පච්ච කෙටීම හා එහි නොදත් පැත්ත......!

TPIN

Banned
Jul 16, 2013
23
22
0
පච්ච කෙටීම හා එහි නොදත් පැත්ත......!

පච්ච කෙටීම හා එහි නොදත් පැත්ත......!

[FONT=&quot]පච්ච කෙටීම නවශිලා යුගයේ පටන්ම යුරෝ-ආසියාතියන් කරගෙන ආව දෙයක්. මේක පුද්ගලයන් වසර දහස් ගණනක්ම කරගෙන ඇවිත් තියෙනවා. මේ ස්ථිර නිර්මාණ සමහර වෙලාවට චාම් සටහන් විදිහට, සමහර විටෙක විසිතුරු විදිහට, හැමවෙලේම පෞද්ගලිකවත් යොදාගන්නේ ආරක්‍ෂාව, ගම් බිම් සංකේතනය, ආදරය සංකේතවත් කිරීම්, ආගමික ඇදහිලි, අලංකරණය හෝ සමහර දඬුවම් වගේ දේවල් වලට.[/FONT]



[FONT=&quot] පච්ච කෙටීම සඳහා ලැබෙන පැරණිම සාක්‍ෂිය වන්නේ ක්‍රිස්තු පූර්ව 2000කට පෙරාතුව ජීවත් වුණ [/FONT]“[FONT=&quot]හිම මිනිසා[/FONT]”[FONT=&quot] විදිහට හඳුන්වන ස්වභාවික මමිය 1991 සැප්තැම්බර් මාසයේ සොයා ගැනීමත් එක්ක. ඔහුගේ ශරීරයේ තිබූ පච්ච තමා පැරණිම ලෙස සලකන්නේ. එම ශරීරයේ කොන්දේ පහල කොටස, දණහිස පහල හා වළලුකර ආසන්නයේ සරල ඉරි හා තිත් වලින් සමන්විතව ආසන්නව කාබන් පච්ච 57ක් විතර තිබිල තියෙන බවයි කියැවෙන්නේ. මේ සියල්ල සුවකිරීමේ ක්‍රම ලෙස යොදාගෙන ඇති බව එම පච්ච ඇති තැන්වල ඇති කටු චිකිත්සක ස්ථාන වලින් පෙන්නුම් කෙරෙනවා.[/FONT]
scythian.jpg
හිම මිනිසා මමියේ තිබූ පච්ච
tattoo_hand.jpg
හිම මිනිසා මමියේ තිබූ පච්ච



[FONT=&quot] සම පිළිබඳ ඇමරිකානු සංගමය විසින් පච්ච වර්ග පහක් හඳුන්වාදී තිබෙනවා. ඒ අප්‍රසන්න පච්ච හෙවත් ස්වභාවික පච්ච, ආධුනික පච්ච, වෘත්තීමය පච්ච, අංගරාග පච්ච හා වෛද්‍ය පච්ච විදිහට. [/FONT]

[FONT=&quot]අප්‍රසන්න පච්ච හෙවත් ස්වභාවික පච්ච[/FONT]

[FONT=&quot] මේ පච්ච ඇතිවන්නේ ස්වභාවිකව උපතින් හෝ පසු කාලීනව ඇතිවන තුවාල කැලැල් විදිහට. ඒවායේ කිසිම නිර්මිත බවක් නැති නිසා තමා ඒවාට අප්‍රසන්න පච්ච විදිහට නම වැටිල තියෙන්නේ. [/FONT]


[FONT=&quot]ආධුනික පච්ච හා වෘත්තීමය පච්ච[/FONT]

[FONT=&quot] මේ දෙකම පසු කාලීනව ඇඳගන්නා ලද ඒවා. මේ ඇඳීම් සඳහා විවිධ ක්‍රම භාවිතා වෙනවා. සමහර වෙලාවලදී ශරීරයේ කරන ලද සීරීම් විදිහටත් මේ ඇඳීම් සිද්ධ වෙනවා. මේදේ යක්‍ෂයාට එරෙහිව, දෙවියන් වෙනුවෙන්, තමාගේ වාසනාව උදෙසා හෝ වෙනත් අභිමතාර්ථයන් වෙනුවෙන් නිර්මාණය වෙනවා. ඒදේ පච්ච කොටනු ලබන්නා හෝ ශරීරය හිමියාගේ අදහස් අනුව තමා කෙරෙන්නේ.[/FONT]


[FONT=&quot] සමහර පච්ච කෙටීම් සිද්ධ වෙන්නේ හඳුනා ගැනීමේ සළකුණු යෙදීමක් විදිහට. නාසි සංවිධාන හා වෙනස් සන්නද්ධ කණ්ඩායම් හා තවත් ත්‍රස්ත කණ්ඩායම් තමන්ගේ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා හා තම තත්ත්වයන් පෙන්වීමටත් පච්ච යොදාගෙන තිබෙනවා. ආදී රෝම අධිරාජ්‍යයා තම සොල්දාදුවන්ට අණකිරීමක් පවා කරල තියෙනවා ඔවුන්ගේ හා සටන් ශිල්පීන්ගේ හෝ වෙනත් වහලුන් සඳහා වෙනස් ආකාරවලින් පච්ච කෙටීම් කල යුතුයි විදිහට. ඒ ඔවුන් ඕනෑම අවස්ථාවක හඳුනා ගැනීම සඳහා. හඳුනාගැනීමේ පච්ච සතුන්ගේ පවා යොදන්නේ ඔවුන්ගේ හිමිකරුවන් හඳුනා ගැනීම වෙනුවෙන්.[/FONT]


[FONT=&quot] පච්ච කෙටීම සෞඛ්‍ය අවධානමක් ඇති වැඩක් විදිහටයි සැලකෙන්නේ. ඒකට හේතුව දැන් ගොඩක් පච්ච කෙටීම් වලදී සිදු කෙරෙන සම සිදුරු කිරීම්. එතැනදී වෙන ලේ වහනය වීම්, හා සිදුරු වලින් බැක්ටීරියා රෝග ඇතුළුවීම් වාගේම එකම උපකරණයක් මගින් කීපදෙනෙකුගේ පච්ච කෙටීම් නිසා [/FONT]AIDS [FONT=&quot]වැනි රෝග වැළඳීමේ අවධානමකුත් තියෙනවා. ඒ වාගේම පච්ච ඉවත් කිරීමත් ඉතා වේදනාකාරී වැඩක්. ගොඩක් වෙලාවට මේ දේ සිද්ධ කරන්නේ ලේසර් කිරණ භාවිතයෙන් වර්ණක ඉවත් කිරීමක් විදිහට. ඒ දේ ඉතා වේදනාකාරී බවයි කියන්නේ. ඒ වාගේම ලේසර් කිරණ නිසා අතුරු ආබාධ පවා ඇතිවෙන්න පුළුවන්.[/FONT]
448px-Tattoo_Maschine_Nadel.JPG

පච්ච කොටන උපකරණ

Tattoo_machine_2_coil.jpg

පච්ච කොටන උපකරණ




[FONT=&quot]තාවකාලික පච්ච කෙටීම්[/FONT]

[FONT=&quot]මේ දේ ගොඩක් වෙලාවට කෙරෙන්නේ මෝස්තර නිරූපණ ශිල්පීන් හා දරුවන් විසින්. ඒවා සම මත කරන ඇඳීම් විදිහට හෝ ලේබල ඇලවීමක් විදිහට තමා කරන්නේ. අඳින්න ගන්නේ සාමාන්‍ය වර්ණ විශේෂයක් වගේම සම මත කරන ඇඳීමක් විදිහට තමා කෙරෙන්නේ. ඒවා ටික කාලෙකින් ස්වභාවිකව හෝ සමහරක් වතුරෙන්ද සමහරක් තෙල් සංයෝජනය වෙච්ච ආලේපන මගින්ද ඉවත් වෙනවා. (පච්ච අඳින්න ගන්න සමහර දේවල් සමට හිතකර වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සංයෝග ගැන මේ ලිපියේ දාන්න වෙන්නේ නැති එක නම් කණගාටුවට කරුණක්. තවත් හේතුවක් මේක කියවන අය අත්හදා බලන්න ගිහින් වැරදුනොත් බැනුම් අහන්නේ මගේ දෙමව්පියෝනේ. සාමාන්‍ය සිංහලයන්ගේ ක්‍රමය අනුව.)[/FONT]


[FONT=&quot] හැම පච්චයක් සඳහාම විශේෂ තේරුමක් තියෙනවා.[/FONT][FONT=&quot] ඒත් ගොඩක් දෙනා ඒ දේ නොදැන තමා පච්ච කෙටීම කරන්නේ. අරය කොටල තියෙන්නේ ඒකම තමා ඕනෙ. මේක ලස්සනයි ඒක කොටමු. මේ විදිහට තමා අපේ අය පච්ච කොටන්නේ. ඒත් ඇත්තටම ඒ අඳින පච්චය සඳහා තියෙන්නේ දරුණු තේරුමක් වෙන්නත් පුළුවන් වාගේම අසභ්‍ය තේරුමක් වෙන්නත් පුළුවන්. මෙන්න පච්ච ටිකක් තේරුම් මගෙන් ඒත් ඔක්කොම ලියන්න නම් බෑ. මොකද මේ ක‍්ෂේත්‍රය ගොඩක් විශාල එකක් වාගේම අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් පච්ච තියෙන විශයක් වීම.[/FONT]



[FONT=&quot]සමනළ පච්චය - මේක ආදරය, සතුට, ලස්සන හා ඉතා විශාල නිදහස පෙන්වා දෙනවා.[/FONT]
butterfly1.jpg

[FONT=&quot]සමනළ පච්චය[/FONT]
Butterfly-Tattoo-on-Bacl.jpg
[FONT=&quot]
සමනළ පච්චය[/FONT]



[FONT=&quot]දියමන්ති පච්චය - මේ පච්චය දියමන්තියක් මෙන් පිටත ලස්සන හා ඇතුලාන්තයේ ඇති විනාශ කල නොහැකි ශක්තිය පිළිබිඹු කරනවා.[/FONT]
diamond+back+tattoo.jpg

දියමන්ති පච්චය

diamonte.jpg
දියමන්ති පච්චය [FONT=&quot]මකර පච්චය - මේක පුරාවෘත හා බැඳුණු ශක්තිය පිළිබිඹු කරන්නක්. සත්වයාගේ සෘජු බව හා හැකියාවන්ගෙන් තමනුත් සමන්විතයි කියල පෙන්වන්න තමා අඳින්නේ.[/FONT]

dragon+tattoos+japanese.jpg

මකර පච්චය

dragon-tattoos-for-women5.jpg

මකර පච්චය



[FONT=&quot]මල් පච්ච - මේවායේ නම් විවිධා කාර අදහස් තිබුණත් රෝස මල් නෙලුම් මල් වගේ ඒවා තමා ගොඩක් ප්‍රසිද්ධ ගොඩක් වෙලාවට කාන්තාවන් වෙනුවෙන් ඇඳෙන මේ පච්ච අලංකරනය, සත්‍යවාදී බව හා පිවිතුරු බව සංකේතවත් කරනවා.[/FONT]
floral-tattoo-art.jpg

මල් පච්චය

rose+flower+tattoo.jpg

මල් පච්චය


[FONT=&quot]සර්ප පච්ච - මේ පච්ච යොදන්නේ මිත්‍යා විශ්වාස හා ශක්තිමත් භාවයන් විදහා දක්වන්න. ගොඩක් වෙලාවට යොදාගන්නා නාගයා දේවත්වය තමා පිළිබිඹු කරන්නේ.[/FONT]
Liberty-snake-tattoo.jpg

සර්ප පච්චය

new-snake-tattoo.jpg

සර්ප පච්චය





[FONT=&quot]මකුළු දැල් පච්චය - මේක යොදාගෙන තියෙන්නේ මිනී මැරුම් කීපයක් කල පුද්ගලයන්ගේ හඳුනාගැනීමක් විදිහට. පස්සේ කාලෙක ඒක විලාසිතාවක් වුනත්. ඒ පුද්ගලයාලේ දරුණු ස්වභාව පෙන්නන්න තමා යොදාගන්නේ.[/FONT]
1849637_f520.jpg

මකුළු දැල් පච්චය
spiderweb.jpg

මකුළු දැල් පච්චය






[FONT=&quot]සීනි හිස්කබල පච්චය - මේක යොදාගන්නේ මරණයෙන් පස්සේ ජීවිතය පිළිබද දන්වන්න. ඒ වාගේම ආදරය කල පුද්ගලයෙක් තමා අත්හර ගියත් ඔහු පිළිබඳ මතකය සංකේතවත් කරන්නත් මේක යොදා ගන්නවා.[/FONT]
skulltattoo.jpg

සීනි හිස්කබල පච්චය

sugarskullfem.jpg

සීනි හිස්කබල පච්චය

[FONT=&quot]දේව දූතයා පච්චය - මේක යොදා ගන්නේ තමා සමඟ දෙවියන්ගේ ඇති සබඳතාව පෙන්නුම් කරන්න. ඒ වාගේම දෙවියන්ගේ මඟ පෙන්වීම හා ආරක්‍ෂාව පතන්න.[/FONT]
Angel+Tattoos%252C+Designs5.jpg

දේව දූතයා පච්චය

Shoulder-Angel-Tattoo-Design-Fashion-for-2011.jpg

දේව දූතයා පච්චය

[FONT=&quot]ෆීනික්ස් කුරුල්ලා පච්චය - මේ කුරුල්ලා සෑම සවසකදීම දැවී විනාශ වෙලා ගිහින් සෑම උදෑසනකම එම අළු මතින්ම ජීවය ලබන බවයි සලකන්නේ. ඒ විදිහටම මේ පච්ච සළකුණ ඇත්තාද විනාශයන් හමුවේ ඒ විනාශයන් මතින්ම නැගිටින බව සංකේතවත් කෙරෙනවා.[/FONT]
images.jpg

ෆීනික්ස් කුරුල්ලා පච්චය

phoenix-tattoos-tinkerbell-tattoo-r-e-tattoodonkey.com.jpg

ෆීනික්ස් කුරුල්ලා පච්චය



[FONT=&quot]සිංහ පච්ච - සතුන්ගේ රජා ලෙස සලකන මෙය සළකුණු කිරීමෙන් තමාද නායකත්වය සඳහා සූදානම් බව දක්වයි.[/FONT]
lion-tattoo-designs-3.jpg

සිංහ පච්චය

Mighty-and-Appealing-Lion-Tattoo-Designs.jpg

සිංහ පච්චය
[FONT=&quot]
[/FONT]


[FONT=&quot]වෘක පච්චය - පක්‍ෂපාතී බව, ආඩම්බර බව හා නිදහස් බව පෙන්නුම් කරන්නක්. [/FONT]
Wolf+Tattoos-wolf+tattoo.jpg

වෘකයා පච්චය

wolftat.jpg

වෘකයා පච්චය

[FONT=&quot]කොටියා පච්චය - ශක්තිය, බලය, අපරාජිතබව, රෞද්‍ර බව හා ඇත්තා වූ පෙනුම තමා ප්‍රකාශ වෙන්නේ.[/FONT]
3d%252Btiger%252Btattoo.jpg

කොටියා පච්චය

tattoo_tiger-306x288.jpg

කොටියා පච්චය

හොදනම් ඉතින් හලකල යන්න
 
Last edited: