පටිච්චසමුප්පාදය...

sudunone

Member
May 23, 2009
3,781
121
0
තණ්හාව ඇති වන්නේ වේදනාව නිසයි.

වේදනාව කිව්වම අපි සාමාන්‍ය ව්‍යවහාරයෙදි කියන කායික හෝ මානසික වේදනාව පමණක් නොවෙයි මෙතනදි කියන්නෙ. ඊට වඩා දුරට ගිය තේරුමක්.
ඇස, කණ, නාසය, දිව, ශරීරය සහ මනස යන මේ සියලු ආයතනයන් මුල් කරගෙනයි වේදනාව ඇති වන්නේ. යමක් විඳින්නේය යන අර්ථයෙනුයි වේදනාව කියා කියන්නෙ. එය දුක් වේදනාවක්, සැප වේදනාවක් හෝ මධ්‍යස්ත/ උපේක්ෂා සහගත වේදනාවක් විය හැකියි. වේදනාව වහ වහා ඇති වෙමින් නැති වන ස්වභාවයෙන් යුක්තයි.

උදාහරනයක් විදිහට ගත්තොත්, හිතන්න පත්තර පිටුවක් දිහා බලනව කියල. දේශපාලන පිටුවෙ අනර්කලීගෙ රූපෙ ඇහැට පෙනෙනකොට සැප වේදනාව; ඒ එක්කම තියෙන මුතුහෙට්ටිගමගෙ රූපෙ ඇහැට පෙනෙනකොට දුක් වේදනාව; ඒත් එක්කම දේශපාලන පිටුව කියන අකුරු පෙල දකිනකොට උපේක්ෂා සහගත වේදනාව. :rofl:

වේදනාව ඇති වෙනවත් එක්කම ඇති වන සඥ්ඥාව(හඳුනා ගැනීම) සහ ඒ ඔස්සේ ඇති වන සිතිවිලි පරම්පරාවත් එක්ක තමයි තණ්හාවක් ඇති වෙන්නෙ.


වේදනාව ඇති වන්නේ ස්පර්ශය නිසයි.
 

cdsome

Member
Jan 19, 2009
2,196
9
0
Male' Maldives
මෙ පට්ච්ච සමුප්පාදය කතා බහ හරිම අර්තවත්, මා පොතක කියවා තියනවා දර්ම චක්‍රයෙන් පෙන්වා දෙන්නේ මෙම කාරනය බව එසෙම සමහර කරුනු දුක්ඛ සත්යයේ සමහර කරුනු එක්ක බෑදිමක් තියනවා කියල මට හිතෙනවා.

ඔබ සියලු දෙනාටම තෙරුවන් සරනයී!
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
මෙ පට්ච්ච සමුප්පාදය කතා බහ හරිම අර්තවත්, මා පොතක කියවා තියනවා දර්ම චක්‍රයෙන් පෙන්වා දෙන්නේ මෙම කාරනය බව එසෙම සමහර කරුනු දුක්ඛ සත්යයේ සමහර කරුනු එක්ක බෑදිමක් තියනවා කියල මට හිතෙනවා.

ඔබ සියලු දෙනාටම තෙරුවන් සරනයී!

ඒක ඇත්ත. චතුරාර්ය සත්‍යය කියල අපි කතා කරන්නෙ දුක කියන්නෙ මොකක්ද, දුක ඇති වීමට හේතුව මොකක්ද, දුක නැති වීම කියන්නෙ මොකක්ද, ඒ දුක නැති කර ගන්නෙ කොහොමද කියන කාරණා. පටිච්චසමුප්පාදයෙන් පැහැදිලි කරන්නෙ දුක ඇති වීමට හේතු වෙන ක්‍රියාදාමය.

ඉතින් මුලටම අපි කතා කළේ දුක්ඛ සත්‍යය ගැන තමයි- ජාති, ජරා, මරණ, ව්‍යාධි ආදී වශයෙන්.
චතුරාර්ය සත්‍යය ගැන කියනකොට අපි දුකට හේතුව වශයෙන් කියන්නෙ තණ්හාව. පටිච්චසමුප්පාදයෙදි අපි පැහැදිලි කර ගන්නව කොහොමද තණ්හාව නිසා දුක හට ගන්නෙ කියල. ආසා කරන දෙයක් ලබා ගන්න ගිහින් දුක් විඳිනව වගේ අපි නිතර දෙවේලෙ අත් විඳින ආශාවෙ සහ දුකේ සරල සම්බන්ධය ගැන නෙවෙයි අපි මෙතනදි කියන්නෙ- ඊට වඩා දුර දිග ගිහින්, සංසාරයේ සියලු දුක් ගැන හා ඊට ඉවහල් වෙන තණ්හාව ගැන.

ඊට පසු කතා කෙරෙන්නෙ තණ්හාව හට ගැනීමට මුල් වුණු කාරණා ගැන. මොකද, තණ්හාව නැති කර ගැනීමටනම් එය හට ගැනීමට හේතු වූ කාරණා දැන සිටිය යුතුයි. මෙහි පළවන පුරුක වන අවිද්‍යාව නැති කිරීම තමයි නිවන් අවබෝධ කරන මාර්ගය අපට හෙළි පෙහෙළි කරන්නෙ.

අපි කියනකොට කියන්නෙත් බුදු රජාණන් වහන්සෙ චතුරාර්ය සත්‍යය අවබෝධ කළා කියල. එදා බෝධි මූලයේ සිට උන් වහන්සෙ අවබෝධ කර ගත්තෙ මේ පටිච්චසමුප්පාද ධර්මයයි.


තෙරුවන් සරණයි.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
වේදනාව ගැන කතා කරනකොට ඒ ඒ ආයතනයට අදාලව, ඇසෙන් රූප දැකීම නිසා ඇති වෙන වේදනාව, කණෙන් ශබ්ද ඇසීම නිසා ඇති වෙන වේදනාව.. ඔය ආදී වශයෙන් සය ආකාරයකට ඇති වෙන වේදනාව ගැන අපි කතා කළා. මෙතැනදි අපට හිතෙන්නෙ සැප වේදනාවන් නිසා පමණක් තණ්හාව ඇති වේවි කියලයි. නමුත් සල්ල සූත්‍රයෙදි බුදු රජාණන්වහන්සේ මේ කාරණය මෙහෙම පැහැදිලි කර දී තිබෙනවා.

