පඩියට වැඩි ගානක් එකතු කරගන්න

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    පඩියට වැඩි ගානක් එකතු කරගන්න

    යම් ආයතනයක රැකියාවක් කරනකොට වසරකට වැඩි කලක් ඔබ එකම තැන රැකියාව කරන විට ඔබට නියමිත පටිපාටියට අනුව වසරකට වරක් පඩිය වැඩි වෙනවා. මේ වසර කියන නියමය සමහර විට මාස තුන, හය කියන සිමා වලදී වුනත් පඩිය වැඩි වීමකට ලක් වෙන්නට පුළුවන්.

    ඒ පඩි වැඩිවීමක් වෙන්න ආයතන ඔබ සම්බන්ධයෙන් යම් යම් දේවල් සලකා බලනවා වගේම ඒවා ආයතනයකින් ආයතනයකට වෙනස් වෙන්නත් පුළුවන් බව මතක තියා ගන්නවා නම් හොඳයි. එහෙම හොයා බලන කාරණා අතරේ සේවකයා ගත් නිවාඩු ප්‍රමාණය, පඩි රහිත නිවාඩු ගණන, පමාවී පැමිණි වාර ගණන සහ ආයතනික ප්‍රධානියාගේ රෙකමදාරු කිරීම් වගේ කාරණාවන් සැලකිල්ලට ගන්නවා.

    එහෙත් සමහර අවස්ථාවල මේ සියල්ලම ඔබ සම්පුර්ණ කලත් ඔබට පඩි වැඩිවීමක් නොලැබෙන අවස්ථා තිබෙන්නට පුළුවන් බව මතක තියා ගන්නවා නම් අගෙයි. ඉතින් අද අනිවා තුලින් අපි ඔබ හමුවේ කියන්නට තනන්නේ එවැනි සුදුසුකම් සපුරා තිබුනත් පඩි වැඩිවීමක් නොලැබුණු වෙලාවක ආයතනික ප්‍රධානියාට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ කොහොමද කියන කාරණාව ගැන පොඩි අදහස් කිහිපයක් ඔයාට කියන්නයි.



    1.හොඳට හොයලා බලන්න

    asking_for_raise_01a.jpg

    අපි අපේ නිසි බලධාරියා එක්ක කතා කරන්න යන්න කලින් හොදින් ලැහැස්ති වෙලා යාම නම් අත්‍යාවශ්‍ය වෙනවා. මොකද අපි දැනගන්නට උවමනා වෙනවා අපි පඩි වැඩිවීමක් ඉල්ලන්නේ මොන හේතුවක් යටතේද කියලා. ඒ වගේම ඔයාගේ තනතුරට වෙනත් ආයතනවල හෝ රැකියා වෙළඳපොලේ හිමිවන වේතනය කොපමණද කියන කාරණාවන් ගැන දැනගත යුතු වෙනවා. ඔයාගේ ප්‍රධානියා හමුවන්න යන අවස්ථාව වන විට මේ දේවල් ගැන දැන ගෙන ලකලැහැස්ති වෙලා ගියාම ආයතන ප්‍රධානියාට දෙවරක් සිතන්නට ඉඩ නොතබා ම ඔයාගේ ඉල්ලීම කරන්නට අවශ්‍ය බාහිර කාරණා එකින් එක ගෙන හැර දක්වන්නට ඉඩ ලැබෙනවා.

    මේ ලැහැස්ති වීම හරියටම වෙන්න ඕනේ. මොකද තමන්ට තමන් ගැන ෂුවර් එකක් නැති නම් කතා කරත්දී පැටලෙයි ගැටගැහෙයි කියලා වගේ හිතෙනවා නම් කරන්න තියෙන්නේ කණ්ණාඩියක් ඉස්සරහ හරි තමන්ගේ යාලුවෙක් ඉස්සරහ හරි ආයතන ප්‍රධානියා එක්ක තමන් කරන්න යන කතාව පොඩ්ඩක් රිහසල් පාරක් දාලා හරි යන එක.



