න ණ ල ළ එක්ක තරහද? -2
මුලින් මා කළ යුත්තේ ඔබට හිස නවා ආචාර කිරීමය.එය ඔබට දැක ගත නොහැකි වූවත් හැකි තරම් අවංකව මා එසේ කරන බව ඔබ වටහාගත යුතුය.
‘එළකිරි සමාජ ජාල වේදිකාවේ’ සටහනක් පළ කිරීම හෝ ඒ වෙනුවෙන් සාමාන්‍ය සහ උසස් ලෙස ප්‍රතිචාර ලැබීම හෝ කිසිවිට අරුමයක් නොවේ.
එහෙත් මෙහි ඊට වඩා යම් වෙනසක් සහ වැදගත් කමක් ඇතැයි මම සිතමි.
ඊට හේතුවක් ඇත.
වත්මනෙහි ඇති බොහෝ ගුවන් විදුලි නාළිකා මගින් සිංහල භාෂාව ඉතාම සජීවීව විනාශ කරද්දී, බස රැක ගන්නට සමාජමය ඇවසිතාවක් ඇති කාලයකදී එසේ කළ හැකි අය නිහඬව සිටිද්දීත් අප විසින් පළ කළ සටහනට ඔබ දැක්වූ ගෞරවය මගේ හැටියට නම් සුළුපටු නැත.
එයින් ගම්‍ය වන්නේ (හැඟෙන්නේ) බස නිවැරැදිව හැසිරවීමට උනන්දුවක් දක්වන අය තවමත් හිඟ නැති බවයි.
ඔබ සැමටම බෙහෙවින්ම ස්තූතියි.
ඔබට විවේකයක් ඇති නම් පහත ඇති ඇබෑසිය කරන්නට උත්සාහ ගන්න.
ඔබට යම් දැනුමක් මෙන්ම විනෝදයක්ද ඉන් ලැබෙනු ඇති.
නිවැරැදි අක්ෂර වින්‍යාසය (නිවැරැදි ලෙස අකුරු ඇති) වචනය තෝරන්න.
1) මොනවද ඇසුවා - පිළිතුරු/පිලිතුරු ලැබුණා/ලැබුනා කුමරිය කුමරුට සිය හිත පිදුවා තෙරපෙනවා/තෙරපෙණවා අපමණ/අපමන හැඟුම් ප්‍රියේ සිත ආදරයෙන් කැළඹේ/කැලඹේ
(‘සඳ මෝදුවෙලා නැගෙනා ----’ එච්-ආර්-ජෝතිපාල/ලතා වල්පොල)
2) මිණිමුතු/මිනිමුතු අබරණ/අබරන - පටපිළි/ පටපිලි වස්තුව කොතරම් තිබුණත්/තිබුනත් කුමට ප්‍රියේ පිවිතුරු ආදර ගුණදම්/ගුනදම් සුරකින පෙම්බරයා දෙවි කෙනෙකි/කෙණෙකි ලොවේ (‘කීවෙමි ඔබ හට සිය දහස්වර-----’ එච්-ආර්-ජෝතිපාල)
3) මෙබස් තම නුවණින්ම/නුවනින්ම විමසා නොතිරවූ කය ගති අසන්නේ දෙතිස් කුණුයෙන්/කුනුයෙන් යුතුව මඳකුත් සාරනු බව නැනින්/නැණින් දන්නේ මිනිස් බව ලත් තැනේ/තැණේ කුසලක්/කුසළක් නොකර උන්නොත් අපල වන්නේ සතිස් එක්සිය නිරේ වැටුනොත්/වැටුණොත් එදයි අනුවණ/අනුවන කම් දැනෙන්නේ/දැනෙන්ණේ (‘ලෝ වැඩ සඟරාව’ - වීදාගම මෛත්‍රී හිමියන්)
4) විපුල ගුණැති/ගුනැති මහතුන් හට පත් විපත නිසල/නිසළ නැනින්/නැණින් යුතු උතුමෝම දුරලත
කළල/කලල ගිලුණු/ගිළුනු මත වරනිඳු/වරණිඳු ගොඩ ගනුත
තුමුල බලැති ගිජිඳකු මිස අන් කෙවත (‘සුභාෂිතය’- අලගියවන්න මුකවැටිතුමා)
උත්සාහ කර බලන්න-විසඳුම් ඊළඟ සටහනෙන්.