~පට්ට_සංවේදී_Seen_එකක්~

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
~පට්ට_සංවේදී_Seen_එකක්~

One Day Can Change Everything - Truly Amazing Boss Helps His Homeless Employee

modells-logo.png

අද විශ්ම ලෝකයෙන් ඔබට කියන්න යන්නේ ගොඩක් සංවේදී කතාවක් ගැන. මේ සිදුවීම උනේ ඇමරිකාවේ Modells කියන ක්‍රීඩා භාණ්ඩ අලෙවි කරන විශාල සමාගමක එක් ප්‍රදර්ශනාගාරයක. Modells කියන්නේ ඇමරිකාවේ තියෙන පැරණිම ක්‍රීඩා භාණ්ඩ අලෙවි කරන (Family Owned )පවුලේ ව්‍යාපාරයක්. අද වන විට සමාගම පටන් අරන් අවුරුදු 100 කට වැඩියි. ප්‍රදර්ශනාගාර 150 කට වඩා රට පුරා තියෙනවා.





අළුතින් සේවකයෙක් ආවම මුලින්ම ඉතින් වැඩ කියල දෙන්න එපයි. Mitchට වැඩ කියලා දෙන්න උනේ Angel කියන තරුණ කාන්තාවකට. Angel විසින් Mitchට සියලු වැඩ ටික හරිම දක්ෂ විදියට නිවරැදී විදියට කියල දුන්නා. තමා වැඩකරන සමාගමට ආදරේ කරන හැටි , පාරිභෝගිකයාගේ හිත දිනා ගෙන වැඩ කරන හැටි Angel මේ අලුත් සේවකයාට හොදින්ම කියලා දුන්නා. Mitch ට හිතා ගන්නවත් බෑ. ඔය අතරේ තමයි මේ දෙන්නා තම තමුන්ගේ පවුලේ විස්තර ගැන කතා කරන්නේ. එහිදී Mitch පැවසුවේ තමා කලින් කල ව්‍යාපාරය බංකොලොත් වීම නිසා තමා අධික ලෙස ණය වී සිටින බවත් ජීවිතය ගැන විශාල දුකක් දැනෙන බවත්ය

Angel ඔහු පිළිබද ගොඩක් කණගාටු උනා. නමුත් Angel විසින් Mitch ගේ හිත සැනසීම සදහා ඇයගේ පෞද්ගලික ජිවිත කතාව ඔහුට කිව්වා. එක ගොඩක් දුක කතාවක්. ඇය ගොඩක් දුප්පත්. අදටත් Angel ජිවත් වෙන්නේ ඇමරිකාවේ නිවෙසක් නැති අයට ඉන්න හදලා තියෙන තැනක. අපේ රටේ නම් ඔය හිගන්නෝ එහෙම ඉන්නේ අම්බලම් වගේ තැනක. ඇයට දරුවන් දෙන්නෙක් ඉන්නවා. තව දරුවෙක් ලැඛෙන්නත් ඉන්නවා. එත් ඇය කියන්නේ ඉස්සර මන් ගෙවපු ජිවිතයට වඩා දැන් මන් ගෙවන ජීවිතය හොදයි කියලා. ඉස්සර මන් නිදා ගත්තේ මහපාරේ , බස් හෝල්ට් වල. ඇය ගොඩක්ම මතු කරන්න හදපු කාරණය තමයි දැන් අතීතයෙන් පලක් නෑ .මොන දේ උනත් අද ඔබ මෙතන ඉන්නවා. දැන් ඔබට රස්සාවක් තියෙනවා. එම නිසා දුක් නොවන්න. වර්තමානය ගැන සතුට වන්න වගේ දේවල්.

ඇයගේ කතාවෙන් Mitchට නොහොත් මේ වෙස් වලා ගෙන සිටින දැවැන්ත සමාගමක ධනවත් අයිතිකරුගේ හදවත දුකින් පිරි ගියා. හදවතට විදුලියක් ගැහුවා වගෙයි ඔහුට දැනුනේ. මෙි තරම් හොද සේවකයෙක් ඔහුට කවදාවත් මුණ ගැහිලා නෑ. ඒ වගේම මේ තරම් දුක හිතෙන ජිවිත කතාවකුත් ඔහු අසා තිබුනේ නෑ. එදා ගෙදර ගිය Mitchට මුළු රාත්‍රියම ගත කරේ නිදි වර්ජිතව. කොහොමද මම මැයට උදව් කරන්නේ. ඔහු කල්පනා කරා. Angel ට උදව් කරන්න Mitchට සතියක් ඉන්න වෙනවා.

එකට හේතුව තමයි Mitch ගේ වෙස් වලාගැනීම ඔහුගේ සංකල්පයක් නොවන නිසා. මේ වැඩේ කරේ UndercoverBoss නැමති ඇමරිකානු වැඩසටහන කරන CBS රුපවාහිනි නාලිකාව මගිනුයි. ඔවුන් සියල්ල හොරෙන් රූපගත කර තිබුනා. ඊලග සතියේ මුළු ඇමරිකාවටම පෙන්න මේ සංවේදී රුප රාමු පෙළ CBS නාලිකාව මගින් පෙන්නුවා. එදිනම Angel හා Mitch ද රුපවාහිනි මැදිරියට කැදවා තිබුනා. Mitch කව්ද කියා Angel ට හෙළි කරේ මේ වැඩ සටහන අතර තුරදියි.

angel පුදුමයෙන් පුදුමයට පත් වුනා. සමාගම වෙනුවෙන් Angel කරන කැප කිරීම හා ඇයගේ දක්ෂතාවය වෙනුවෙන් Mitch ඇයව එම ප්‍රදර්ශනාගාරයේ Assistant Manager තනතුරට උසස් කළා. ඊට අමතරව නිවෙසක් මිලදී ගැනීම සදහා ඇයට ඇමරිකානු ඩොලර් 250000 ක් ලබා දුන්නා. සතුට දරා ගත නොහැකිව Angel බිම ඇද වැටුනා. Mitchද අඩන්නට උනා. දැන් මටත් මගේම කියලා නිවසක යතුරක් තියෙනවා. ඇය කදුළු වගුරවමින් මාධ්‍යට ප්‍රකාශ කළා.

LINK

thank-you-4-yur-visit.gif


giphy.gif
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,668
    113
    හිත හොඳ කෙනෙක්ට හරි ගිය ඉතා දුර්ලබ අවස්ථාවක්
     
    • Like
    Reactions: freak88

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මම මේ සීරිස් ඔක්කොම බැලුව බං. පිස්සු හැදෙනව අන්තිමට. එකම එක කෙල්ලෙකුයි කොල්ලලෙකුයි විතරයි ජොබ් එක නැති කර ගත්තෙ.