    2. වැඩිවෙන ප්‍රතිශතය

    asking_for_raise_02a.jpg

    තමන් ඉල්ලන පඩි වැඩිවීම කොච්චරද කියලා ඔයා මතක තබාගෙන සිටිය යුතු වෙනවා. එවන් අවස්ථාවකදී සාමාන්යෙන් ආයතනිකව පඩි වැඩිවෙන්නේ කොපමණ ප්‍රමාණයකින්ද කියන එක ඔබේ පැත්තට වාසියක් වෙනවා.

    වසරකට 3%ත් 5%ත් අතර ප්‍රමාණයක් තමයි සාමාන්‍යන් පඩි වැඩිවෙන්නේ, එහෙත් ඔයාගේ ඉල්ලුම් කිරීම මත සහ ආයතනයේ රෙකමදාරුව මත මේ ප්‍රමාණය 6% ක් දක්වා වැඩි කරගන්නට පුලුවන්නම් හරිම වාසියක් වෙනවා.



    3. සෘජුව, හරි වෙලාවක් බලලා කතා කරන්න

    asking_for_raise_03a.jpg

    කිසිම වෙලාවක සෘජුව කතා කරන්න බය වෙන්න එපා. එහිදී ඔයාගේ අවශ්‍යතාවය, ඔයා මේ ආයතනයට කොපමණ ප්‍රමාණයකින් ආදායම වැඩි කරන්නට තමන්ගේ දායකත්වය ලබාදීලා තියෙනවද කියන කාරණය, බොහොම සරල නමුත් හිතට දැනෙන ආකාරයකට කියන්න පුලුවන්නම් ඔබ දිනුම්.

    කෙලින් කතා කරනවා වගේම තවත් වැදගත් කාරණයක් තියෙනවා ඒ තමා ඔය පඩි වැඩිවීම ඉල්ලන්න හොඳම වෙලාවක් වෙනකම් පුලුවන්නම් ඉවසගෙන ඉන්න. ආයතනයට කොටස් වෙළඳ පොලේ යම් ලාභයක් වෙලා තියෙන අවස්ථාවක් වගේ ආතල් අවස්තාවක මේ ගැන ප්‍රධානියාට කියන එක තමා ශරීර සෞඛ්‍යට හොඳම. එහෙම නැතුව ශිප්මන්ට් එකක් කැන්සල් වෙලා ආපහු රිටර්න් ඇවිත් මිලියන ගාණක පාඩුවක් වෙලා තියෙන වෙලාවක ඔයා ගිහින් පඩි වැඩි කිරීමක් ඉල්ලුවොත් ඊට කලින් අස්වීමේ ලියුම ලැබෙන්නත් බැරි නැහැ.



    4. නැති බැරි කම් කියන්නෙපා

    asking_for_raise_04a.jpg

    ඒ වගේම කිසිම වෙලාවක ඔබේ නැතිබැරි කම, ඔබේ ජීවිතයේ අමාරුකම් කියලා ආයතන ප්‍රධානියාගේ අනුකම්පාව දිනාගෙන පඩි වැඩි කරගන්න හදනවා නම් ඔබ එතැනින් ම ඔබේ අනාගත පඩි වැඩිවීම වලට තර්ජනයක් එල්ල කරගන්නවා කියලයි අපිට නම් අනිවා හිතෙන්නේ. මොකද කිසිම ආයතනයක් ඔබේ දුක අහලා පඩි වැඩි කරන්න බැඳිලා නැහැ. ඔවුන් අවධානය යොමු කරන්නේ ඔයා ඒ ආයතනයට ලබාදීලා තියෙන දායකත්වය කොච්චරද කියන කාරණය සම්බන්ධයෙන් විතරමයි.



    5. තමුන්ගේ පැත්තෙන් පඩි වැඩි නොකිරීමට හේතු අවම කරගන්න

    asking_for_raise_05a.jpg

    මේක නම් හරිම වැදගත් දෙයක්. අපි කාර්යාලයේ සිටින විට අපේ අවශ්‍යතාවලට පෑන්, කොළ, වෙනත් හේතු නිසා ගන්නට වෙන ප්‍රින්ට් අවුට්ස්. මේ වගේ කාරණාවල් ගැන තියෙන නොසැලකීම නිසා සමහර ආයතන වල ඉන්න “ඕපාදුප” කාරයින් හරහා ඔයාගේ ප්‍රධානියාගේ කනට යන්න තියෙන අවස්ථාව බොහොම වැඩියි.

