පට්ට නාට්‍යක් කාලෙකට පස්සේ "කූඹියෝ-Koombiyo"

DayalRangana

Member
Oct 16, 2015
28
3
3
ඔච්චරම හොඳයි හොඳයි කියන එකේ, බැලුව මොකද්ද කියල.

අම්මට සිරි පට්ට පහරක්නේ ... සුපිරි කතාව ඇඃ

තුමිදු දොඩන්තැන්න කොලුවා ඉන්නවා කියන්නේ ඉතින් ආයේ අහන්න දෙයක් නැ
 

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    Episode 05 (09-09-2017)



    .................. මේ බලපං අපේ ගොඩක් මිනිස්සු හරි අසරණයි බං, උන් අනාථවෙලා ඉන්නෙ. ඉතිං උන් ඔන එකෙක එල්ලෙනව. උන්ට ඔන එල්ලෙන්න මොකක් හරි, ටික වෙලාවකට හරි, උන්ගෙ හිත පොඩි ආතල් එකකට අරන් යන මොකක් හරි. ඒ කියන්නෙ බං ක්‍රිකට් මැච් එකක්, එහෙමත් නැත්නම් ඡන්දයක්, අඩුම තරමින් ගමේ කාගෙ හරි වලියක්. උන්ගෙ ප්‍රශ්ණ ටික වෙලාවකට අමතක කරන මොකක්හරි මගුලක්
    ==============================================
    ප්‍රසාද් ලක්මාල් ධර්මරත්නගේ කූඹියෝ ටෙලි නාට්‍යයෙන්.....
    ==============================================
    .......... දැන් අපි කරන්න හදන්නෙ බං මිනිස්සුනගෙ ධනාත්මක චින්තනය වර්ධනය කරන එක. ඕක මහ කඡ්ඡක් නෙවෙයි බං. මිනිස්සු කරන හැම දේකම තියෙනව ඕක ! කියවපං බලන්න දැන් ඕක !
    ‘‘ බොදු ගොවි වයස 45 ක් වුවත් වයස නොපෙනෙන උසස් බාලිකාව උගත්, නිවෙසක් හිමි , අවිවාහක රඡයේ ඉංග්‍රීසි ගුරු මෙනවියට දුසිරිතෙන් තොර සහකරුවෙකු දෙමව්පියෝ සොයති.
    ප.ලි.
    සුලු වරදකින් දරුවෙක් සිටි “
    ඉතිං බලපංඕකෙ තියෙන්නෙ තනිකරම ධනාත්මක චින්තනයනේ.
    දැන් බලපං ඒකිට දරූවෙක් ඉන්නවයි කියන්නෙ ඔය කියන තරමට සුලු වරදක් වෙන්න බෑනේ. ඒත් බලහන් ඒකිට තියෙන ධනාත්ම චින්තනය, වයස අවුරුදු 45 ක් වෙලත් තමන්ගෙ ඡිවිතේ වැරදිච්ච තැන් නිවැරදි කරගෙන ආයිත් පවුල් ඡිවිතයක් ගතකරන්න තියෙන බලාපොරොත්තුව. ප්‍රියන්ත ! වටින්නෙ ඡිවිතේ නෙවෙයි. වටින්නෙ බලාපොරොත්තුව බං !

    ================================================
     
    Last edited:
    • Like
    Reactions: richlife

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    tumidu_large.jpg


    'කුඹියෝ' ටෙලිනාට්‍යයේ ඉන්නේ ගේම් කාරයෙක්'

    කොළඔ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ කථිකාචාර්වරයෙකු ලෙස කටයුතු කරන ඔහු වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍යය යන මාධ්‍ය තුනටම සිය රංගන දායකත්වය ලබා දෙයි. ඔහු තුමිදු දොඩම්තැන්නය. මේ කතාබහ ඔහු සමගිනි.

    මේ දිනවල සිදුවන වැඩකටයුතු ගැන මුලින්ම අපි කතා කරමු ?

