අපි නිර්මාංශී වෙමු කියල ෆේස්බුක් ගෲප් එකක් තියෙනවා. මමත් ජොයින් වෙන්න රික්වෙස්ට් කලා. ගිහින් බැළුවම උන් තර්ක කරගන්නවා බුදු හාමුදුරුවෝ නිර්මාංශී වෙන්න කියලා නෑ කියල එක සෙට් එකක් කියනවා අනිත් උන් උන්ට විරුද්ධව කතා කරනවා. නිර්මාංශ උන් හිර වුනු ගමන් අර තර්ක කරන උන් ගෲප් එකෙන් අයින් කරල දානවා. මටත් ඔය ප්රශ්නෙ ගැන අවුලක් තිබුනු නිසා මන් පෝස්ට් එකක් දැම්මා ධර්මයට අනුව තියෙන කරුනු කියන්න කියලා. ඒක් ඇපෲ උනෙත් නෑ. ඊට පස්සෙ දවසක එකෙක් දාල තිබුනා අදහස් දක්වද්දි සන්යමයෙන් දක්වන්න කියලා. උන්ගෙ අදහසට විරුද්ධ අය ගෲප් එකෙන් අයින් කරනවලු. මම ඒකට කමෙන්ට් එකක් දැම්මා ගෲප් එකට ජොයින් රික්වෙස්ට් එකක් දැම්මම ප්රශ්නයක් දාන්න නිර්මාන්ශීනම් පමනක් එකතු කර ගන්නවා කියල. නැත්නම් මස් කන එකෙක් නිර්මාන්ශී වෙන්න හේතු හොයන් ආවොත් ඌ ට ඒ ගෲප් එක හරියන්නෙ නැති නිසා කියල.
අද මාවත් ගෲප් එකෙන් අයින් කරලා.

අද මාවත් ගෲප් එකෙන් අයින් කරලා.



උගේ අප්පගේ වෙජිටේරියන සිංහලයෝ ටිකක් ලංකාවේ ඉන්නේ. දැන් ඉතින් බුද්ධාගමක් අල්ලගෙන මැරෙන්න හදනවා. කන උන් කාපුවාවේ, නොකන උන් නිකං හිටපුවාවේ. මම නම් කියන්නේ නිර් මාංශ වෙන්න පුලුවන් නම් හොදා. ඒත් ඒක 100%ක් බෑනේ කරන්න. මස් නම්කන එක අඩූ කරපල්ලා. විශේෂස්යෙන් කුකුල් මස්. තනිකර විස. සමහර ෆාම්වල කුකුල් පැටව් ජීවිතේට වතුර බීලා නෑ. වතුර වෙනුවටත් මොකක්දෝ මන් දා බෙහෙතක්ලු දැන් දෙන්නෙ. මාලු උනත් අද අල්ලපුවා නෙමෙයිනේ බන් එන්නෙ. මාළු වාඩියක් ලග පාතින් අර ගන්නව නම් අවුලක් නෑ. එහෙම නැත්නම් තනිකර පෝමලින් ගහ්ලා එන මාලු තමයි කන්න වෙන්නෙ. මේවා ගැනත් හිතපන්.