පක්ෂෙ තීන්දු කළොත් ආයෙ අගමැති වෙන්න ලෑස්තියි - මහින්ද

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...

    පක්ෂෙ තීන්දු කළොත් ආයෙ අගමැති වෙන්න ලෑස්තියි - මහින්ද

    Mahinda_Rajapaksa_1649686948873_1651910031806.jpg



    හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා නැවතත්අගමැති ධූරයට පත් කරන්නට යන ආරංචි පසුගිය සතියේ දේශපාලන ක්ෂෙත්‍රය තුළ පැතිර ගිය අතර ඕනෑම විටක තම පුටුව නැවත මහින්දට පැවරීමට සූදානම් බවට දිනේෂ් ගුණවර්ධන වත්මන් අගමැතිවරයාද දන්වා තිබුණ බව ඒ සමග කියැවිණි.

    මේ අතර සතිඅන්ත පුවත්පතක නියෝජිතයෙකු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අමතා මේ ගැන විමසීමක් කර තිබේ. එහිදී මහින්ද රාජපක්ෂ කියා ඇත්තේ, තමන් පක්ෂ නායකයෙක් මෙන්ම පක්ෂයට සම්බන්ධ දේශපාලන පෙරමුණේ ප්‍රධානියාද වන බවයි. එබැවින් පක්ෂය ගන්නා තීන්දුවකට හිස නැමීම තමන්ගේ ප්‍රතිපත්තිය බව කියා තිබේ.
    ‘කොහොම වුණත් දිනේෂ් අගමැති තනතුර හොඳින් කරනවනෙ.. එයාගෙ තනතුර ඉවත් කරන්න මට පුද්ගලික උවමනාවක්නම් නැහැ..‘ මහින්ද ඒ සමග කියා තිබේ.
    මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත්වූයේ පසුගිය වසරේ මැයි 09 වනදා වන අතර එදින එම තීන්දුව සමග ඇතිවූ කලබලකාරී තත්වය සිදුවූ ලේ වැගිරීම් නිවාස ගිනි තැබීම් ආදිය ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස සටහන්ව තිබේ.

    Source

    කුණුහරප කියන්න තහනම් උඹලට...
     
    • Haha
    Reactions: scorpion MW

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අනේ ඉක්කනට අගමැති වෙන්න😭

    අරගලෙන් පස්සෙ අර මෛත්‍රීපාලල එකතුවෙලා ජනබලේට පිටින් රනිල් කියල එකෙක් පත්කොරගෙන ඌ 13 දෙන්න යනවා ඔබතුමා උන්ව එලවල බලේ අල්ලල රට නිදහස් කරගන්න please
     
    • Haha
    Reactions: SpinXO

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    රනිල්ගෙ යටතේ ඉන්න වෙන නිසා අවුලක් නෑ