කාබනික පොහොර මතක් උනා
වැයෙන් අහින්නේ පට්ට ඩේන්ජරස් සින් එකක් එක පොඩ්ඩ බැරි උනොත් කකුල කැපෙනවා අපේ ගෙදරත් තිබ්බ ඔය ගස් ඉරන කියතක් චෙන් සෝවර් අවට පස්සේ පාවිච්චි කරන්නේ නැති නිසා තාත්ත කාටහරි දුන්න වගේ මතකයි ඉස්කෝලේ ගිහින් ඇවිත් ඉස්කෝලේ කලිසම පිටින් දුවන්නේ ගස් ඉරනවා බලන්න එක වෙනම අතල් එකක් බැටරි කැල්ලක් තලලා තමා නුල් ගහන්න කලුපාට හදාගන්නේ උඩ ඉන්න කෙනා වගේම යට ඉන්න කෙනා හරියට අදින්න ඕනි නැත්නම් ඇද යනවා ... ඉරනකොට එන හඩ තමා පට්ටම පට්ටලේ උඩට වෙලා කකුල් දෙක පහලට දාගෙන රොටි කැල්ලක් කකා ඉවරවෙනකන් බලන් ඉන්නවා ඒ කලේ මාරයි අපේ දරුවන්ට ඊවා දකින්න වෙන්නේ මෙහෙම තමාපොඩිකාලෙ අපි ඉන්න ගෙවල් හැදුවෙ ඔහොම බන්. පොල් පරාල පලන්නෙත් අතින්.
අපේ ගේ හදනකොට ගෙදර පිටිපස්සට වෙන්න තියෙන තේක්ක ගහක් ඔය විදිහට ඉරල, ජනෙල් උලුවහු සේරම දැම්ම...අඩේ අපේ මහගෙදර හැදුවෙ සම්පූර්නයෙන්ම ඔහොම ගස් ඉරලා
ඒ ගස් ඉරපු එවුන් මාස ගානක් ලී ඉරුවා මුලු ගෙදරටම, වහාලෙට, සහ අනෙක් සේරම ලී වැඩ වලට
ඒ දවස් වල ඉස්කෝලෙ ඇරිල ගෙදර ඇවිත් ලී ඉරන තැනට වෙලා පැය ගනං බලං ඉන්නවා, නූල් ගහලා ඉරන හැටි. චේන් සෝ වලට සාපේකශව ලී අපතේයෑම එහෙම හරි අඩුයිනේ
තාමත් සීංහරාජෙ කැලේ කපලා ඔවයින් ලී ඉරන පොරවල් ඉන්නවා, සද්දයක් ඇහෙන්නෙ නැති නිසා අහුවෙන්නෙත් නැහැ.