ඕව ගැන වාද කරලා තේරුමක් නැහැ බන්...ආගම් කියන්නේ ගහ මරා ගන්න / වාද කරන්න හදපුව නෙමෙයි...තමන්ගේ ජීවිතය හරියාකාරව ගත කරන්න හදපුව
වැදගත් වෙන්නේ කොයි ආගමේ උනත් තමන් යහපත් ව ජීවත් වෙන එක...ආගම ඇදහුව, බුදු හාමුදුරුවෝ ඉපදුන ගමන් කතා කරා, ඇවිද්ද, ජේසුස් වහන්සේ වතුර මත ඇවිද්ද, දෙයියෝ ලෝකේ මැව්වා, මේ දේවල් විස්වාස කරා කියල වැඩක් නැහැ උබ මම හරියට ජීවත් වෙන්නේ දන්නේ නැත්තම්....මිනි මරනවානම්...කරන තරමක් පව් වැඩ කරනවානම්...
ආගම් කියන්නේ මම දකින විදිහට එක එක ප්‍රදේශ වල ජීවත් වුන මිනිස්සුන්ට තේරෙන, ගැලපෙන විදිහට මිනිස්සුන්ව යහමගට, යහපත් විදිහට ජීවත් වෙන්න ගොඩ නගපු දේවල්....
උදා: ඊජිප්තුවේ වහල් කමෙන් මිනිස්සු බේරාගෙන ඇවිත් මෝසෙස් දෙනවා දස පනත කියල එකක්...ඒ එක්කම නීති මාලාවක් හදනවා...එකේ තනිකර තියෙන්නේ ගැහුවොත් ගහනවා, කැපුවොත් කපනවා, ඇසට ඇස, දතට දත, ඔය තමා මෝසෙස් ගේ නීතිය...
ඇයි එහෙම කරේ? අවුරුදු බර ගානක් වහල්ලු වෙලා ඉදල එක සැරේ නිදහස් උනාම මිනිස්සු හැසිරෙන විදිහ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ...මෝසෙස් ඒ මිනිස්සු කාන්තාරේ හරහා අරන් එනකොට මුහුණ දීපු අත් දැකීම් වලින්ම එක තේරෙන්න ඇති...හරිම දරුණුයි ඒ මිනිස්සු...ඉතින් ඒ මිනිස්සු පාලනය කරන්න, යහ මගට ගන්න අවශ්‍ය විදිහේ නීති තමයි දැම්මේ...සමහර විට ඒවා මෝසෙස් හදල දාපු නීති වෙන්න ඇති...මොකද එයා තමයි මිනිස්සු කන්ට්‍රෝල් කරන අරගෙන ආවේ...
ඒ මිනිස්සුන්ට හරියන විදිහේ දෙයක් තමයි කරේ...නමුත් ඕක හැම පරම්පරාවකට ම හරියන්නේ නැහැ...මුස්ලිම් මිනිස්සු තාමත් පිලිපදිනේ ඔය නීතිය, අත පය කපන එක, ගල් ගහන එක...මිලේච්ච නීති ඒ නීති හදපු කාලේ වැඩ කරාට දැන් ඒවා හරියන්නේ නැහැ...
ඒක තමයි ජේසුස් වහන්සේ ඇවිත් අලුත් ආගමක් දේශනා කරේ...ජේසුස් වහන්සේ ඔය නීති කණපිට හරවල කිව්වා වයිර කරන්නාට ප්‍රේම කරන්න, දකුණු කම්මුලට ගැහුවොත් වම කම්මුලත් අල්ලන්න කියල...
මුස්ලිම් ආගමයි, කතෝලිකයන් වෙනස් වෙන්නේ ඔන්න ඔතනින්...කතෝලිකයෝ ජේසුස් වහන්සේ ගේ සාමයේ ආගම අනුව යනකොට ඉස්ලාම් අය අර පරණ නීතිය පස්සේ යනවා...
මේක කිව්වේ මිනිස්සු ගොඩක් දෙනෙක් මේක පටලවන් ඉන්න නිසා...උබයි මමයි ආගම් විවේචනය කර කර ඉදල වැඩක් නැහැ...උබට කොච්චර කිව්වත් උබේ උපතින් උබට ලැබුණු බුද්ධාගමට උබ ආදරෙයි...එක පරම සත්‍ය කියල පිලිගන්නව..අනිත් උනුත් ඒ වගේ