ජීවිතය යනු කුමක්දැයි අවබෝධ නොකළ පුද්ගලයා දුක් වේදනාවක් හට ගත් විට ශෝක කරයි; වැළපෙයි. මෙලෙස ඔහු වේදනා දෙකක් විඳී. එනම් කායික වේදනාවත් ඒ නිසා ඇති කර ගන්නා මානසික වේදනාවත්ය.
ඔහුට තමා දුක් විඳිනවිට බලවත් තරහක් ඇති වේ. එවිට චිත්තාභ්‍යන්තරයේ මුල් බැසගෙන තිබෙන ද්වේෂය මතු වෙන්නට පටන් ගනී. ඔහු දුක් විඳිමින්ම (දුකින් මිදීම පිණිස, දුක අමතක කිරීම පිණිස) කාම සැපය පිළි ගනී. එවිට කාම සැපය පිළි ගන්නා ඔහුට තම චිත්තාභ්‍යන්තරයේ මුල් බැසගෙන තිබෙන ආශාව මතු වෙන්නට පටන් ගනී. එසේ සිදු වන්නේ ඇයි?

ඔහු දුකින් මිදීමට උපක්‍රම සොයනවිට කාමය වැළඳ ගැනීම හැර වෙන කිසි දෙයක් නොදනී. ඔහු එම වේදනාවන්ගේ හට ගැනීම හෝ, අභාවය හෝ,, ආශ්වාදය හෝ, පීඩාකාරී බව හෝ, ඒ කෙරෙහි ඇති ඇල්මෙන් මිදීම හෝ හරියාකාර ලෙස අවබෝධ කර නැත. එනිසාම ඔහු සැපක් විඳිනවිට රාගය මතු වේ. දුකක් විඳිනවිට ද්වේෂය මතු වේ. මධ්‍යස්ථ වේදනාවක් විඳිනවිට මුළාව මතු වේ. එහෙයින් ඔහු මමය, මාගේය, මගේ ආත්මයය යනුවෙන් එම වේදනාවන් සමග සිතින් එක් වීමෙනි දුක සැප විඳින්නේ.

(ඉහත කොටස මා උපුටා ගත්තේ පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ කියන පොතේ වේදනානුපස්සනාව පිළිබඳ කොටසෙන්.)

අපි අපේ ජීවිත දිහා බැලුවොත් මේ කාරණය ඇත්ත නේද? ප්‍රිය වූ රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, පහස හා අරමුණු මෙන්ම අප්‍රිය වූ රූප, ශබ්ද, ගඳසුවඳ, රස, පහස හා අරමුණු විඳිද්දීත්, අපි ඉන්නේ ආශාවන්ට වහල් වෙලා. දුක් වේදනාවක් අපි නැති කර ගන්න හදන්නෙ සැප වේදනාවකට ඇලිලා. දුක් වේදනාවන්ට අපි අප්‍රිය කරන්නේ පවා, අපි සැප වේදනාවන් යහපත්යැයි පිළි ගන්නා නිසා.
අනෙක් අතට කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න වෙලාවටත් අපි කල්පනා කරන්නෙ ප්‍රිය වූ දෙයක් ලබා ගන්න හැටි ගැන. මනසට කිසි දුකක් හෝ සැපක් නැති වෙලාවට අපට ඕනෙ වෙනවා අපි ප්‍රිය කරන පුද්ගලයෙක් හම්බෙන්න යන්න/ චිත්‍රපටියක් බලන්න වගේ ආශාවන්.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
පටිච්චසමුප්පාදයේ ඊළඟ පුරුක, එනම් වේදනාව ඇති වීමට හේතුව ස්පර්ශයයි.

ස්පර්ශය කියන්නෙ මොකක්ද?
එදිනෙදා ජීවිතයේදී අපි ස්පර්ශය කියන්නෙ අතින් අල්ලනවා කියන තේරුමෙන්; එහෙම නැත්නම් ගෑවෙනවා කියන තේරුමෙන්. නමුත් ධර්මයෙදි මේ වචනයට පුළුල් තේරුමක් තියෙනවා.

එනම් ඇස, කණ, දිව, නාසය, ශරීරය සහ මනස යන ආයතන සය, ඒවාට අරමුණු වන බාහිර ආයතන සමග (රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සහ සිතිවිලි) සමග සම්බන්ධ වූ විට, එම ආධයාත්මික ආයතනයේත්, බාහිර ආයතනයේත්, ඊට අදාල විඤ්ඤාණයේත් යන තුනෙහි එකතුවට තමයි ස්පර්ශය කියන්නෙ.

ඇස+රූප+ ඇසේ විඤ්ඤාණය= ඇසේ ස්පර්ශය
කණ+ ශබ්ද+ කණේ විඤ්ඤාණය=කණේ ස්පර්ශය
ඔන්න ඔය වගේ.
 

SSKL

Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    වේදනාව

    විදිම යන වචනයට පාළි භාෂාවෙන් යොදන්නේ වේදනා යන පදයයි. එහෙත් සිංහලෙන් අප වේදනා යන වචනය භාවිතා කරන්නේ බොහෝ විට එකම අර්ථයක් පිණිස ය. එනම් කායිකව හෝ මානසිකව ඇතිවන දුකක්, පීඩාවක්, ශෝකයක්, කණගාටුවක් ගැන පැවසීමට ය. සැබැවින් වේදනා යන පාළි වචනයේ අදහස් කරන්නේ ඊටත් වඩා ගැඹුරැ දෙයකි.

    බුදුරජාණන් වහන්සේ යකඩ හුලකට සමකොට විදීම ගැන මෙසේ වදාළ සේක

    පින්වත් මහණෙනි, ජිවිතාවබෝධය පිණිස සද්ධර්ම ශ්‍රවණය ‍සලසා නොගත් (අශ්‍රැතවත්) පුහුදුන් සත්වයා ‍කටුක ස්පර්ශයකින් යුතු දුක් වේදනාවක් ලද කල්හී ශෝක කරයි. ක්ලාන්ත වෙයි. හඩා වැටෙයි. පුපුවේ අත් ගසමින් හඩයි. සිහි මුළාවට පැමිණෙයි. එවිට ඔහු කායික වූත් මානසික වූත් වේදනා දෙකක් ම විදින්නේ වෙයි.

