පක්ෂ_වලට_බෙදිලා_කා_කොටා_ගත්තට
පක්ෂ වලට බෙදිලා කා කොටා ගත්තට මේ අය එකම පවුලේ කට්ටියක්
බ්‍රිතාන්‍ය පාලනය අවසාන වුවාට පසුව ලංකාව විවිධ ජනපති, අගමැති, ආණ්ඩුකාරවරු අතින් පාලනය වුනා. ඒකීය රටක් ගොඩ නංවන්නට පවුල් පාලනයෙන් තොර වුනු රටක් හදන්නට දේශපාලකයින් සහ විවිධ දේශපාලන පක්ෂ තවමත් ඇප කැප වෙලා වැඩ කරනවා.
එහෙත් ඔබ දන්නවාද නිදහස ලබාගත් මොහොතේ සිටම ඩිංගිරි බණ්ඩා විජේතුංග, රණසිංහ ප්‍රේමදාස, මෛත්‍රීපාල සිරිසේන කියන තුන්දෙනාගේ පවුල් හැරුණ විට මේ දක්වාත් රට පාලනය කරමින් විවිධ පක්ෂ වලට බෙදී දේශපාලනය කරන්නේ, එකකට එකක් සම්බන්ධ පවුල් එකතුවකින් බව? සහ ඔවුන් අයත් වෙන පවුල් තුලින් එකිනෙකා අතර නෑදෑකම් ඇති වීමෙන් ඔවුන් සියල්ලම එකම පිරිසක් වී ඇති බව?
දන්නේ නැත්නම් කියවන්න, මේ ලිපිය තුලින් ඔබට ඒ සාක්ෂි සම්භවේවි…
1. බණ්ඩාරනායක පවුල
උඩරට යටත් කරගැනීමෙන් පසුව සුදු ජාතිකයින්ට හිතවත් කම් පෑම නිසා පහතරට මුදලි පරම්පරා ඉස්මතු වෙන්නට ගත්තා. මෙයින් එක පරම්පරාවක් තමයි බණ්ඩාරනායක පරම්පරාව කියන්නේ.
ඒ වගේම ලංකාවේ අවසාන රජතුමා වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව අත්අඩංගුවට ගන්නට සුදු ජාතිකයින් සමග පහත රට නියෝජනය කරමින් ගිය ප්‍රධාන සිංහල නිලධාරින් දෙදෙනෙකු සිටියා. එයින් එක නිලධාරියෙකු වුයේ දියෙස් මුදලි හෙවත් ඩයස් බණ්ඩාරනායක මුදලිතුමයි. මේ දියෙස් මුදලි යනු බණ්ඩාරනායක පරපුරේ ආදීතමයින් ගෙන් කෙනෙක් වෙනවා.
අනෙක් නිලධාරියා වන්නේ එඩ්රියන් විජේසිංහ ජයවර්ධන මුදලි හෙවත් තෝම්බු මුදලියි. ඔහු ලංකාවේ ප්‍රථම විධායක ජනපති ගරු ජේ.ආර් ජයවර්ධනගේ මීමුත්තා වෙනවා.
ඉන්පසුව ලංකා ඉතිහාසයේ බණ්ඩාරනායක සලකුණ මතුවන්නේ මහා මුදලි සොලමන් ඩයස් බණ්ඩාරනායක වෙතිනුයි. ඔහු විවාහ කරගන්නේ අධිනීතිඥ ෆොරස්ටර් ඔබේසේකර මුදලි තුමාගේ දෙවෙනි දුවණිය වන ඩේසි ඇසිලින් ඔබේසේකර මෙනවියවයි. ඈ ශ්‍රී ලංකා මහිලා සංගමයේ පළමු සභාපතිනිය ද වෙනවා. ඔවුන්ට දාව ලද දරුවන් ගෙන් පළමු වැන්නා වුයේ හිටපු අගමැති එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මැතිතුමායි.
එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක
ඒ වගේම ඔහු විවාහ වන්නේ ලොව ප්‍රථම අගමැතිණිය වන සිරිමා රත්වත්තේ සමඟයි. ඇය මහවලතැන්න අධිකාරම් තුමාගේ මිණිබිරිය වන අතර ඇයගේ පියා වන්නේ බාන්ස් රත්වත්තේ දිසාවයි.
මෙතුමාට දරුවන් තිදෙනෙක් සිටිනවා
සුනේත්‍රා බණ්ඩාරනායක (සමාජ සේවිකා)
චන්ද්‍රිකා බණ්ඩාරනායක (ලංකාවේ පලමු කාන්තා ජනපති)
අනුර බණ්ඩාරනායක (හිටපු කතානායක)
2. ආටිගල පවුල
3. සේනානායක පවුල
4. විජේවර්ධන පවුල
5 5. ජයවර්ධන පවුල
6. රාජපක්ෂ පවුල
ඔක්කොම එකම එක නෑ පරපුරක්