ඈත අහසේ පියඹලා වලා මැදින් පාවි පාවි යන්නම් නිල් අහසේ හරහා
පක්ෂියෙකු සේ නිදහසේ සැරිසර සේද යහනේ වැතිරි සේ මාවතේ බාධක පරදලා වීරයෙකු සේ ධිරි ගෙන අහසේ යන්නම් ඈතට ඈතට පියඹාලා.
සමුදුරු ගංගා පසුකරන් ක්ෂණයෙන් ඇදී සේද නිම්නයේ වැතිරි. සැඩ රිවිගේ රශ්මියේ කටුක බවින් පීඩා නොවි යන්නම් ඈතට ඇදී.
මාවතේ සාගරේ නිදහසේ පියඹාලා තුරුමතින් රූටලා. පවන සේ නික්මීලා සැරිසරන්නම්.
ගී නදින් මත් වෙලා සාමයෙන් රොත්වෙලා අපි යන්නම් නිල් අහසේ වළාකුළු මැදින් සැමදා. ඔබ දකින්නේ සැම දකින්නේ සියලු දෙනා මතින් අපි ඉන්නේ සැමදා.
-Topology
ස්වං නිර්මාණයකි.
Note:
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි.
Last edited:





