පක්ෂ දෙකකට ඡන්දය දෙන්න ඉඩ
මැතිවරණයකදී තමන් කැමති අපේක්ෂකයෙකුට හා කැමති ඕනෑම පක්ෂයකට එකම ඡන්ද පත්‍රිකාවෙන් ඡන්දය දීමේ අවස්ථාව ඡන්ද දායකයන්ට ලබාදීමට දේශපාලන පක්ෂවල එකඟතාවය ලැබී ඇතැයි රාජ්‍ය ව්‍යාවසාය නියෝජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න මහතා මාධ්‍ය වෙත අනාවරණය කර සිටියි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම සඳහා ඡන්දය විමසන ක්‍රමය සඳහන් කිරීම පිළිබඳව පැවැති සාකච්ඡාවලදී මෙම එකඟතාවයට පැමිණ තිබෙන බවද නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කරයි.
ඒ අනුව ආසන මට්ටමින් කැමති පුද්ගලයෙකුට එක ඡන්දයක් හා කැමති ඕනෑම පක්ෂයකට තවත් ඡන්දයක් ලබාදීමට ඡන්ද දායකයන්ට අවස්ථාව සැලසේ.
ආසන මට්ටමින් මන්ත්‍රීවරු 140 දෙනෙකු තෝරා ගැනෙන අතර ඉතිරිය මුළු ඡන්ද සංඛ්‍යාවෙන් පක්ෂයට හිමිවන ඡන්ද ප්‍රමාණය මත තේරීපත්වීම සිදුවෙයි.
ජර්මනිය හා නවසීලන්තය වැනි රටවල දැනටත් ක්‍රියාත්මක වෙන මෙම ඡන්ද ක්‍රමය මගින් සුළු පක්ෂවලට අවාසි නොවන බවද ඔහු සඳහන් කළේය.