පංචිකාවත්ත හැඩකරන යකඩ රාජාලියා

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ගිනස් පොතට යාමට හැකියාව ඇති පංචිකාවත්තේ ප්ලග් රාජාලියා

    පසුගිය කාලසීමාවේ කොළඹ නගර අලංකරණය සඳහා බොහෝ සැලසුම් ක‍්‍රියාත්මක කෙරුණි. එහිදී පංචිකාවත්ත ප‍්‍රදේශය අලංකරණයට භාර දුන්නේ වසර තිහකට ආසන්න කාලයක් වාහන අමතර කොටස් අලෙවිය පිළිබඳ විශ්වාසය දිනාගත් ඩග්ලස් සහ පුත‍්‍රයෝ සමාගමටයි.

    රජයේ සහ සමාගමේ යෝජනා සම්මතයෙන් පසු පංචිකාවත්ත වරටවුම සහ ඒ අවට හිස් බිම්තීරු තණකොළ වවා මල් පාත්ති සාදා අලංකාරය කිරීම ඇරඹුණි. ඒ අනුව 2014 වසරේ දී පංචිකාවත්ත වටරවුමේ අශ්වයාගේ මූර්තිය ස්ථාපනය කරන ළදී. ඩග්ලස් සහ පුත‍්‍රයෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ සරෝජ් පෙරේරා මහතාගේ අදහසකට අනුව එම ස්ථානයේම නව නිර්මාණයක් කිරීමට සැලසුම් කළේය.

    ඒ අනුව රාජාලියෙකුගේ ප්‍රතිමාවක් එම ස්ථානයේ සෑදීමට කටයුතු කලේය. මෙම කාර්යය පැවරෙන්නේ තවමත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අවසන් වසර අධ්‍යාපනය හදාරන භාෂිත රණවීරටයි.

    ඔහු විසින් රාජාලියාට පණදීමට ඔහු තෝරාත්තේ ස්පාක් ප්ලග් වන අතර ඒ සඳහා ස්පාක් ප්ලග් (30,000) තිස්දාහක් භාවිත කිරීමට ඔහුට සිදුව තිබේ. කිලෝ 1,350 ක පමණ බර මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා මාස තුනක කාලයක් වැය වී තිබුණි.

    මෙය නිර්මාණය කිරීමේදී රාජාලියාගේ බර වැඩි වීමත් සමඟ ගුරුත්වාකර්ෂණය සැලකිල්ලට ගනිමින් නිර්මාණ කටයුතු සිදුකිරීමට ඔහුට සිදුව තිබේ. මෙම රාජඅලියාගේ තටු දෙක අතර අඩි 15 කි.

    ලොව ස්පාක් ප්ලග්වලින් සැදූ විශාලතම නිර්මාණය ලෙස භාෂිතයේ සිපාර්ක් ප්ලග් රාජාලියා ගිනස් පොතට ඇතුලත් වීමටද හැකියාව පවතින බව වාර්ථා වේ.

    මෙම නිර්මාණය සිදුකළ භාෂිත රණවීර පොල්ගහවෙල ප‍්‍රදේශයේ පිහිටි යාංගල්මෝදර පදිංචිකරුවෙකි. නාරම්මල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු මේ වනවිට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මූර්ති කලා අංශයේ අවසන් වසර ඉගෙනුම ලබයි.