නෝර්වුඩ් රැස්වීම

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    නෝර්වුඩ් රැස්වීම


    සාමාන්‍යයෙන් එක් රටක නායකයෙක් තවත් රටකට ගිහින් ජනහමු පවත්වන්නේ නැහැ. සිදුවන්නේ රාජ්‍ය තාන්ත්‍රික කතා බහක්. යම් ජන කොටසකට සුවිශේෂී කාරණයක් කතා බහ කරන්න අවශ්‍යනම් ඔවුන්ගේ නියෝජිතයන් කිහිප දෙනකුට අදාල රාජ්‍ය නායකයා හමු වීමට අවස්ථාව ලැබෙනවා. එත් ඉන්දියානු අගමැතිතුමා නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් නගරයේ ජනහමුවක් පවත්වනවා. නෝර්වුඩ් කියන නම අපේ නොවුනට එහෙ ජීවත්වන බහුතර ජනතාව ශ්‍රී ලංකික පුරවැසියන්. ඔවුන්ගේ සීයල ආච්චිලා මේ ප්‍රදේශයට අරගෙන ආවේ ඉංග්‍රීසි ජාතිකයන්. ඒ කෝපි සහ තේ වගාවට. ඔවුන්ට ශ්‍රී ලාංකික පුරවැසි ලැබුනේ දශක කිහිපයකට එපිට දී. කවද පුරවැසිකම ලැබුනත් දැන් ඒ මිනිස්සු අපේ රටේ මිනිස්සු. හැබැයි ඉන්දියානු අගමැතිතුමා නෝර්වුඩ්වල ජනහමු තියන්නේ එහෙ තාම ඉන්නේ ඉන්දියාවේ මිනිස්සු කියල හිතාගෙන වෙන්න ඇති. මේකේ වරද ඒ මිනිස්සුන්ගේ නෙමෙයි. ඒ මිනිස්සුන්ගේ නායකයෝ කියා ගන්න දිගම්බරන්ලා තොන්ඩමන්ලගෙත් නෙමෙයි. ඒ අයට මේක තමන්ගේ බල පරාක්‍රමය පෙන්වන්න, ඉන්දියානු අවධානය වැඩි කරගන්න අවස්ථාවක් විතරයි. වරද තියෙන්නේ ඉන්දියාව අතේ.
    ඉන්දියානු අගමැතිතුමා, ඉන්දියානු බමුණු කුලයේ නිලධාරී පැලැන්තිය මෙවැන්නක් සදහා ඉඩ දීපු එකම පැහැදිලිවම අපේ රටේ ස්වෛරීභාවයට අත පෙවීමක්. දැන් ඉන්න ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිතුමා, අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා නොර්වූඩ්වල විතරක් නෙමෙයි ලංකාවේ වෙන ඕනෑම තැනක ඉන්දියානු අගමැතිතුමාට ජනහමු තියන්න අවශ්‍ය සියලු පහසුකම් සපයල දෙයි. ඒ ගැන අපි පුදුම වෙන්න ඕන නැහැ. එත් ඉන්දියාවට තිබුණා මේ වගේ නොසන්ඩාල වැඩක් නොකර ඉන්න.
    මම මේ නිකමට අහන්නේ මෛත්‍රීපාල සිරිසේන අපේ ජනාධිපතිතුමාට කාශ්මිරේ ජම්මුවල හරි ශ්‍රීනගර්වල හරි මහජන රැස්වීමක් තියන්න ඉන්දියාව ඉඩ දෙයි ද? අඩුම ගානේ (දාලිත්) බෞද්ධයෝ විශාල පිරිසක් ජීවත්වන මහාරාෂ්ඨයේවත්.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කාශ්මිරේ ජම්මුවල හරි ශ්‍රීනගර්වල හරි ලංකාවෙන් ගිහින් පදිංචි වෙච්ච සිංහල මිනිස්සු ඉන්නවද?
     

    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    කෙලවගෙන

    මෙකනම් මහ බලු වෑඩක් , මොන රටත් එක්ක ප්‍රශ්න තිබුනත් ඔහොම රටෙ එක තෑනක් අල්ලලා එවෑනි වෑඩක් කිරිම කොහොමටත් වටින්නෙ නෑ. මෙකෙන් ච්නයටනම් ගොඩක් රෙදෙන්න ඈති.එත් අපෙ රටෙ එකසත් බාවයට එකසිය ගානට කෙලවගෙන.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උපුටා ගත්තා නම් කෙනාගේ නමත් දාපං බන්
    එයේ එකෙක් ලියපු කෙනාගේ නම එක්ක දැම්මේ
    උබ එකම නිකන්ම දාල අද :P