    ඉතින් මේ වගේ දේවල් වලක්වා ගන්නවා කියන්නේ ඔයාට ප්ලස් පොයින්ට් එකක් මේ පඩි වැඩිකිරීමේ ඉල්ලීමට එකතුවෙනවා කියනවා එකයි. තමන්ගේ ආයතනයේ හොඳ සේවකයෙක් වෙන හැටි ගැන අනිවා ආටිකල් එක කියෙවුවනම් ඔබට මේ දේවල් වළක්වගන්න හැටි ගැන ලේසියෙන්ම දැනගන්න පුලුවන්.



    6. අදාළ කාර්ය මණ්ඩලය ඇතුලේ තමුන්ගේ තරඟකාරීත්වය පෙන්වන්න

    asking_for_raise_06a.jpg

    ඔයා අනික් අය වගේ 8-5 සේවකයෙක් වෙනවා කියන්නේ මේ වගේ විශේෂ ඉල්ලීමක් කරන්න තියෙන ඉඩ ඇහිරෙනවා කියන එකයි. ඔයා මහන්සි වෙලා ලබන පඩියට වැඩ කරනවා නම්. සාමාන්‍ය සේවා කාලයෙන් පසුවත් වැඩ කරලා ඔයාගේ වැඩ කොටස නිසි ප්‍රමාණයටත් වඩා හොඳින් ඉටු කරනවා නම් ඔයා ගැන කියන වැරදි වගේම ඔයා ගැන තියෙන හොඳත් ආයතනයේ ප්‍රධානියාගේ කනට යන්නේ වැඩි කාලයක් නොගොසින්මයි.

    එහෙම ප්‍රධානියාගේ කනට ඔයාගේ “හොඳ” ගැන ආරංචි වෙනවා කියන්නේ ඔයා තමන්ගේ තරඟකාරී බව බොහොම කදිමෙට ඉස්මතු වෙලා පෙනෙනවා කියන එකයි.



    7. “බැහැ” කියන උත්තරයට නිතරම ලැහැස්ති වෙලා ඉන්න.

    asking_for_raise_07a.jpg

    මේ මොන දේවල් කලත් තමන්ගේ සුදුසුකම් කොච්චර තිබ්බත් ඔයාගේ පඩි වැඩිවීම ප්‍රතික්ෂේප කිරීමට ආයතනික ප්‍රධානියාට විධායක බලයක් තිබෙන බව නම් කිසිම වෙලාවක අමතක කරන්න එපා. ආයතනික ප්‍රධානියා බැහැ කිවුවොත් හරි කෙලින් උත්තරයක් නොදුන්නොත් හරි උත්තරයක් ගන්න බල කරන්න හෝ තරහෙන් හැසිරෙන්න යන්නත් එපා. එහෙම උනොත් ආයතනයේ අනාගත වැඩවලදි ඔයාට අපහසුතා ඇති වෙන්න ඉඩ තිබෙනවා. ඉවසීමෙන් හිටියොත් සමහරවිට අපි කලින් කිව්වා වගේ ආයතනයේ ප්‍රධානියා කල්පනා කරල බලල පසුව හෝ පඩි වැඩිවීමක් ලබාදෙයි

    Source :http://www.aniwa.lk
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    වසරකට 3%ත් 5%ත් අතර ප්‍රමාණයක් තමයි සාමාන්‍යන් පඩි වැඩිවෙන්නේ, එහෙත් ඔයාගේ ඉල්ලුම් කිරීම මත සහ ආයතනයේ රෙකමදාරුව මත මේ ප්‍රමාණය 6% ක් දක්වා වැඩි කරගන්නට පුලුවන්නම් හරිම වාසියක් වෙනවා.


    oya rate eken wadi wenne godak ihalata giyaama neda? pahala unta godak percentage ekakin wadi wenawa. mata first time 70% increment ekak hamba wela thiyenawa. mata witharak neme. mama danna anith untat e gaana around hamba wela thiyenawa
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    asking_for_raise_06a.jpg


    මෙහෙම කරල ලොක්ක එක්ක හොඳට ඇර ගත්තා අතීතයේ. :angry: මම නම් කියන්නෙ මෙහෙම company එක පැත්තෙනෙන් හිතල ලොක්කට කියල පදේ අහගන්න යන්න එපා. වෙලාවට ගිහිං වෙලාවට වරෙන්. එච්චරයි. :P
     

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    Your Salary must go up at-least of the Rate of inflation.:cool::cool:
    Otherwise, it's like your salary getting decreased. :sorry::sorry:

    Ex:In Sri Lanka the average inflation rate is about 9.6%,
    In 2015 if you had 100,000 Salary and in 2016 it become like value of 90,000.
    Your purchasing power going down.
    So atleast to keep the same purchasing power with your wage, you must have 10% or more increment every year.
    :yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි බන් අපි පඩි වැඩි කරන්නයි කියලා ඉල්ලාසිටින්නේ?
    එහෙම ඉල්ලන්න ඕනිද?

    ආයතනය දැනගන්න එපැයි තමන්ගේ සේවකයන්ගේ වටිනාකමට වැටුප් ගෙවන්න.එහෙම ගෙවන්නේ නැතිනම් පඩි වැඩිකරන්න කියනවට වඩා එතනින් අයින් වෙලා වෙන තැනකට යන එක හොඳයි කියලා මට හිතෙනවා

    තමන්ගේ වටිනාකම මෙච්චරයි කියලා ආයතනයට ඇන ඇන කියන්න ඕනි නෑ කියලයි මට හිතෙන්නේ.

    කොහොම උනත් උබේ අදහස් අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    asking_for_raise_06a.jpg


    මෙහෙම කරල ලොක්ක එක්ක හොඳට ඇර ගත්තා අතීතයේ. :angry: මම නම් කියන්නෙ මෙහෙම company එක පැත්තෙනෙන් හිතල ලොක්කට කියල පදේ අහගන්න යන්න එපා. වෙලාවට ගිහිං වෙලාවට වරෙන්. එච්චරයි. :P

    eka nam atta bro

    dan issara wage nemei kochara wada kalat dakke na ahune na wage tamai lokko inne

    kagen wat eka da ganna one na welawata gihin welawata awama hari
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම අවුරුදු 10ක් විතර කම්පැනි 3ක වැඩකරලා තියනවා ඒ හැම එකකම හැමෝටම වැඩි කරන වෙලාවට වැඩි උනා මිසක් මට කියලා වෙනම පඩි වැඩි වෙලා නෑ එකම තැනකින්වත්...

    ඒකට කම්පැනි එක වගකියන්න ඕනේ නෑ ඒ වැරැද්ද මගේ මම අකුරට වැඩ කරපු එකෙක් ටිකක් වෙලා වැඩියෙන් වැඩකරන්න උනොත් ලොක්කා එක්ක ඇරගත්ත එකෙක්.. ඒත් මට දැන් ඒ වැරදි තේරෙනවා...

    අපි කැපවීමෙන් ගන්න පඩියට වඩා වැඩකරන්න ඕන... අවුරුද්දක් දෙකක් එහෙම හොදින් වැඩ කරන්න ඕනේ... සමහර විට ඒ කාලේ පඩි වැඩි උනේ නැත්තන් ඉවසන් ඊටත් වඩා හොදින් වැඩකරන්න... එතකොට නිකන්ම ලොක්කන්ගේ කනට යනවා තේරෙනවා මූ හොදට කැපවීමෙන් වැඩ කරනවා කියලා එතකොට නිකන්ම පඩි වැඩි වෙයි...

    ඒත් සමහර තැන් තියනවා ඒවගේ කොච්චර වැඩකලත් කවදාවත් සේවකයෝ ගැන හිතන්නේ නැති එහෙම තැනක නම් එකපාරක් දෙකක් කියලා බලන්න නැත්තන් වෙන තැනක් හොයාගන්න එක තමයි හොදම වැඩේ...
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    asking_for_raise_06a.jpg


    මෙහෙම කරල ලොක්ක එක්ක හොඳට ඇර ගත්තා අතීතයේ. :angry: මම නම් කියන්නෙ මෙහෙම company එක පැත්තෙනෙන් හිතල ලොක්කට කියල පදේ අහගන්න යන්න එපා. වෙලාවට ගිහිං වෙලාවට වරෙන්. එච්චරයි. :P

    :yes::yes::yes::yes::yes: