පච_රණවක_ගේ_ගෙවල්_පචය
පසුගිය සිකුරාදා නාගරික පුර්නජීවන වැඩසටහන යටතේ නිවාසලාභින්ට නිවාස ලබා දෙන උත්සවයක දී පා ච රණවක ඇමතිතුමා පචවැලක් ප්‍රකාශ කළා. තමන් ඉතිහාසයේ වැඩිම නිවාස ගණන හැදූ බවත් පසුගිය වසර හතර ඇතුලත අනවසර ඉදි කිරීම් වල හිටිය 15,000ක් තමන්ගේ අත් වලින්ම අනවසර ඉදි කිරීම් කඩා දාලා අළුත් නිවාස වල පදිංචියට ගිය බවත් ඒතුමා ප්‍රකාශ කලා. 2011 සිට 2019 දක්වා නාගරික පුර්නජීවන වැඩසටහන යටතේ ඉදි කිරීම ඇරඹූ මුළු නිවාස ගණන 14,544යි. එයින් බ්ලූමැන්ඩල් පාරේ ගෙවල් 450ක් 2015 අප්‍රේල් මාසයේ හකීම් ඇමතිතුමා නාගරික සංර්වධන විෂය භාරව සිටින කාලයේ දී ආරම්භ කළා. පා ච රණවක ඇමතිතුමා පැල්පත්වාසින් වෙනුවෙන් නාගරික පුර්නජීවන වැඩසටහන යටතේ කිසිම නිවාසයක් ඉදි කිරීම තබා ඉදි කිරීමට ආරම්භ කරලවත් නෑ කියන එක වගකීමෙන් ප්‍රකාශ කරනවා.
එහෙම නම් නාගරික පුර්නජීවන වැඩසටහන යටතේ නිවාස 14,094ක්ම ඉදි කිරීම ආරම්භ කලේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. මේ ව්‍යාපෘතිය ආරම්භ කලේ 2011 දී. 2014 අවසන් වන විට නිවාස 4,686ක් නිවාසලාභින්ට භාර දීලාත් ඉවරයි. ඒ වගේම අනෙකුත් නිවාස ව්‍යාපෘති සියල්ලම ටැම් අත්තිවාරම් නැතිනම් පයිලින් අවසන් කරලා තිබුණේ. සමහර ව්‍යාපෘති තට්ටු තුනක් හෝ හතරක් දක්වා ඉදි කරලාත් තිබුණේ. නමුත් රණවක ඇමතිතුමාට තවම ඒවා අවසන් කර ගන්න බැරි වෙලා. ඔන්න ඕක නිසා තමයි අපි එතුමාට වැඩ බැරි රණවක කියන්නේ.
2015 සිට 2019 මේ දක්වා නිවාසලාභින්ට භාර දී තිබෙන්නේ නිවාස 6,724යි. මේ සියල්ල ගෝඨාභය මැතිතුමා පටන් ගත්තු ඒවා. නිවාස 6,724 භාර දුන්නාම අනවසර පදිංචිකරුවන් 15,000ක් තමන් පදිංචි නිවාස දෑතින් කඩලා අළුත් නිවාස වලට ගියේ කොහොමද කියන එක පාච රණවක ඇමතිතුමා පැහැදිලි කරන්න ඕනෑ. ඒ වගේම 2024 වන විට කොළඹ නගරය පැල්පත් නැති නගරයක් බවට පත් කරනවා කියලා එතුමා පොරොන්දු වෙනවා. නාගරික පුර්නජීවන වැඩසටහන යටතේ ඉදිවෙමින් පවතින නිවාස තිබෙන්නේ 2,684ක් නම් එතුමා පැල්පත්වාසින් වෙනුවෙන් කිසිම නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භ කරන්නේ නැතුව කොළඹ පැල්පත් නැති නගරයක් බවට 2024 දී පත් කරන්නේ කොහොමද?
ගරු පාච රණවක ඇමතිතුමනි, 2015 සිට 2019 දක්වා පැල්පත්වාසින් ලබා දුන් බව ඔබතුමා කියන නිවාස 15,000 විස්තර රටට ලබා දෙන්න. ඒ වගේම තම ධූර කාලය තුල කිසිම නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ නොකර 2024 දී කොළඹ පැල්පත් නැති කරන වැඩපිලිවෙල රටට කියන්න. ඔබතුමා බොරුවක් කියලා අහු වුණාම සාමාන්‍යයෙන් කරන්නේ ඌරෙක් මඩ වලකට බැහැලා මඩ ගහ ගන්න කතා කළාට මම නම් යන්නේ නෑ කියන එකනෙ. ඒතුමා සමග වසර 15ක් කටයුතු කළ පුද්ගලයෙකු විදිහට මම දන්නැද්ද ඒතුමා දෙන උත්තරය. ඒක මෙතැනට අදාළ නෑ. මේ තිබෙන්නේ මඩ නොවේ ඔබේ පච ගැන සැබෑ තොරතුරු.
ඔන්න ඕකට තමයි කියන්නේ අනුන්ගේ දරුවන්ගේ උප්පැන්න වලට තමන්ගේ නම දානවා කියලා. හැබැයි එහෙම කළොත් ඩීඑන්ඒ පරික්ෂාවේ දී ඒක අසුවෙන බව කාටත් වඩා හොඳින් පා ච රණවක ඇමතිතුමා දන්නවා.