පංචිකාවත්ත හැඩකරන යකඩ රාජාලියා

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    පංචිකාවත්ත හැඩකරන යකඩ රාජාලියා

    පංචිකාවත්ත හැඩකරන යකඩ රාජාලියා


    12141787_10207161006937435_3404235403643319078_n.jpg


    මේක නිර්මාණය කරද්දී තිබුණ ලොකුම අභියෝගය ඉඩ ප‍්‍රශ්නය. අපේ නේවාසිකාගාරයේ සීමිත ඉඩකඩක මේක නිර්මාණය කළේ. රාජාලියාගේ බර වැඩි වෙන්න, වැඩිවෙන්න ගුරුත්වාකර්ෂණය බලලා නිර්මාණය කරන්න සිද්ධ වුණා. තටු දෙක අතර අඩි 15 ක දුරක් තියෙනවා. ගොඩක් ආශාවෙන් නිර්මාණය කළේ.

    නොනිදන නගරයේ එක් සිව්මංසලක ඔවුහු නොසෙල්වී සිටිති. අව්වට වේළෙති. වැස්සට තෙමෙති. ඒත් ඒ කිසිවකින් කම්පා නොවන ඔවුහු ජවසම්පන්නව නැගී සිටිති. එකෙකුගේ ඉලක්කය ගුවනේය. අනෙකාගේ ඉලක්කය ඉදිරියේය. දෙදෙනාම ක‍්‍රියාශීලිය.


    මේ කවුරුන්දෝයි ඔබට කුතුහලයක් ඇති වෙනු ඇත. මෙම ඉලක්කකාරයන් වනාහී වාහන අමතර කොටස් ගෙන්වීමට ප‍්‍රසිද්ධ පංචිකාවත්ත වටරවුම නිජබිම කොටගෙන සිටින රාජාලියා සහ අශ්වයාය. නිමැවුම විස්මිතය. ඉවත දමන ලද වාහන අමතර කොටස්වලට ජීවයක් දී ඇත. ඒ නිසාම ඒ අපූරු නිර්මාණයේ පසුකතාව ඔබ වෙනුවෙන් ලියන්නෙමු.


    12108296_10207161007657453_1169435136405556624_n.jpg


    ඒ සියලූ දේ සිදුවුවද ඩග්ලස් සහ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂතුමාගේ සිතට මදිය. ඔහුගේ අවශ්‍යතාව වාහන අමතර කොටස් සඳහා ප‍්‍රසිද්ධ පංචිකාවත්ත ප‍්‍රදේශයට සංකේතයක් වූ නිර්මාණයක් සිදුකිරීමය.


    කාර්යමණ්ඩලීය නිලධාරින් සමග ඒ පිළිබඳව නිරන්තරයෙන් සාකච්ඡුා කර ඔහු අවසන් තීරණයකට පැමිණියේය. ඒ වෙළඳ ක්ෂේත‍්‍රයේ වාසනාව ලෙස සලකන නොපසුබට උත්සහයෙන් ඉදිරියටම යන ජවසම්පන්න අශ්වයකු නිර්මාණය කිරීමය.


    ඔහුගේ එම අදහස් යහපත් කිරීමට උපකාර කරනුයේ එහි මානව සම්පත් සාමාන්‍යාධිකාරිවරයෙකු ලෙස ක‍්‍රියාකරන රොහාන් ආරියවංශ මහතාය.
    ආරියවංශ මහතාගේ තීක්ෂණ දෙනෙත් නවතිනුයේ මිරිස්වත්ත ප‍්‍රදේශයේ එක් ස්ථානයකටය. ඒ අයිය - මලෝ ඉවත දමන වාහන කොටස් එකතුකර විවිධ නිර්මාණ කරන්නෝය. ඔවුහු එම නිර්මාණ කොළඹ පිහිටි ගැලරියකටද අලෙවි කරති.



    ආරියවංශ මහතාගේ යෝජනාවෙන් පසු මෙම අභියෝගය භාරගත්තේ ජීවන් මනෝවංශය. ඔහු මාස තුනක් ඇතුළත අශ්වයා නිමකිරීමට ගිවිසුම් අත්සන් කළේය. ඒ අනුව 2014 වසරේ සුවිශේෂි දිනයක පංචිකාවත්ත වටරවුමේ අශ්වයාගේ මූර්තිය ස්ථාපනය කළේය. සැබැවින්ම එය සෝබමානය. තේජවන්තය. පංචිකාවත්ත ප‍්‍රදේශයට තව අලංකාරයක් ලබාදී ඇත.


    එහෙත් සරෝජ් මහතාගේ සිතට නම් තවත් පුංචි මදිකමක් තිබුණේය. ඒ වෙනකක් නොව අශ්වයාට විරුද්ධ පස පිහිටි හිස් ඉඩ ප‍්‍රමාණයේ පාළු බවයි. ඔහු එම ස්ථානයේත් නව නිර්මාණයක් කිරීමට සැලසුම් කළේය.


    තීක්‍ෂණ බුද්ධියක් ඇති සුළෙඟ් වේගයෙන් ප‍්‍රයෝජන ගන්නා රාජාලියා බුද්ධිමත්ය, ක‍්‍රියාශීලිය, දුර දිග බලා තීරණ ගන්නෙක්ය. ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයට වගාවට ගැලපෙන්නේය. ඒ අනුව පංචිකාවත්තේ ඉතිරි හිස් ඉඩ ප‍්‍රමාණය ඔපවත් කිරීමට රාජාලියා සුදුසු බව ඔහු තීරණය කළේය.


