු බඩ ධීවරයෝ අති බහුතරය කතෝලිකයෝය. මහ මුහුද සමඟ නිරන්තර ගැටෙන ධීවර ප‍්‍රජාව සාමාන්‍යයෙන් ප‍්‍රචණ්ඩ හැසිරීම් පෙන්වති.
    එදා ප‍්‍රහාරය පල්ලියට එල්ල කළ එකක් යැයි නිකමට හෝ කාදිනල් තුමන් වෙතින් කියැවුණේ නම් මේ ධීවර ප‍්‍රජාව නිකම් සිටිනු ඇත්ද? සැබැවින්ම මහා ආගමික යුද්ධයකට කැපෙන්නට ගිය පාර මුළුමනින්ම වසා දැමූයේ උන්වහන්සේ ගේ ශාන්ත වදන් පෙළයි.
    ත‍්‍රස්තවාදයට ආගමක් නැත. අපි ඔවුන්ට ද මෛත‍්‍රි කරමු. කිසිම කෙනෙකුට විශේෂයෙන්ම වෙනත් ආගමක් අදහන කිසිවෙකුටවත් අත උස්සන්න එපා යයි උන් වහන්සේ මුළින්ම ඉල්ලා සිටියහ.,
    ශ‍්‍රී ලාංකිකයෝ ආගම භෂාවහෝ ජාතිය මුල් කරගෙන පක්ෂ වශයෙන් බෙදී ඇත්තේ ඇත්තෝ වෙති. ප‍්‍රධාන පක්ෂ තුන හතර ඇරුණු විට මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් දෙමළ ජාතිකයන් වෙනුවෙන් මෙන්ම ආගමික පදනමින් පක්ෂ පිහිටුවා ඇත. එහෙත් කතෝලිකයන් ගේ පක්ෂයක් නැත.
    ”මීට අවුරුදු 25කට පමණ පෙර කතෝලික ජනතාව නියෝජනය කරන පක්ෂයක් පිහිටුවන්නට එක්තරා පිරිසක් සූදානම් වුණා. දොර ඇරල තියෙනවා එළියට යන්න පුළුවන් කියල මම ඒ අයට කිව්වා. ශ‍්‍රී ලාංකිකයන් එසේ වෙන වෙනම දේශපලන පක්ෂ පිහිටුවා ජාතිය ආගම පදනම් කරගෙන අකටයුතුකම් කරද්දි අනිවාර්යයෙනේම බෙදීමක් ඇති වෙනවා. ඒ නිසා වෙන වෙම රාජ්‍යයන් පිහිටුවීමේ සංකල්ප ඇති වෙනවා” යයි උන්වහන්සේ කීහ.
    පල්ලිවලට බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධියත් සමග මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමන්ගේ කෙලින් කථාව, සමාජයේ ආවේග පාලනය කර සාමය රඳවා ගැනීමත් හා මධ්‍යස්ථ මතදැරීමත් වෙනුවෙන් ආණ්ඩුවේ බලවතුන් වෙඩි නොවදින වාහනයකින් සන්තෝසමක් ගෙවන්නට සූදානම් විය. එය දැනගත් වහා එය ප‍්‍රතික්ෂේප කරන්නට උන්වහන්සේ කටයුතු කළහ.
    ”මට ආරක්ෂාව සපයන අය දෙන වාහනයක් ඇති. මම ඒකට නගින්නේ වෙඩි වදිනවද නැද්ද අහල නොවෙයි. මොනව හරි වෙන්න තියෙනවා නම් මම ඒකට මුහුණ දෙන්න සුදානම්. මට වෙඩි නොවදින ඒව ඕන නැහැ” උන්වහන්සේ පවසා තිබිණි.
    ගිනිගත් සමාජය නිවන්නට කාදිනල්තුමන් ගේ දායකත්වය අංක එකට ලැබුණත් මේ ප‍්‍රශ්න විස`දමින් ජනතාවට සාධාරණය ඉටු කරන්නට ආණ්ඩුව අසමත් බවට චෝදනා කරන කාදිනල් තුමෝ සර්ව ආගමික නායකයන් සමඟ එක්ව පාරට බැස ඉදිරියෙන්ම යන්නට පෙර මෙවැනි සිද්ධින් නොවන්නට කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ද ඉල්ලා සිටියහ. අවශ්‍ය තැන සටන්කාමී නායකත්වය ද ලබාදෙන පෞරුෂය උන්වහන්සේ ලඟ නොඅඩුව තිබේ යැයි එයින්ම පෙනෙන්නේය.
    සටන් වදින පාලකයන්ගේ පා අල්ලා සාමය වෙනුවෙන් අයදින පාප් වහන්සේ තම කාදිනල්වරුන් අතරට එක්කර ගත් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දෙවියන්ගේ සැබෑ දූතයෙක් යැයි කිසිවකු කියන්නට උවමනා නැත.
    විනීතා එම් ගමගේ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කතෝලික ආගමත් බොහෝදුරට අවිහිංසාවාදය ගරු කරනවා... බෝම්බ සිද්දියෙන් පස්සේ මෙතුමගේ තිබුනු ඉවසීම ඉහලින්ම අගය කල යුතුයි...
     
    • Like
    Reactions: malakadss

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මෙතුමානන් මෙම සිද්ධිය කළමනාකරණය කරන කොට දක්වපු පරිණත භාවය ගොඩක් ආදර්ශමත්.... නමුත් දීර්ඝකාලීනව තීරණවලට යාමේ දී මෙතුමාගේ සෘජු හා එඩිතර දායකත්වය අවශ්‍යයි... මොකද කතෝලික නායකයෙක් හැටියට මෙතුමාගේ වචනයට හොද ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙනවා.... නැතිනම් මෙය නිවී ගියාවේ කියා උන්වහන්සේ නිහඩ වුණොත් එකෙන් සිද්ද වෙන්නේ අවස්ථාව අපතේ දැමීමක්.... අපිට අවස්ථා බොහෝ ගාණක් ආව.... සුනාමිය, ප‍්‍රභාකරන්ගේ මරණය වගේ තැන්වල දී ආගමික නායකත්ව සෘජුව හිටියා නම් රට හොද අතකට ගන්න තිබ්බා... ඒ වගේම අපගේ බොෟද්ධ නායක ස්වාමින්වහන්සේලා ද මේ අවස්ථාවේ විහාර වලින් පිටට පැමිණ මේකට සකී‍්‍රයව දායක වෙන්න ඕන....​
     
    • Like
    Reactions: malakadss

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කතෝලික ආගමත් බොහෝදුරට අවිහිංසාවාදය ගරු කරනවා... බෝම්බ සිද්දියෙන් පස්සේ මෙතුමගේ තිබුනු ඉවසීම ඉහලින්ම අගය කල යුතුයි...




    ඒ ගොල්ලොත් ඒ ගොල්ලන්ගෙ ආගම පැතිරෙව්වෙ අවිහිංසාවෙන් ම තමා කියල ඉතිහාසය දන්න ඔනි එකෙක් දන්නවා .

    අනෙ මගෙ කට.
    එබ්‍රහමික් ආගම් වල අවිහිංසාව නැහැ බන්.
    අවිහිංසාව අගයන්නෙ ඉන්දියන් ආගම් වල ජෛන සහ බුද්ධාගමෙ විතරයි.

     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    253 මලාට පස්සේ ඇතිවෙන පැහැදීමෙන් වැඩක් නෑ. එයා වෛරී ප්‍රකාශයක් කරානම් ඒක එයාටමයි හොඳ නැත්තේ. ඥානසාර හාමුදුරුවෝ කිව්වේ වෙන්න කලින්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කතෝලික ආගමත් බොහෝදුරට අවිහිංසාවාදය ගරු කරනවා... බෝම්බ සිද්දියෙන් පස්සේ මෙතුමගේ තිබුනු ඉවසීම ඉහලින්ම අගය කල යුතුයි...

    අවිහිංසාව කෙසේ වෙතත්...සිංහල/දෙමල බෞද්ධ/ක්‍රිස්තියානි/කතෝලික මිනිස්සු එකට එකතුඋන එකනම් වටිනවා
     
    • Like
    Reactions: malakadss

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    253 මලාට පස්සේ ඇතිවෙන පැහැදීමෙන් වැඩක් නෑ. එයා වෛරී ප්‍රකාශයක් කරානම් ඒක එයාටමයි හොඳ නැත්තේ. ඥානසාර හාමුදුරුවෝ කිව්වේ වෙන්න කලින්.

    මුස්ලිම් අන්තවාදයක් තියෙනවා කියල හාමුදුරුවරු අරගල කරන කොට මෙතුමා ඇතුලූ කතෝලික පිරිස ඒක අපේ වැඩක් නෙවෙයි වගේ අහක බලාගෙන හිටියා... තමන්ගේ ඉස්තෝප්පුවට ප‍්‍රශ්නෙ එනකං මෙතුමත් නිදන කාමරයේ හිටියේ....​
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    <b>
    මුස්ලිම් අන්තවාදයක් තියෙනවා කියල හාමුදුරුවරු අරගල කරන කොට මෙතුමා ඇතුලූ කතෝලික පිරිස ඒක අපේ වැඩක් නෙවෙයි වගේ අහක බලාගෙන හිටියා... තමන්ගේ ඉස්තෝප්පුවට ප‍්‍රශ්නෙ එනකං මෙතුමත් නිදන කාමරයේ හිටියේ....​
    </b>




    එක තමා
    මෙයා විතරක් නෙමෙ යුරොපෙ අනික් රටවල් වලත් එහෙම තමා.

    අපිට යුද්ධය කරද්දි උදව්වට ආවෙ නැහැ.
    දැන් මට පෙන්නෙ මුන්ට කර්මය කැරකෙනවා.
    මුන් අතීතයෙ කරපු දෙ උන්ට දැන් වෙන උන් ටිකක් කරනවා.

    ඉස්ලාම් අන්තවාදයට මන් විරුද්ධයි.
    එත් බෞද්ධයන්ව- දෙමළ උන්ව සහ බෞද්ධයන්ව සහ මුස්ලිම් උන්ව කොටවන තැනට සහ කොටවල ඇනගන්න තැනට වැඩ සිද්ධ කරෙ ක්‍රිස්තියානි ආගමෙ අය තමා.
    අපෙ රටෙ රූලිං ක්ලාස් එකත් ක්‍රිස්තියානි නේ ?

    දැන් ඒ ගොල්ලොම විඳවනවා

    ඉස්ලාම් පිළිලයක් වෙන්න කලින් ක්‍රිස්තියානි උන් තමා බුද්ඪාගම විනාශ කරන්න එක එක දෙවල් කරෙ.
    අමතක ඇති සෝම හාමුදුරුවො ඝාතන කුමන්ත්‍රණයෙත් ක්‍රිස්තියානි කල්ලි තමා ඉන්නෙ.

    මට කියන්න තියෙන්නෙ බෞද්ධ අපි නුවණක්කාර වෙන්න ඔනි මෙ වෙලාවෙ.
    ඉස්ලාම් අන්තවාදය පරාද කරන්න බැරි නැහැ. ඒත් මුස්ලිම් උන් එක්ක ඇරගෙන ක්‍රිස්තියානි උන් ලංකරගෙන ඒක කරන්න බැහැ.

     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙතුමානන් මෙම සිද්ධිය කළමනාකරණය කරන කොට දක්වපු පරිණත භාවය ගොඩක් ආදර්ශමත්.... නමුත් දීර්ඝකාලීනව තීරණවලට යාමේ දී මෙතුමාගේ සෘජු හා එඩිතර දායකත්වය අවශ්‍යයි... මොකද කතෝලික නායකයෙක් හැටියට මෙතුමාගේ වචනයට හොද ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙනවා.... නැතිනම් මෙය නිවී ගියාවේ කියා උන්වහන්සේ නිහඩ වුණොත් එකෙන් සිද්ද වෙන්නේ අවස්ථාව අපතේ දැමීමක්.... අපිට අවස්ථා බොහෝ ගාණක් ආව.... සුනාමිය, ප‍්‍රභාකරන්ගේ මරණය වගේ තැන්වල දී ආගමික නායකත්ව සෘජුව හිටියා නම් රට හොද අතකට ගන්න තිබ්බා... ඒ වගේම අපගේ බොෟද්ධ නායක ස්වාමින්වහන්සේලා ද මේ අවස්ථාවේ විහාර වලින් පිටට පැමිණ මේකට සකී‍්‍රයව දායක වෙන්න ඕන....​

    Very true! :yes:
     
    • Like
    Reactions: malakadss

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    කතෝලික අපි සූදානම් උන්වහන්සේ සමග පාරට බහින්න
    ඥානසාර හාමුදුරුවොත් මෙතුමගේ ශක්තියට හිටියා නම්...:(:( රටට ආදරය කරන උන්වහන්සේව මේ කාලකන්නි ටික හිරේට යැව්වා...:growl::(
     
    • Like
    Reactions: malakadss

    Similar threads