ටික කලකට ඉහත, ලංකාවේ ප්‍රරමුක පෙලේ ආයතනයක සේවයකලා. ජොබ් එක නිසා ආයතනය තුල ලොකු පිලිගැනීමක් හා ප්‍රසිද්දියක් ලබල තිබුන. 
ඔෆිස් එකත් වහල තියෙන ඒ මූසල ඉරිදාවේ මොකක් හරි පූරුවේ කරුමයකට ඔෆිස් එකට රිංගල, මේල් සර්වර් එකේ බැකප් එකක් දාල පොඩි වැඩ වගයක් කරල, ලිෆ්ට් එකේ පහලට යන ගමන් ඔෆිස් එකේ මනුස්ස පුලුටක් නැති එකේ ඇරිය පඩයක් ආයේ ලිෆ්ට් එක ඇතුලේ කලන්තේ දාන්න ගඳයි.  උඹලට කියන්න ඇරපු ගමන් පුකත් නිකන් දන්න අරන් හෙන රස්නයක් එක්ක පඩේ ගියේ. හිතාගන්න පුලුවන්නේ ඒ කන්ඩිශන්එකෙන් යන පඩේ ඌශ්නේ..... ඕන් ඉතින් ලිෆ්ට් එක ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට යන අතරමඟ එකපාරටම හතරවෙනි තට්ටුවේ නැවැත්තුව. බල්ලෙක්වත් නැති එකේ මොන පුකට හතරේ නැවැත්තුවද කියල වටපිට බලනකොටම මෙන්න බොලේ ඔෆිස් එකේ හිටිය පට්ටම පට්ට ලස්සන කෙල්ලෙක් ලිෆ්ට් එකට නැගපි.  ඒකි මටත් හායි හවු ආ යූ? කියන් ලිෆ්ට් එකට නැහල නහයත් හයියෙන් පිඹල, බෑග් එකෙන් ලේන්සුවක් අරන් නහය වහගත්ත.සිටුවේශන් එක හිතාගන්න පුලුවන්නේ, කරකියාගන්න දෙයක් නැතිකමටම මම දෙවෙනි තට්ටුවෙන් සොරි කියාගෙනම ලිෆ්ට් එකෙන් පැන්න. ඒකි ඔය සීන් එක කාට කිව්වද කියලනං මං දන් නෑ, ඒත් ඒකි ඒ ඔෆිස් එකන් අස්වුන දවසේ මම තරම් සතුටු වුන එකෙක් තවත් නෑ. ඒකි අස්වුන දවසේ ඔෆිස් එකේ ෆිට්ම සෙට් එකට බොන්න අරන්දීල නිධාන කතාවත් එලිකරල පට්ට ආතල් එකක් ගත්ත.
Copied