පට්ට කෑම

cat123

Well-known member
  • Sep 25, 2007
    2,685
    4,416
    113
    මේ ඉන්ජෙක්ෂන් එක සැරට මොලේටම විදගන්න...

    ටිකක් නැවතිලා කියවන්න.
    අපි මොනවද මේ කන්නේ..?

    1) චිකන්

    ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා. දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා. 25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක. ඊට පස්සේ මුල් දවසේ ඉදන් ඇන්ටිබයෝටික් එක්ක තව ඩ්‍රග්ස් දවස් 5ක් යනවා එක දිගටම. ඒක ඉවරුනු ගමන් ඊලග එක පටන් ගන්නවා සෙමට. ඒක ඉවරුන ගමන් පටන් ගන්නවා විටමින්. එකත් ඉවරුන ගමන් රස්නෙට බෙහෙත් දෙනවා. ඔය අතරේ ලෙඩ උනාමත් එක එක මගුල් දෙනවා.

    උදාහරණයක් විදියට දවස් 21ක් ජීවත් උනු කුකුලෙක් ඒ දවස් 21ටම ඩ්‍රග්ස් නැතුව පිරිසිදු වතුර විතරක් බොන්නේ අඩුම දවස් 2,3ක් කීවොත් පිලිගන්නවද? අර දවස් 21 වෙනකොට මොන තරම් ඩ්‍රග්ස් ඇගේ සාන්ද්‍ර ද?

    ඒ විතරක් නෙමේ බූස්ටර්, ස්ටාටර්, ග්‍රෝවර්, ෆිනිශර් විදියට යන ෆීඩින් රැශන් එක සතාගේ බර ගන්නම හදපු ෆීඩ් එකක්. එකේ මොන තරම් අහිතකර දේවල් තියෙනවද?

    තව නොදත් කරුණක් කියන්නම්.අර 19න් දෙන වැක්සින් එක දුන්නම සමහර වෙලාවට එදාම ඒ සත්තු මාකට් එකට කොලඹට ඕන තරම් එන දවස් තියෙනවා. සතා පෝස්ට් මෝර්ටම් කලාම බලාගන්න පුලුවන් සතාගේ වැක්සි බූස්ට් පවා තිබෙනවා ඇඟේ. එතකොට අර වැක්සින් වියැකෙන්නත් මත්තේන් පිගානට එනවා නේද?

    ඒ විතරක් නෙමේ ගම්බෝරෝ, රැනිකට් වගේ ලෙඩ හැදිලා මැරිලා යන කුකුලන් ඉතා අඩු මිලට හෝටල් වලට හා සවස රයිස් ,කොත්තු කඩවල් වලට අරන් යනවා. ඒවා තමයි ඔය රයිස් එක100,120 ට දෙන්නෙ කුකුල් ගාතයක් එක්ක.

    කවුද මේවා නියාමනය කරන්නේ.?

    මුදලට සියල්ල යටයි. කම්පැනිකාරයා ලාබ ලබනකොට සුව්හසක් ජනතාව හිමි හිමින් ලෙඩ ඇදේ. කවුද මේවා දන්නේ.?

    2) ඇපල්, දොඩම්, අඹ, ගස්ලබු, බයිට්ස් වර්ග, කුකුළු මස්, වම්බටු, තක්කාලි, තිබ්බටු, අධි සාණ්ද්‍ර පැණි බීම ඔය ඔක්කොම වස තමයි.

    👉බයිට් වලට තෙල් තාච්චුව උතුරපු ගමන් මෙගා බෝතලේ දානවා. අපි රස කර කර ඒක කනවා.

    👉වම්බටු, තක්කාලි, තිබ්බටු වගේ ඒවා හොඳට කනවා. කෙටිකාලීන මාංසල භෝග වස නාලා කඩේට එන්නේ.

    👉 ගම්මිරිස් වලට ගස් ලබු ඇට දානකොට ,මිරිස් කුඩු වලට සායම් දානකොට,කහ කුඩු වලට මෙතැනිල් කහ දානවා.

    👉 හොඳ හාල් වලට කෑලි හාල්, සුදු කල සත්ත්ව ආහාර හාල් එකතු කරනවා.

    👉 පොල්තෙල් වලට පාම් තෙල් කලවම් කරනවා.

    👉 හොඳ බත් එක මරාගෙන ඒකට අජිනමෝටෝ,ඌරු තෙල් දාගෙන කඩේට ගිහින් ෆ්‍රයිඩ් රයිස් කියල තොල පිනවගන්නවා.

    👉 දිවුල් ඉදවන්නේ මඩේ දාලා. අලියා ගිල්ල දිවුල් එලියට එනකොට එම්ටි. මඩේ දාලා ගත්තම සුපිරි.

    👉 හොඳ තේ කුඩු වලට එකතු කරන්නෙම අයින් කරන කසල තේ කුඩු.

    👉 රස කර කර කන කරවල වල ෆෝමලින් එමට. සමහරු බැටරි ඇසිඩ් හිටන් දානවා.

    👉 මාලුවලටත් සමහරු ෆෝමලින්, දිස්නයට කෙමිකල්, පරණ මාලු වලට අලුත් මාලුන්ගේ ලේ දාලා දෙනවා. මාළු ලෑලි වල මාළු වලට මැස්සො වහන එක නවත්වන්න මදුරු නාශක දියර වතුරට දියකරලා ඉහිනවා. කොහොමද මෙටෝෆ්ලූතීන් වැනි රසායනික ශරීර ගතවුනාම.

    තව, කොස් කපලා විකුනන තැන්වල කොස් ඉදෙන එක වලක්වන්න කොස් මදුලු හාපික් දියකරපු වතුරෙ ඔබලා ගන්නවලු.

    ගස්ලබු වල ඉදුන බව හඟවන්න, කාබයිඩ් ඇඟිලි තුඩුවල තවරගෙන, ගස්ලබු ගෙඩිය වටේ ඉරි පහ හිටින්න අදිනවා. ඒ තැන් විතරයි කහපාට වෙන්නෙ. එතකොට මුලු ගෙඩියම එකවර කහ පාට නොවන හින්දා ගහෙන් ඉදිලා කැඩුව වගේ. උග්‍ර පිළිකා කාරකයක් වන කැල්සියම් කාබයිඩ් අංශු ශරීර ගතවෙනවා.

    කිරි වලට මෙලමයින් දානවා උකුබව පවත්වා ගන්න.

    ආහාර මාෆියාවෙන් ගැලවෙමු.! මිනිස්සුන්ව දැනුවත් කරමු.

    ඉස්සර ලුණු කුඩු ටිකක් එලියට අරන් ටිකක් වෙලා යතිබ්බම තෙත් වෙනව දැන් එම වෙන්නෙ නැ හෙතුව ලුණු වලට කල්වම් කරන්ව. සිලිකන් පව්ඩර්..

    උපුටා ගැනිමකි... Facebook.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    සමහර ඒව නම් අමූලික බොරු, අනෙක් ඒව නම් ඇත්ත සහ වෙන්න පුලුවන් ඒවත් තියනවා

    හොදටම දන්න බොරු මෙහෙමයි

    බයිට් බදිනකොට මෙගා බෝතල් දැම්මට වැඩක් නැහැ, තෙල් වාශ්ප වෙන උෂ්නත්වයට රත් කරත් මෙගා බෝතල් දියවෙන උශ්නත්වයට එන්නෙ නැහැ. බෝතලේ ඩිෆෝම් වෙනවා හීට් එක නිසා එත් තෙල් වල දියවෙන්නෙ නැහැ කොයි තරම් තුනී බෝතලයක් උනත්.

    අලියා ගිලපු දිවුල් ගෙඩිය මඩේ දැම්මට හොද එකක් වෙන්නෙ නැහැ.

    කරවල වලට ෆෝමලින් දැම්මොතින් ඒකෙ ආවේනික ගන්ධය එන්න ඕන මට නම් එහෙම දැනිලා නැහැ, දානවා නම් මඩු කරවල හරි මෝර කරවල වලට දාන්න පුලුවන් මොකද ඒ මාලුන්ගෙ මස් වල ඇමෝනියා තියන නිසා කොහොමත් ඒ ගද තියනවා එතකොට ෆෝමලින් දැම්මොතින් ගදෙන් හොයන්න බැහැ, වෙන කරවල වර්ග වලට දැම්මොත් අනිවාර්යෙන් ගද සහ රසේ වෙනසෙන් අහු වෙනවා ඒත් බැටරි ඇසිඩ් නම් දාන්නෙ නැහැ,මොකද බැටරි ඇසිඩ් වලට මස් දියවෙනවා අනිවාර්යෙන් මස් සහ කටු කලු පාට වෙනවා රස අනිවාර්යෙන වෙනස් වෙනවා.

    කොස් හාපික් වතුරෙ ඔබලා ගත්තොතින් ඉක්මනට නරක් වෙන්න ඕන, මොකද හාපික් වල ප්‍රධාන සංඝටකය ඇසිඩ් එකක්, ඒකට කොස් වල සෙල් මෙම්බ්‍රේන් ඩැමේජ් වෙලා අනිවාර්යෙන් ඉක්මනට නරක් වෙන්න ඕන හාපික් වතුරෙ ඔබලා ගත්තොතින්

    ගස්ලබු වලට කාබයිඩ් ඇගිල්ලෙ තවරගෙන ඉරි පහ ඇන්දට කහපාට වෙන්නෙ නැහැ, පලතුරු ඉදෙන්නෙ කාබයිඩ් වලට වතුර දැම්මම එන ඇසිටලීන් වායුව නිසා එහෙම නැතුව කාබයිඩ් ගෑවුනා කියලා නෙමයි, අර විදියට ඉරි පහ ඇන්දා කියලා මම හිතන්නෙ නැහැ ඒ විදියට ඉරි ටික විතරක් ඉදෙන්න ඇසිටලීන් හැදෙනවා කියලා, මේක ඕන නම් අපිට ලේසියෙන්ම ටෙස්ට් කරන්න පුලුවන් ගෙදරදිම
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,775
    113
    34
    Kalutara

    ඔන්න ඕකයි බන් ඉන්ටනෙට් එකේ තියෙන හැමදේම විශ්වාස කරන්න එපා කියන්නේ. අපේ හැම එකාම ඉතින් ඔව්ව හරියට නොදැන දකින දකින දේ ඇත්ත කියල හිතාගෙන හතර අතේ ෂෙයාර් කරනවා. :lol:
     
    • Like
    Reactions: NEMISIS