    බෙනට් රත්නායකගේ නෙලාරොහාන් පෙරේරාගේ 'ආදරය තාමත් නිකසල', සුමිත්‍රා පීරිස්ගේ 'වෛශ්ණාවී', සෝමරත්න දිසානායකගේ චිත්‍රපටවලට දායක වෙන්න හැකියාව ලැබුණා. සුනෙත් මාලිංග ලොකු හේවාගෙ නිදහසේ පියා ඩී.එස්.සිනමාපටයෙහි රූගත කිරීම් සඳහා මේ දිනවල සූදානම් ‍ෙවනවා. මා එහි ඩී.එස්. ගේ තරුණ කාලය නිරූපණය කරනවා. ඒ වගේම නාමල් ජයසිංහගේ සහෝදරයාගේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ඉවර කළා. මම රංගනයෙන් දායක වූ 'කූඹියෝ' ටෙලිනාට්‍යයත් ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වෙනවා. ඒ වගේම පසුගිය දිනවල රාජිත දිසානායකගේ නාට්‍ය උලෙළක් ලයනල් වෙන්ටඩ් රංග ශාලාවේ පැවැත්වුවා. එහිදී මම 'මට වෙඩි තියන්නැද්ද', 'ආදර වස්තුව' නාට්‍යවලට රංගනයෙන් දායක වුණා.


    20994323_472757039748631_93150953548060203_n.jpg


    වේදිකාවට වැඩි වශයෙන් දායක වූ ඔබ පුංචි තිරයේ රංගනයන් ඉදිරිපත් කිරීමේදී ලබන අත්දැකීම කෙබඳුද?

    මම ටෙලිනාට්‍යයවලට සම්බන්ධ වෙන්නේ ඒ පිටපතේ චරිතයට මට නිරූපණයෙන් දායක වෙන්න ඉඩක් ලැබෙනවා නම් පමණයි. නාමල්ගේ සහෝදරයා සහ ලක්මාල්ගේ 'කූඹියෝ' කියන ටෙලිනාට්‍ය ඉතාම හොඳ පිටපත් කියලා මට තේරුණා. ඒ තුළ මට රංගනයේ යෙදෙන්න හොඳ ඉඩක් තිබුණා. ඒ නිසා තමයි මම සම්බන්ධ වුණේ. වේදිකාව එක්ක බලද්දී ටෙලිනාට්‍ය කියන්නේ වෙනස්ම අත්දැකීමක්. රූපවාහිනිය තුළත් හොඳ නිර්මාණ කරන්න ඕන තරම් ඉඩකඩ තියනවා.

    ඒ චරිත දෙක ගැන කතා කළොත් එවැනි චරිත බාරගන්න ප්‍රධාන හේතුව වුණේ මොකක්ද?

    මුලින්ම සහෝදරයා ටෙලිනාට්‍යට සම්බන්ධ වෙන්නේ ඒ පිටපතේ තිබෙන සුවිශේෂිභාවය නිසාමයි. එය වෙනස්ම චරිතයක්. නාමල්ගේ පිටපතක් සම්බන්ධයෙන් මට නැවත කියවා බලන්න අවශ්‍ය නැහැ. මේ පිටපත තුළ ලංකාවේ දේශපාලන ව්‍යාපාරය පිළිබඳව ලංකාවේ වර්තමාන දේශපාලනය ගැන ගැඹුරු කියවීමක් තිබෙන පිටපතක්. ඒ වගේම 'කුඹියෝ' ටෙලිනාට්‍යයේ ඉන්නේ ගේම් කාරයෙක්. ඉතාම තියුණු බුද්ධියක් සහිත දක්ෂ මිනිහෙක්. ඒ මිනිහා මේ සිස්ටම් එක ඇතුළේ ගහන හැම ගේම් එකක්ම ගහන්නේ තව කෙනෙකුට හානියක් කිරීමේ අපේක්ෂාවෙන් නෙමෙයි. එය ඔහුගේ ජීවන වෘත්තිය. ඔහු ශාරීරික හානි කරන්නේ නැහැ. ඔහු දක්ෂ සූක්ෂම මනසක් තිබෙන මිනිසෙක්. මේ දකින සමාජයේ තිබෙන බොරුවට විරුද්ධව මේ සිස්ටම් එකට විරුද්ධව ගහන ගේම් එකක් තමයි මෙහි තියෙන්නේ. ඒ නිසා ඒ චරිතය නිරූපණය සඳහා ඉඩක් තිබෙන බව පෙනුනා. ඒ ටෙලිනාට්‍යට සහභාගි කරගත් අනෙකුත් රංගන ශිල්පීන් දෙස බැලීමේදීත් සාර්ථකව රංගනයේ යෙදෙන්න ඉඩකඩක් පැවතුණා.