    පින්වත් මහණෙනි, එක්තරා පුරැෂයෙකු යකඩ හුළකින් ඇණුම් කෑවේ යයි සිතමු. ඒ පුරැෂයා ඇණුම් කෑ තැනට ම තවත් යකඩ හුළකින් ඇන්නොත්, එවිට ඒ පුරැෂයා යකඩ හුල් දෙකකින් ම දුක් වේදනා විදින්නේ වෙයි.

    පින්වත් මහණෙනි, අන්න ඒ ආකාරයේන් ම ජිවිතාවබෝධය පිණිස සද්ධර්මය ශ්‍රවණය සලසා නොගත් පුහුදුන් සත්වයා කටුක ස්පර්ශයකින් යුතු දුක් වේදනාවක් ලද කල්හී ශෝක කරයි. ක්ලාන්ත වෙයි. හඩා වැටෙයි, පපුවේ අත් ගසමින් හඩයි. සිහි මුලාවට පැමිණෙයි. එවිට ඔහු කායික වූත් මානසික වූත් වෙදනා දෙකක් ම විදින්නේ වෙයි.

    කටුක පහසින් දුක් වේදනාවක් විදින ඔහු ඒ නිසාම ද්වේෂ සහගත වෙයි. දුක් විදීම නිසා ද්වේෂ සහගත වූ ඔහුට ච්ත්තාභ්‍යන්තරයේ සැගවී තිබෙන ‍ද්වේෂය (පටිඝානුසය) දුක් වීදීම හේතු කොට ගෙන උඩට මතු‍ වෙයි. හේ දුක් වෙදනාව බැහැර කිරීමේ අදහසින් කම්සැප සතුටින් පිළිගනි. පින්වත් මහණෙනි, එයට හේතුව කුමක් ද ජිවිතාවබෝධය පිණිස සැපයේන තොර දුක් වේදනාවෙන් නිදහස් වීමක් නොදනී.

    කාම සැපය සතුටින් පිළීගන්නා ඔහුට චිත්තාභ්‍යන්තරයෙහි සැගවී තිබෙන රාගය කාම අරමුණු පිළිගැනීම හේතු කොට ගෙන උඩට මතු වෙයි. ඒ සැප විදීම මුල් කොට කෙලෙස් හටගන්නා ආකාරය ඔහුට දැනගත නොහැකි ය විදිම හේතුවෙන් හටගන්නා වූ කෙලෙස් නැතිවන්නේ කෙසේ දැ යි හේ නොදනී. ‍විදීමවලින් නිදහස් වීමේ සැබෑ තත්වය ද‍ හේ නොදනී

    මෙසේ වේදනා හේතු කොට ගෙන සංසාරයේ සකස් වන ආකාරය හෝ (වේදනං සමුදයං), වේදනාවන් නොපිළිගැනීමෙන් ඒ සංසංරයේන් නිදහස් වන ආකාරය හෝ (වේදනානං අථංගමං), වෙදනාවල ඇති ආශ්වාදයේ සැබෑ තත්වය ද (අස්සාදං), වේදනාවල ඇති දුක් පීඩාවන් ගේ සැබෑ තත්වය ද ( අස්සාදං), වේදනාවල ඇති දුක් පීඩාවන් ගේ සැබෑ තත්වද (ආදීනවං), වෙදනාවලින් නිදහස් වීමේ සැබෑ තත්වයද (නිස්සරණං), නොදන්නා වූ ජාවිතාවබෝධය පිණිස සද්ධර්ම ශ්‍රවණය සලසා නොගත් ඒ පුහුදුන් තැනැත්තා හට දුක් සැප රහිත විදීමක් ලැබෙන විට චිත්තාභ්‍යන්තරයේ සැගවී තිබෙන මුළාව(අවිජ්ජානුසය) උඩට මතු වෙයි.

    හෙතෙම සැප වේදනාවක් විදියි නම් එය විදින්නේ කෙලෙසුන් සමග එක්වීමෙන් යුතුව ය. දුක් වේදනාවක් විදියි නම් එය විදින්නේ ද කෙලෙසුන් සමග එක්වීමෙන් යුතුවය. දුක් සැප රහිත වේදනාවක් විදිය නම් එය විදින්නේ ද කෙලෙසුන් සමග එක්වීමෙන් යුතුවමය.

    දිය බුබුලකි වේදනාව

    පින්වත් මහණෙනි, වැසි වසින විට ජලය මත දිය බුබුළු හටගන්නේ වේ ද. නැසී යන්නේ ද වේ.

    හොදින් ඇස් පෙනෙන පුරැෂයෙක් ඒ දිය බුබුළු දෙස බලාගෙන ඒවා ගැන නුවණින් විමසයි. ඒ ගැන හොදින් බලා සිටින, නුවණින් මනාකොට විමසන ඔහුට ඒ දිය බුබුළු පෙනෙන්නේ හිස් වූ දෙයක් ලෙස ය. තුච්ජ වූ දෙයක් ලෙස ය. හරයෙකින් තොර වූ දෙයක් ලෙසය. පින්වත් මහණෙනි, දිය බුබුලක කුමන හරයක් දකින්නට ද

    පින්වත් මහණෙනි, ඒ ආකාරයෙන් ම, අතීතයේ නිරැද්ධ වී ගිය විදීමක් ගැන හෝ, අනාගතයේ හට නොගන්නා වූ විදීමක් ගැන හෝ, වරතමානෙය් හටගෙන තිබෙන විදීමක් ගැන හෝ, තමා ගේ යයි සලකන විදීමක් ගැන හෝ, තමාගෙන් බාහිර යයි සලකන විදීමක් ගැන හෝ, ගොරෝසු වූ විදීමක් ගැන හෝ, සියුම් වූ විදීමක් ගැන හෝ, ලාමක වූ විදීමක් ගැන හෝ, ළග තිබෙන විදීමක් ගැන හෝ, යන මේ යම් ම විදීමක් ඇත් ද, එ විදීම දෙස ජිවිතාවබෝධය පිණිස ‍සද්ධර්ම ශ්‍රවණය සලසා ගත් ආර්්‍ය ශ්‍රවකයා මනා අවධානයෙන් යුතුව බලා සිටී. එහි සැබෑ තත්වය අවබෝධ කර ගැනීම පිණිස සිත පිහිටුවයි. විදීමේ සැබෑ තත්වය නුවුණින් විමසා බලයි.

    මෙසේ මනා අවධානයෙන් යුතු ව, විදී‍ම්වල යථාර්ථය අවබෝධ කරගැනීම පිණිස නුවණින් විමසා බලන ඔහුට ඒ විදීම වැටහෙන්නේ ඉතා හිස් වූ දෙයක් ලෙසය. තුච්ජ වු දෙයක් ලෙසය. හර සුන් දෙයක් ලෙසය.

    මේ සැප දුක් වීදීම් මෙන් ම දුක් සැප රහිත වීදීම ද හට ගන්නේ ඉබේ නොවේ. ස්පර්ශය හේතුකොට ගෙනය

     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    [QUOTE]පින්වත් මහණෙනි, ඒ ආකාරයෙන් ම, අතීතයේ නිරැද්ධ වී ගිය විදීමක් ගැන හෝ, අනාගතයේ හට නොගන්නා වූ විදීමක් ගැන හෝ, වරතමානෙය් හටගෙන තිබෙන විදීමක් ගැන හෝ, තමා ගේ යයි සලකන විදීමක් ගැන හෝ, තමාගෙන් බාහිර යයි සලකන විදීමක් ගැන හෝ, ගොරෝසු වූ විදීමක් ගැන හෝ, සියුම් වූ විදීමක් ගැන හෝ, ලාමක වූ විදීමක් ගැන හෝ, ළග තිබෙන විදීමක් ගැන හෝ, යන මේ යම් ම විදීමක් ඇත් ද, එ විදීම දෙස ජිවිතාවබෝධය පිණිස ‍සද්ධර්ම ශ්‍රවණය සලසා ගත් ආර්්‍ය ශ්‍රවකයා මනා අවධානයෙන් යුතුව බලා සිටී. එහි සැබෑ තත්වය අවබෝධ කර ගැනීම පිණිස සිත පිහිටුවයි. විදීමේ සැබෑ තත්වය නුවුණින් විමසා බලයි.[/QUOTE]

    මේ කොටස හුඟක් වැදගත්. වේදනාව ගැන පමනක් නොවෙයි, කය ගැන, ආයතන ගැන, ස්පර්ශය ගැන අවබෝධයක් ලබා ගැනීමටනම් කල්පනා කල යුත්තේ මේ විදිහට ගලපලයි: තමාගෙයයි සලකන, අනුන්ගේයයි සලකන, ගොරෝසු, සියුම්, දුර තිබෙන, ළඟ තිබෙන, ප්‍රණීත, ලාමක, අතීතයට අයත්, අනාගතයට අයත්, වර්තමානයට අයත් කියන හැම අංශයකටම අදාලව අනිතයතාවය නුවණින් විමසා බැලීමෙන්.
     

    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    ස්පර්ශය

    ස්පර්ශය යන වචනය බොහෝ දෙනෙක් පටලවා තෙරැම් ගෙන තිබෙන වචනයකි. නමුත් එහි තේරැම කරැණු තුනක එක්වීම ය (තිණ්නං සංගති ඵස්සෝ). කය ගැන තථා කිරිමේ දී කයට අරමුණු වන ඵෙට්ඨබ්බයටත්, සිංහලෙන් හදුන්වන්නේ ස්පර්ශය කියා ය. ඒ නිසා ය ස්පර්ශය යන වචනයේ තේරැම පැටලී තිබෙන්නේ. ඵෙට්ඨබ්බ යන වචනයට මෙහි දී අපි භාවිතා කරන්නේ පහස කියා ය.

    ස්පර්ශය යනු සය ආකාර වූ ස්පර්ශයක් තිබේ. එනම් ඇසේ ස්පර්ශය (චක්ඛු සම්ඵස්ස), කණේ ස්පර්ශය (සෝත සම්ඵස්ස), නාසයේ ස්පර්ශය (ඝාන සම්ඵස්ස), දිවේ ස්පර්ශය (ජිව්හා සම්ඵස්ස), කයේ ස්පර්ශය (කාය සම්ඵස්ස), මනසේ ස්පර්ශය (මනෝ සම්ඵස්ස) වශයෙනි.


    සැප වේදනා, දුක් වේදනා, දුක් සැප රහිත වේදනා හට ගන්නේ ස්පර්ශය මුල් වීමෙන්නය

    වියලි දර කැබලි දෙකක් එකිනෙකට ඇතිල්ලීමෙන් උණුසුමක් හටගනී. ගින්න උපදී. එහෙත් වියළි දර කැබලි දෙක වෙන් වූ විට, ඈත් වූ විට, ඒ වියළි දර කැබලි දෙක ඇතිල්ලීම හේතු කොට ගෙන හටගත්තා වූ යම් උණුසුමක් වේද එය නිවී යයි. සංසිදී යයි.

    ස්පර්ශය ම මුල් කොට, ස්පර්ශය ම මූලික ‍කාරණය කොට, ස්පර්ශය ම නිසා, ස්පර්ශයෙන් ම හටගත් මේ විදීම් තුනත් අන්න ඒ ආකාරයෙන් ම තේරැම් ගත යුතුය

    ඒ ඒ දෙයින් හට ගත් ස්පර්ශය හේතුකොට ගෙන ඒ ඒ වේදනාවන් උපදී. ඒ ඒ දෙයන් හටගත් ස්පර්ශය ම නැති ව යාමෙන් ඒ ඒ වේදනාව නැති වී යයි.

    ස්පර්ශය යනු සම්පූර්ණයෙන් ම ජිවීත පැවැත්ම සංසංරය වෙනුවෙන් සකස් වීමට හේතුවන දෙයකි. ස්පර්ශය ඇතිවන විට වේදනාව ඇති වෙයි. ස්පර්ශය නැති වන විට වේදනාව නැති වෙයි. ඒකාකාර ලෙස කිසිම විදීමක් නොපවතින්නේ මේ නිසා මය. එහෙත් විදීමක් ඇති වන්නේ කුමක් නිසා දැයි සාමාන්‍ය ජනතාව නො දනිති. ඒ නිසා ම ඔවුන් විදීම ගැනත් නො දනිති. විදීමට හේතු වු දේ ‍ගැනත් නොදනිති. නිරන්තරයෙන් ම වේදනාව වෙනස් වන්නේ ස්පර්ශයේ වෙනස් වීම නිසා බව අපි අවබෝධ කර ගත යුතුමය

    ඇසත් + රෑපත් අසේ විඤ්ඤාණයත් එක්වුන සැණින් ම සැප හෝ දුක් ‍හෝ දුක්සැප රහිත හෝ වෙදනාවන් උපදියි.