    ඔහුගේ සිහිනය යථාර්ථයක් කිරීමට ඉදිරිපත් වූයේ සිසුවෙකි. ඔහු තවමත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අවසන් වසර අධ්‍යාපනය හදාරයි. ඔහුගේ විෂය ධාරාව මූර්ති කලාව විය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ලද පාසල් දැනුම හා පන්නරයත් සහජයෙන්ම ලද කුසලතාවත් ජීවිතයට ආලෝකය කරගත් ඔහු භාෂිත රණවීරය.


    සරෝජ් මහතාගේ අදහස ඔහු අවබෝධ කර ගත්තේය. අභියෝගය ජීවිතය කරගත් ඔහු විශ්වවිද්‍යාල පිරිමි ළමයින්ගේ නේවාසිකාගාරයේ පුංචි ඉඩකඩක සිය නිර්මාණය ගොඩනැගීම ආරම්භ කළේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ අතරතුර විවේක ලද හැම තප්පරයකම රාජාලියාට පණදීමට වෙහෙසුණේය.
    රාජාලියාට පණදීමට ඔහු තෝරාත්තේ ස්පාක් ප්ලග්ය. ඊට ස්පාක් ප්ලග් (30,000) තිස්දාහක් භාවිත කර ඇත. ලෝකයේ කිසිදු තැනක නොමැති ස්පාක් ප්ලග්වලින් සැදූ විශාලතම රාජාලියා භාෂිතයේ අතින් නිමාව දැක්කේය.


    අශ්වයාට මුහුණලා සිටින රාජාලියා සැබැවින්ම විස්මිත නිර්මාණයකි. ඒ නිසාම ඩග්ලස් සහ පුත‍්‍රයෝ සමාගම ඒ පිළිබඳ තොරතුරු ගිනස් වාර්තා පොතටත් යොමු කර ඇත. මේ දිනවල ඒ පිළිබඳ එම ආයතන සොයා බලන බව දැනගන්නට ලැබුණි.


    ඇතැම් විටක තව පුංචි කාලයකින් භාෂිතගේ රාජාලියා ගිනස් පොතටද ඇතුළත් විය හැකිය. තවමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන භාෂිත වැනි දක්‍ෂයෝ දේශයේ වාසනාවට පහළවූ පුත‍්‍රයෝය. ඒ නිසාම නිස්කාරණේ මත්කුඩු, හොර මැරකම්, ජඩකම් අතර තාරුණ්‍ය දියකර හරින තාරුණ්‍යයටත් ආදර්ශයක් ගෙනදුන් භාෂිතත් අපගේ ලිපිය අර්ථවත් කිරීම සඳහා සම්බන්ධ කර ගත්තෙමු.


    ‘‘මම භාෂිත රණවීර. මගේ ගම පොල්ගහවෙල ප‍්‍රදේශයේ පිහිටි යාංගල්මෝදර. මම ඉගෙන ගත්තේ නාරම්මල මධ්‍ය මහා විද්‍යාලයෙන් දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මූර්ති කලා අංශයේ අවසන් වසර ඉගෙන ගන්නවා.


    මූර්ති අධ්‍යනාංශයේ තියෙන එක පැත්තක් තමයි එසැම්බල්. එය මම විනෝදාංශයක් විදියට පාවිච්චි කරනවා.


    ඩග්ලස් ඇන්ඞ් සන්ස් එකේ පූර්ණ අනුග‍්‍රනය යටතේ මේ නිර්මාණය කළේ. ලංකාවේ කිසිම තැනක ස්පාක් ‘‘ප්ලග් වලින්’’ කරපු නිර්මාණයක් නැහැ. සරෝජ් සර්ගේ අදහසකට මේක කළේ. අනුර සර් සහ රොහාන් සර් මට මග පෙන්නුවා.


    ප්ලග් 30,000ක් පාවිච්චි කළා. කිලෝ 1350ක් විතර මේක බරයි. මාස තුනක් විතර ගියා මේක නිර්මාණය කරන්න.


    මේක නිර්මාණ කරද්දී තිබුණ ලොකුම අභියෝගය ඉඩ ප‍්‍රශ්නය. අපේ නේවාසිකාගාරයේ සීමිත ඉඩකඩක මේක නිර්මාණය කළේ. රාජාලියාගේ බර වැඩි වෙන්න, වැඩිවෙන්න ගුරුත්වාකර්ෂණය බලලා නිර්මාණය කරන්න සිද්ධ වුණා. තටු දෙක අතර අඩි 15 ක දුරක් තියෙනවා. ගොඩක් ආශාවෙන් නිර්මාණය කළේ.


    තවදුරටත් එසැම්බල් කලාව හදාරනවා. මේ නිර්මාණයට දායක වෙන්න ලැබීම මගේ වාසනාවක්.


    ඒ භාෂිතගේ වදන්ය. වාහන අමතර කොටස් සඳහා ප‍්‍රසිද්ධ පංචිකාවත්ත සංකේතවත් කිරීමේ කාර්යය ඩග්ලස් සහ පුත‍්‍රයෝ සමාගම සාර්ථකව සිදුකර ඇත. එය ලංකාවේ පමණක් නොව නොබෝ දිනකින් ලෝකයේත් ප‍්‍රසිද්ධ මූර්තියක් වනු ඇත. මෙම ලිපිය සැකසීමේදී තොරතුරු ලබාදීමෙන් සහය දැක්වූ ඩග්ලස් සහ පුත‍්‍රයෝ සමාගමේ උපදේශක අනුර ෆ‍්‍රනෑන්ඩෝ මහතාටත් මානව සම්පත් සාමාන්‍යාධිකාරි රොහාන් ආරියවංශ මහතාටත් අපගේ ස්තුතිය.




    SLD_20151018_A023.jpg


    ලිපිය ලංකාදීප
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    අශ්වයෙකුත් හදල තියනවා පට්ට :cool: ඔය හරියෙම තමයි තියෙන්නේ