    තිර පිටපතට වැඩි අවධානයක් යොමු කර චරිත තෝරා ගැනීමේදී මෙගා කියන නාට්‍ය කොතරම් අදාළ ද?

    මෙගා ටෙලිනාට්‍යය කියන එක මම විශ්වාස කරන්නේ ටෙලිනාට්‍ය වලට වගේම රසවින්දනයටත් විශාල හානියක් කියලා. මම මෙගා ටෙලිනාට්‍යවල රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ නැහැ. ඒ නිසා මෙගා ටෙලිනාට්‍ය පිළිබඳ උනන්දු වීමේ අවශ්‍යතාවකුත් නැහැ. මම ටෙලි සීරිස් කියන දේ විශ්වාස කරනවා. ඒ තුළ වැඩකළ හැකියි. දීර්ඝ කතාවක් සහිත ටෙලිනාට්‍ය හදනවා කියන එක නෙමෙයි එහි අදහස. හොඳ පිටපතක් සහිත කතාවක් තුළ ටෙලි සීරිස් හදන්න පුළුවන්. උදාහරණයක් ලෙස කූඹියෝ ටෙලිනාට්‍යයේ සීසන් 02 ගැන එහි අධ්‍යක්ෂ ලක්මාල් කල්පනා කරමින් ඉන්නවා. එහෙම කරන්න පුළුවන් වුණොත් එය වෙනසක් බවට පත්වෙයි. එය මෙගා නෙමෙයි. මෙගා කියන්නේ ලෝබජට් එකක් ඇතුළේ දීර්ඝ කතාන්දරයක් ගෙන ඒම. ආරම්භයේදී කතාවක් තිබුණත් පස්සේ එහි කතාවකුත් නැතිවෙනවා. එවැනි ක්‍රියාවලියක්. ලංකාවේ පවතින මෙගා ක්‍රියාවලිය සාර්ථක එකක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ.


    21077790_474582266232775_5400408125385384416_n.jpg


    මේ මොහොත වනවිට ලංකාවේ ප්‍රධාන විද්‍යුත් කාල පරාසයේදී විකාශය වෙන්නේ විදේශීය ටෙලිනාට්‍ය. ඔබ රංගන ශිල්පියෙක් ලෙස මෙය දකින්නේ කෙලෙසකද?