    කනත් + ශබ්දත් කණේ විඤ්ඤාණයත් එක්වුන සැණින් ම සැප හෝ දුක් ‍හෝ දුක්සැප රහිත හෝ වෙදනාවන් උපදියි.

    නාසයත් + ගදසුවදත් නාසයේ විඤ්ඤාණයත් එක්වුන සැණින් ම සැප හෝ දුක් ‍හෝ දුක්සැප රහිත හෝ වෙදනාවන් උපදියි.

    දිවත් + රසයත් දිවේ විඤ්ඤාණයත් එක්වුන සැණින් ම සැප හෝ දුක් ‍හෝ දුක්සැප රහිත හෝ වෙදනාවන් උපදියි.

    කයත් + පහසත් කාය විඤ්ඤාණයත් එක්වුන සැණින් ම සැප හෝ දුක් ‍හෝ දුක්සැප රහිත හෝ වෙදනාවන් උපදියි.

    මනසත් + මනසට දැනෙන අරමුණුත් මනෝ විඤ්ඤාණයත් එක්වුන සැණින් ම සැප හෝ දුක් ‍හෝ දුක්සැප රහිත හෝ වෙදනාවන් උපදියි.

    එහි රාගය තිබේ නම්, ආශ්වාදයෙන් විදීම තිබේ නම්, තණ්හාව තිබේ නම් විඤ්ඤාණය එහි පිහිටා, වැඩෙයි. වෙන කිසිවක් සිදු නො වේ..

    භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුළ පැවතියේ අතිශයින් ම විස්මිත අවබෝධයකි. ලෝකයේ කිසි ම මතයකට නො බැදී, නො රැවටී, නො වසග වී, යථාර්ථය අවබෝධ වන තෙක් ම තම බුද්ධිය ඉතා ක්‍රමානුකූල ලෙස මෙන් ම ඉතා ම විද්‍යානුකූල ලෙස හසුරැවා ගත හැකි වූයේ උන්වහන්සේ පමණි. යම් දෙයක් හට ගැනීමට හේතු වූ කරැණ සෙයා ඒ හේතුව මුලිනුපුටා දැමීමේ අතිශයින් ම නවීන වූ විද්‍යාත්මක පරීකෂණයක් තුලින් මය උන්වහන්සේ තම විස්මිත අ‍වබෝධය ලබා ගත්තේ.

    ස්පර්ශය ඇති වන්නේ ආයතන හය ඇති කල්හි ය. ආයතන හය හේතු කොට ගෙන ය ස්පර්ශය ඇතිවන්නේ.








     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සළායතන කියන්නෙ මොනවද කියල බෞද්ධ අපි වැඩි දෙනෙක් දන්නවා. ඒ තමයි ඇස, කණ, නාසය, දිව, ශරීරය සහ මනස. මේවට ආධ්‍යාත්මික ආයතන කියල ඇතැම් තැනක සඳහන් වෙනවා. මොකද, මේවට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ඵොට්ඨබ්බ සහ සිතිවිලි යන හය බාහිර ආයතන ලෙස හැඳින්වෙන නිසා.

    බැලූ බැල්මට පෙනෙනවා මෙතන දැක්වෙන්නෙ අපේ සංවේදන ඉන්ද්‍රියයන් කියල- ඒ කියන්නෙ බාහිරින් සිදුවන දේවල් අපට දැන ගැනීමට ඉවහල් වෙන ස්නායු පද්ධතියෙ කෙළවරවල් තමයි මේ ආයතන කියල දක්වලා තියෙන්නෙ.

    නමුත් බටහිර විද්‍යාවට අනුව අපි මනස සංවේදන ඉන්ද්‍රියයක් විදිහට පිළි ගන්නෙ නෑ. අනෙක් කරුණ තමයි මේ ආයතන අර්ථ දක්වන ඇතැම් අය තම තමන් දන්න, තම තමන් තේරුම් ගත් ආකාරයට මේවා නිර්වචනය කරන නිසා ඇති වෙන ගැටලු සහගත තැනුත් තියෙනවා. මම මෙහෙම කිව්වෙ දේශීය සහ විදේශීය, බෞද්ධ සහ අබෞද්ධ දෙපිරිසටම බෞද්ධ ධර්මය උගන්වන එක්තරා මහාචාර්යවරයෙක් එහෙම වැරදි විදිහට මේවා පැහැදිලි කරනවා මං දැකල තියෙන නිසා. ඒක ඔහුගෙ වරදක් නොවෙයි; ඔහු දන්නා විද්‍යාවට සරිලන පරිදි මෙය ගළපන්න ගිහින් සිදු වූ වරදක්. ඒ තමයි මෙහි දැක්වෙන ශරීරය යන ආයතනයට ඔහු skin නැත්නම් සම යන අර්ථ නිරූපනය දීම.

    පාලියෙන් මෙයට දෙන වචනය කාය යන්නයි. එය බොහෝ දුරට අපි සිංහලෙන් කියන කය නැත්නම් ශරීරය යන වචනයට සමානයි. අපි ඉස්කෝලෙ යන කාලයෙදි, සාමාන්‍ය පෙළ වෙනතුරු ඉගෙන ගන්නෙ සමේ ඇති ස්නායු කෙලවරවල්වලින් සංවේදනය දැන ගන්නා බවයි. නමුත් ඉන් ඉදිරියට විද්‍යා විෂයයන් හදාරනකොට අපි ඉගෙන ගන්නවා සමේ විතරක් නොවෙයි, ශරීරය පුරාම විවිධ සංවේදී ඉන්ද්‍රියයන් තිබෙනවා. ශරීරය අභ්‍යන්තරයේ ඇති වෙන වේදනාවන් පවා අපට දැනෙන්නෙ ඒ නිසයි. අනෙක කය කිව්වම ඇස, කණ නාසය දිව පවා අයත් වෙනවා. මෙයට හේතුව, එම විශේෂ ඉන්ද්‍රියයන්ගෙන් දැනෙන විශේෂ සංවේදන වලට අමතරව, ඒවාට ස්පර්ශය, රිදීම, පීඩනය, උණුසුම වැනි කයට අයත් සංවේදනාද දැනීමයි. එහෙනම් 'කය' යන පොදු වචනය භාවිතය කෙතරම් උචිතද කියල තේරෙනවනෙ.

    ඉහත කිවූ මහාචාර්යතුමා ඵොට්ඨබ්බ යන වචනයටත් අර්ථ නිරූපණය කළේ temperature and touch කියලා. නමුත් මේ වචනයෙන් ශරීරයේ ඇති සියලුම සංවේදනා (පෙනීම, ඇසීම වගේ විශේෂ ඒවා හැරුණු කොට) අයත් වෙන බව තේරුම් ගැනීම වඩාත් උචිතයි.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මනස සංවේදී ඉන්ද්‍රියයක් ලෙස පැහැදිලි කිරීම ඇත්තෙ බුද්ධ ධර්මයේ විතරයි, මං හිතන්නෙ. සමහරවිට හින්දු, ජෛන ආදී ඉන්දීය ආගම්වල එහෙම දැක්වෙනවද කියන්න මං දන්නෙ නෑ. ඉතින් බටහිර විද්‍යාවට හැම එකම ගලපන්න යන කෙනෙකුට මේක තේරුම් ගන්න අපහසු ඇති. නමුත් බටහිර විද්‍යාවට අනුව පරීක්ෂණයක් කරල බලන්න පුලුවන් කැමති කෙනෙකුට. පරීක්ෂණය තමයි පොඩ්ඩක් භාවනා කරන එක.

    භාවනාව කියල මං මෙතනදි අදහස් කරන්නෙ ටිකක් වෙලා තමන්ගෙ මනස දිහා බලං ඉන්න කියන එකට. අපි පොඩි කාලෙ ඉස්කෝලෙ පොතෙන් ඉගෙන ගත්තු භාවනාවල් වගේ නොවෙයි, අචාන් චා නම් තායිලන්ත භික්ෂූන් වහන්සේත්, උන් වහන්සේගෙ ශිෂ්‍ය පරම්පරාවෙ බටහිර භික්ෂූන් වහන්සේලා වන අජාන් බ්‍රහ්මවන්සෝ, අජාන් සුමේධෝ වැනි භික්ෂූන් වහන්සේලා භාවනාව උගන්වනවිට පළමුව කියන්නෙ මනස දිහා බලං ඉන්න කියලයි. එහෙම බලා ඉන්නකොට තේරෙනවා මනස කියන එකට සිතිවිලි එන බවත්, ඒ වගේම අපට ක්‍රියාවක් විදිහට සිතිවිලි සිතීමේ හැකියාව ඇති බවත්. මේ දෙක දෙකක්. බටහිර විද්‍යාව මත ඕනවට වඩා යැපෙන කෙනෙක් හිතන්න පුලුවන් මේ භින්නොන්මාදයෙ ලක්ෂණයක් කියල. :lol:

    මේක මම අත් විඳපු දෙයක්. නමුත් අපි පුරුදු වෙලා තියෙන්නෙම හිත හිත ඉන්න. ඒ නිසා හරිම අමාරුයි හිත දිහා නිකං බලං ඉන්න.

    ඉහත කොටස මං ඉදිරිපත් කළේ මනස ආයතනයක් වීම සහ එයට සිතිවිලි බාහිර දෙයක් ලෙස දැකීමට උපකාර වීම පිණිස. හරියට ඇස කියන්නෙ එකක්, රූප කියන්නෙ ඊට බාහිර දෙයක් වගේ.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඉස්සෙල්ල කිව්ව වගේ ආයතන හය, නැත්නම් සළායතන හේතු කරගෙන තමයි ස්පර්ශය ඇති වෙන්නෙ.

    හැබැයි අර ස්පර්ශය ගැන කියන කොටසෙදි අපි දක්වනවා ආධ්‍යාත්මික ආයතනයත්, බාහිර ආයතනයත්, විඤ්ඤාණයත් යන තුනේම එකතුවට තමයි ස්පර්ශය කියන්නෙ කියල. ස්පර්ශය හේතුවෙන් වේදනාව ඇති වෙනවා.

    විඤ්ඤාණය කියන වචනය ගොඩක් ගැඹුරින් පැහැදිලි කරන්න මම දන්නෙ නැහැ. නමුත් මෙතනට උචිත විදිහට එය 'සිත' නියෝජනය කරන වචනයක් කියල ගන්න පුලුවන්. එහෙම ගත්තම මට පැහැදිලි කර ගන්න පුලුවන් සළායතන, ස්පර්ශය සහ වේදනාව අතර සම්බන්ධය. ඒ කියන්නෙ මෙහෙමයි.

    ස්පර්ශය කියල කියන්නනම් ඇසත්, රූපයත් එකතු වුණාට මදි. එතනට සිතත් එන්න ඕනෙ. එතකොට තමයි අපි රූපය හඳුනාගන්නෙ, ඒ ඔස්සේ කල්පනා කරල, ඒක සැප වේදනාවක් කියල තේරුම් අරන්, ආශාවන් ඇති කර ගන්නෙ. පොඩ්ඩක් හිතල බලන්නකො, අපි බස් එකේ ජනේලෙන් එළිය බලාගෙන ලොකු කල්පනාවක් පිට යනව කියල. ඇසත් රූපත් හමු වෙනවා. නමුත් අපේ සිත, විඤ්ඤාණය එතන නැහැ. ඒ නිසා අපිට ඒව දැක්ක කියලවත් මතකයක් නෑ; ස්පර්ශයක් වෙලා නැහැ; වේදනාවක් නැහැ.

    බොහොම අවධානයෙන් යුතුව යමක් දිහා බලං ඉන්න අවස්ථා අපේ ජීවිතයෙ අනන්තයි- ක්‍රිකට් මැච් එකක්, නැත්නම් හොඳ චිත්‍රපටියක්. ඒක බලල ඉවර වුණාට පස්සෙ තමා අපිට දැනෙන්න ගන්නෙ මෙච්චර වෙලා ඉඳගෙන ඉඳල තියෙන්නෙ තියුණු පෘෂ්ඨයක් උඩ කියල! කය තිබුණා; බාහිර ආයතනය තිබුණා, නමුත් සිත තිබුණෙ නැත්නම් ස්පර්ශයක්, වේදනාවක් හට ගන්නෙ නෑ.


     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ආයතන ඇති වීමට හේතුව නාම රූප යි.

    රූප යනු පඨවි,ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතුත්, ඒවායින් හට ගත් දේවලුත්ය.
    නාම යනු ඵස්ස, වේදනා, සඥ්ඥා, චේතනා හා මනසිකාරයි.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඵස්ස කියන්නෙ අපි ඉස්සෙල්ල කතා කළ ස්පර්ශය මයි.
    වේදනා කියන්නෙ ස්පර්ශය නිසා ඇති වෙන සංවේදනයට.
    සඥ්ඥා කියන්නෙ හඳුනා ගැනීමට. ඒ කියන්නෙ ස්පර්ශය හේතුවෙන් ඇතිවුණු සංවේදනය මොකක්ද කියල හඳුනා ගන්න එක.
    චේතනා කියන්නෙ සිතිවිලි පහළ කිරීම. අපට යමක් දැනුණම, අපි ඊට අදාලව සිතිවිලි ඇති කර ගන්නවනෙ. උදාහරණයක් විදිහට ශබ්දයක් ඇසුණනම්, ඊ ළඟට එය හඳුනා ගත්තනම් මේ සංගීතයක් කියල, ඊට පස්සෙ ඒ ඔස්සේ සිතිවිලි ඇති කර ගන්නවා- ෂා, හරි ලස්සනයි; මේ අමරදේව නේද?..... ඔය ආදී වශයෙන්.
    මනසිකාර කියන්නෙ සිත ඒ කෙරෙහිම පවත්වා ගැනීම; අවධානය ඒ මතම පවත්වා ගැනීම; දිගින් දිගට ඒ ගැනම කල්පනා කිරීම

    පඨවි කියල කිව්වෙ පොළොවට දිරා යන ස්වභාවයෙන් යුත් ඝන දේවලට.
    ආපෝ කිව්වෙ වැගිරෙන ස්වභාවයෙන් යුත් දියරමය දේවලට.
    තේජෝ කිව්වෙ උණුසුම් ස්වභාවයට. මේ වචනයෙ අපට ඇසට නොපෙනෙන ශක්තිය පිළිබඳ අදහසත් ගැබ් වෙලා තියෙනවා.
    වායෝ කිව්වෙ වායුමය ස්වභාවයට.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මෙතෙන්දි රූප සහ ඇස, කණ, නාසය, දිව, ශරීරය යන ආයතන පහේ සම්බන්ධයනම් එක පාරටම පැහැදිලියි.
    මනස හා නාම කොටසට අයත් සඥ්ඥා, චේතනා හා මනසිකාර අතර සම්බන්ධයත් පැහැදිලියි. මනස කියල එකක් තිබෙන බව අපට තේරෙන්නෙත් මේ ක්‍රියාවලීන් නිසානෙ.

    ස්පර්ශය හා වේදනාව ඇති වීමට අවශ්‍ය අංගයන්ගෙන් එකක් විදිහට ඒ ඒ ආයතනය දැක්වුණා කලින්. ( බාහිර ආයතනය+ ආධ්‍යාත්මික ආයතනය+ විඤ්ඤාණය= ස්පර්ශය) මෙතනදි ස්පර්ශය හා වේදනාව ආයතන ඇති වීමට හේතුවක් ලෙස දක්වනවා. මේ කාරණයනම් මට පැහැදිලි නෑ.
    අනෙක් කරුණ මනස හා රූප අතර සම්බන්ධය. මනස ශරීරයේ රුධිරය හා සම්බන්ධව ඇති දෙයක් බව මම කොහේදි හරි කියවලා තියෙනවා. ඒ කරුණෙ ඇත්තක් තියෙනවා. මොකද, මොළයට රුධිර සැපයුම නැතුව ගියොත් මනසින් කෙරෙන කාර්යයන් බොහෝ දුරට නැති වෙන නිසා. අනික් අතට, මනස කියන්නෙ මොළය ආශ්‍රිත දෙයක් කියල හිතුවත්, දරුණු ආඝාතයට ලක් වූ රෝගීන්ට සිතීමේ හා දැනීමේ හැකියාව තිබෙනවද කියල අපි දන්නෙ නෑ. ඔවුන්ට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව නැති නිසා, තමන්ට දැනෙන දේ දැනෙන බව අනික් අයට හඟවන්න බැරි නිසා.

    ඒ වගේම අර මුලින් කිවූ ආයතන 5ත් සමඟ චේතනා හා මනසිකාර සම්බන්ධ වෙන එකත් මට අපැහැදිලියි. සමහරවිට මෙතනදි චක්ඛු කියන වචනයෙන් එම සංවේදනයට අදාලව සිතිවිලි පහළ කිරීම දක්වා සියලුම ක්‍රියාවලීන් ගැනෙනවා ඇති. වර්තමානයෙ අපි ඇස කියන වචනය පාවිච්චි කරන්නෙ එම ඉන්ද්‍රියයට විතරක් වුණත්.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මම ඔය අපැහැදිලියි කිව්ව කාරණා තේරුම් ගන්න උපකාරයක් ලැබෙනවා ආයතන පිළිබඳව විග්‍රහ කර ඇති කම්ම සුත්ත වැනි සූත්‍ර වලින්. ඒවායෙ ආයතන හඳුන්වා දී තිබෙන්නේ 'පුරාණ කර්මයක්' ලෙසින්.
    එහෙම බැලුවොත්, මෙතනදි කතා කෙරෙන්නෙ භව දෙකකට අදාලව: පෙර භවයේ නාමරූපත්, ඊළඟ භවයේ සළායතනත්.
    ස්පර්ශය හේතුවෙන් ඇති වෙන වේදනාවට අනුව හඳුනාගෙන, චේතනා පහළ කර ඒ ඔස්සේ සිත මෙහෙයවීම නිසා, තවත් භවයක සළායතන ඇති වීම පිණිස කර්ම සකස් වෙලා තියෙනවා. (චේතනාවම කර්මය වේ කියලත් කොහෙදිදො කියල තියෙනවනෙ.)

    ඒ විදිහට ගත්තොත්, ස්පර්ශය හා වේදනා යන දෙක සළායතනවලට පෙරත්, පසුවත් දක්නට ලැබීමත්, නාමයන් හේතුවෙන් සළායතන ඇති වීමත් පැහැදිලි කර ගන්නට පුලුවනි.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    mchan mata buddist e-books tiakak dennaoko

    මමනම් හුඟක්ම කියවන්නේ මහමෙව්නාව කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පොත් ටික තමයි. ත්‍රිපිටකයත් තියෙනවා; සූත්‍ර ආශ්‍රයෙන් ස්වාමීන් වහන්සේ කළ දේශනාත් තියෙනවනෙ.

    http://www.mahamevnawa.blogspot.com/

    What Buddha Taught.net එකත් හොඳයි.
    http://www.what-buddha-taught.net/

    කළ්‍යාණමිත්‍රගෙන් අහන්නකො. එයා දන්නව ඇති මේ ගැන හොඳට.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    නාම රූප සහ සළායතන අතර සම්බන්ධය තේරුම් ගැනීම සඳහා කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ විස්මිත අවබෝධය පොතේ විවිධ සූත්‍රවලින් කොටස් ගෙන හැර දක්වනවා. එහි 169වන පිටුවෙ තියෙනවා මහා නිධාන සූත්‍රයෙන් ගත් කොටසක්. මහා නිධාන සූත්‍රයෙදි සළායතන ගැන නොකියා, නාමරූපවලින් ස්පර්ශය ඇති වෙන බව දේශනා කර තිබෙනවලු. නාමරූපයේ දෙයාකාර ස්පර්ශයක් ගැන එහි සඳහන් වෙනවා.

    1. රූප කායේ අධිවචන සම්ඵස්ස
    2. නාම කායේ පඨිඝ සම්ඵස්ස
    රූප කායේ අධිවචන සම්ඵස්ස
    රූප ධර්මයන් අප හඳුනා ගන්නෙත්, ඒ ගැන කතා බහ කරන්නෙත් ඒ රූප ධර්මයන් ගැන ගොඩ නැගෙන, භාවිතා වන, නාම ධර්මයන් මුල් කර ගෙනය. එනම් රූප ධර්මයන් පිළිබඳව අප තුළ ඇති දැනීම ගොඩ නැගෙන්නේ නාම මුල් කරගෙනය.

    නාම කායේ පඨිඝ සම්ඵස්ස
    නාම ධර්මයන් තුළින් කතාබස් කරන/තේරුම් ගන්නා යම් දෙයක් වෙයිනම්, ඒවා සතර මහා ධාතුන් හෝ ඒවායින් හටගත් දෙයක් වෙයි.

    ඒ නිසා නාමරූප කියන දෙක වෙන් කරන්න බෑ. ඒ වගේම, සළායතනවල, අපට පෙනෙන පංචේන්ද්‍රිය ඇති වීමට නාම හවුල් වෙන විදිහත් මෙයින් පැහැදිලි වෙනවා.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    නාමරූප ඇති වීමට හේතුව විඤ්ඤාණයයි.
    විඤ්ඤාණය කියන්නෙ යමක් දැන ගන්නා මානසික ස්වභාවයට.
    සංයුක්ත නිකායේ ඛජ්ජනිය සූත්‍රයෙ දැක්වෙනවා "විශේෂයෙන් දැන ගන්නේය" යන අර්ථයෙන් විඤ්ඤාණය කියා යෙදෙන බව.

    ඒ කියන්නෙ ඇසින් රූපයක් දැක්කම, ඒ දුටු බව දැන ගැනීමේ ස්වභාවය චක්ඛු විඤ්ඤාණයයි; කණින් ශබ්දයක් ඇසුණුවිට, එහෙම ඇසුණු බව සිතින් දැන ගැනීමේ ස්වභාවය සෝත විඤ්ඤාණයයි; දිවට රසක් දැනුණම, එහෙම දැණුනු බව දැන ගැනීමේ ස්වභාවය ජිව්හා විඤ්ඤාණයයි; නාසයට ගඳ/සුවඳ දැනුණු බව දැන ගැනීමේ ස්වභාවය ඝාන විඤ්ඤාණයයි; කයට පහසක් දැනවිට එහෙම එකක් දැනුණු බවදැන ගන්නා ක්‍රියාකාරී ස්වභාවය කාය විඤ්ඤාණයයි; සිතට අරමුණක්/සිතිවිල්ලක් ආවම, එහෙම ආ බව දැන ගන්නා ක්‍රියාකාරී ස්වභාවය මනෝ විඤ්ඤාණයයි.

    මේ විදිහට ආයතන හය ආශ්‍රයෙන් සය ආකාරයක විඤ්ඤාණයක් ඇති වෙනවා. අපි ඉස්සෙල්ලත් කිව්වා ස්පර්ශය ඇති වීමට අවශ්‍ය අංග තුනෙන් එකක් වෙන්නෙ විඤ්ඤාණය බව. නාම රූප හා විඤ්ඤාණය අතර බොහොම කිට්ටු සම්බන්ධයක් තියෙන්නෙ. එකිනෙක වෙන් කරන්න අපහසු තරම්.


     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    විඤ්ඤාණය ඇති වන්නේ සංඛාර, නැත්නම් සංස්කාර, හේතුවෙනි.

    සංඛාර කියන වචනෙ අපි හුඟක්ම අහල තියෙන්නෙ මළ ගෙවල්වලදි- සංස්කාරයෝ අනිත්‍යයහ කියල. එතෙන්දි අපි සරලව මේ වචනෙට තේරුම දෙනවා "හේතුවක් නිසා හට ගත් දේ" කියල. හේතුවක් නිසා හට නොගත් දෙයක් නැහැ. දැන් මේ පටිච්චසමුප්පාද කොටස පටන් ගත්තු වෙලේ ඉඳන් කියන්නෙ හේතූන් නිසා හට ගන්න හැටිනෙ. :baffled:

    නමුත් සංඛාර කියන දේ තවත් විස්තර ඇතුව සාකච්ඡා කරනවා ඇතැම් සූත්‍රවල. විශේෂයෙන්ම සංසාර චක්‍රය පැවතීමට හේතු වශයෙන් සංඛාර ගැන කතා කරනකොට එය තුන් ආකාරකට බෙදෙනවා:

    1. කාය සංඛාර
    2. වචී සංඛාර
    3. චිත්ත සංඛාර
    කාය සංඛාර කියන්නෙ ආශ්වාස ප්‍රශ්වාස දෙකට.
    වචී සංඛාර කියන්නෙ විතක්ක, විචාර දෙකට-කතා කරන්න පෙර සිතෙහි ඇති වන මූලික සකස් වීම.
    චිත්ත සංඛාර කියන්නෙ වේදනා, සඥ්ඥා දෙකට.
     
    Last edited: