පට්ටලේ වැඩ ගොඩක් අය දන්නේ නැහැ දැන්

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    images
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    අඩේ අපේ මහගෙදර හැදුවෙ සම්පූර්නයෙන්ම ඔහොම ගස් ඉරලා
    ඒ ගස් ඉරපු එවුන් මාස ගානක් ලී ඉරුවා මුලු ගෙදරටම, වහාලෙට, සහ අනෙක් සේරම ලී වැඩ වලට
    ඒ දවස් වල ඉස්කෝලෙ ඇරිල ගෙදර ඇවිත් ලී ඉරන තැනට වෙලා පැය ගනං බලං ඉන්නවා, නූල් ගහලා ඉරන හැටි. චේන් සෝ වලට සාපේකශව ලී අපතේයෑම එහෙම හරි අඩුයිනේ
    තාමත් සීංහරාජෙ කැලේ කපලා ඔවයින් ලී ඉරන පොරවල් ඉන්නවා, සද්දයක් ඇහෙන්නෙ නැති නිසා අහුවෙන්නෙත් නැහැ.
     
    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    පොඩිකාලෙ අපි ඉන්න ගෙවල් හැදුවෙ ඔහොම බන්. පොල් පරාල පලන්නෙත් අතින්.
    වැයෙන් අහින්නේ පට්ට ඩේන්ජරස් සින් එකක් එක පොඩ්ඩ බැරි උනොත් කකුල කැපෙනවා අපේ ගෙදරත් තිබ්බ ඔය ගස් ඉරන කියතක් චෙන් සෝවර් අවට පස්සේ පාවිච්චි කරන්නේ නැති නිසා තාත්ත කාටහරි දුන්න වගේ මතකයි ඉස්කෝලේ ගිහින් ඇවිත් ඉස්කෝලේ කලිසම පිටින් දුවන්නේ ගස් ඉරනවා බලන්න එක වෙනම අතල් එකක් බැටරි කැල්ලක් තලලා තමා නුල් ගහන්න කලුපාට හදාගන්නේ උඩ ඉන්න කෙනා වගේම යට ඉන්න කෙනා හරියට අදින්න ඕනි නැත්නම් ඇද යනවා ... ඉරනකොට එන හඩ තමා පට්ටම පට්ටලේ උඩට වෙලා කකුල් දෙක පහලට දාගෙන රොටි කැල්ලක් කකා ඉවරවෙනකන් බලන් ඉන්නවා ඒ කලේ මාරයි අපේ දරුවන්ට ඊවා දකින්න වෙන්නේ මෙහෙම තමා
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    අඩේ අපේ මහගෙදර හැදුවෙ සම්පූර්නයෙන්ම ඔහොම ගස් ඉරලා
    ඒ ගස් ඉරපු එවුන් මාස ගානක් ලී ඉරුවා මුලු ගෙදරටම, වහාලෙට, සහ අනෙක් සේරම ලී වැඩ වලට
    ඒ දවස් වල ඉස්කෝලෙ ඇරිල ගෙදර ඇවිත් ලී ඉරන තැනට වෙලා පැය ගනං බලං ඉන්නවා, නූල් ගහලා ඉරන හැටි. චේන් සෝ වලට සාපේකශව ලී අපතේයෑම එහෙම හරි අඩුයිනේ
    තාමත් සීංහරාජෙ කැලේ කපලා ඔවයින් ලී ඉරන පොරවල් ඉන්නවා, සද්දයක් ඇහෙන්නෙ නැති නිසා අහුවෙන්නෙත් නැහැ.
    අපේ ගේ හදනකොට ගෙදර පිටිපස්සට වෙන්න තියෙන තේක්ක ගහක් ඔය විදිහට ඉරල, ජනෙල් උලුවහු සේරම දැම්ම...

    පස්සෙ කාලෙකදි, ගෙදර පිටිපස්සෙ අලුතෙන් කෑල්ලක් හැදුව. ඒ කොටස හදන කොටත්, අර කලින් තේක්ක ගහ කපපු මුලින්ම අලුතින් ලියලල ගහක් හැදිල තිබුණ. ඒ ගහ කපල, අලුත් කෑල්ලෙ ජනෙල්, උලුවහු ටික දැම්ම....

    එකම ගෙදරට එකම ගහ දෙපාරක් කපල ඉරල ලී අරගෙන තියෙනව...