    මෙයට හේතුව ලෙස මම දකින්නේ අපේ ප්‍රේක්ෂක රසවින්දනය තිබෙන්නේ විදේශීය ටෙලිනාට්‍ය තලයේ වීමයි. ඒ නිසා තමයි විදේශීය ටෙලිනාට්‍යය ජනප්‍රිය වෙන්නේ. ඔවුන්ගේ කතා විලාසය, දර්ශන වල අලංකාරයට මෙරට ප්‍රේක්ෂකයන් දැඩි අැල්මක් දක්වනවා. ඒ තලයේ ටෙලිනාට්‍ය අපට කළ හැකි නම් අපේ ප්‍රේක්ෂකයන් අපේ ටෙලිනාට්‍යය නරඹයි. නමුත් අපට ඉතා අඩු මුදලකට තමයි ටෙලිනාට්‍ය නිර්මාණය කරන්න සිද්ද වෙන්නේ. ඒකට හේතුව විද්‍යුත් නාළිකා වලින් අපේ ටෙලිනාට්‍ය මිලදී ගන්නේ ඉතාම අඩු මුදලකට. එහෙම වුණාම අපිට ටෙලිනාට්‍යක් වෙනුවෙන් විශාල මුදලක් වැය කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මුදල අඩුවෙනවා කියන්නේ එහි ගුණාත්මකත්වය අඩුවෙනවා කියන එකයි. ඒ නිසා පහසුම මග තමයි විදේශීය ටෙලිනාට්‍ය ගෙනත් විකාශනය කිරීම. ඒක මේ කර්මාන්තය තුළ තිබෙන ප්‍රශ්නයක්. රූපවාහිනී නාළිකාවලටත් ලංකාවේ ටෙලිනාට්‍ය කලාව දියුණු කිරීම සඳහා මීට වඩා වගකීමක් තිබෙනවා. ඒ වගකීම පැත්තෙන් කල්පනා කරලා තීරණ ගන්නවා නම් ලංකාවේ ටෙලිනාට්‍ය කලාව මීට වඩා හොඳින් දියුණු කිරීමේ හැකියාව තිබෙනවා. මෙතන තිබෙන්නේ තරගයක්. ඒ තරගය තුළ අනෙක් නාළිකාව අතරින් තමන්ගේ නාළිකාවේ ටෙලිනාට්‍ය ජනප්‍රිය කරවීමට උත්සාහ කරන්නේ. තමන්ගේ මල්ල විතරක් පුරව ගන්න කල්පනා කරන තාක්කල් මේ ටෙලිනාට්‍ය කලාව දියුණු වෙන්නේ නැහැ.

    ඔබ මේ අධ්‍යාපනය තවත් පරපුරකට ලබා දෙනවා. පවතින ක්‍රමවේදය තුළ ඒ අයට දෙයක් කරන්න ඉඩක් ති‍ෙයනවද?

    රැල්ලට එන දේවල් ගොඩක් තියනවා. ජපන් ටෙලිනාට්‍ය රැල්ලක් ආවා. දකුණු ඉන්දියානු ටෙලිනාට්‍ය රැල්ලක් මේ රටේ ඇතිවුණා. පසුව උතුරු ඉන්දියානු ටෙලිනාට්‍ය රැල්ලක් දකින්න ලැබුණා. පසුව කොරියානු ටෙලිනාට්‍ය රැල්ලක් දකින්න ලැබුණා.මේ රැල්ලට එන දේවල් ඉක්මනට ප්‍රේක්ෂකයන්ට එපා වෙනවා. මම කියන්නේ මේ ක්ෂේත්‍රය තුළ ඉඩක් තියනවා. දක්ෂ සහ නිර්මාණශීලී නිර්මාණ කරුවන්ට ඉඩක් තිබෙනවා. ඒ අයගේ වාණිජමය අංශය තුළිනුත් වටිනාකමක් තමන්ගේ නිර්මාණය සිදුකිරීමට නාළිකාවලින් ලබා දෙන සහයෝගය ගැන ප්‍රශ්නයක් තිබෙනවා. ඒක මේ රටේම ප්‍රශ්නයක්. ඒක මේ රටේ ආර්ථිකය තුළ සහ අනෙකුත් දේවල්වලට ප්‍රශ්නයක්.

    නිඳුක් මධුෂීක.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    meka film ekak da draam ekak da ?
    film eka kotas kadalada pennanne tv eke ?

    meka drama eka. film ekath thiyenawa ;);)

    mata hithenne ban drama eke kotas kapala film eka hadala atthe act karapu unta ehema penwanna.
    ekak tamai leak wenna atthe..
    mokada film eke samahara kots meke digata tiyenawa.
    background pawa wenasak na pena taram.
    a nisa aye shoot kala wenna baa..
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    oka film ekak nemei bn. teledrama eka channel ekaka yanna kalin eke thanin thanin kotas aran dia trailer ekak hadala channel ekata denawa. eka balal aprove unama thamai eka pennne. ehema dunna video ekak leak wela thamai me thiyenne. hondata balapan eke preview only kiyala ghala thiyenawa. aniwa me drama eka balapan bn. oya preview video eke hondama keli tika naha