ශ්‍රී ලංකාවේ සේවය කරන ඉන්දීය ජාතික කබඩි (විශේෂඥ) පුහුණුකරු කේ. බාකරන් මහතාට ඇමරිකානු ඩොලර් වලින් වැටුප් ගෙවීම අසීරුවී තිබෙන බැවින් ඔහුගේ මාසික වැටුපේ වටිනාකමට සරිලන ආකාරයෙන් ඒ වෙනුවට රත්තරන් ලබාදීමට කටයුතු කර ඇතැයි වාර්තාවේ. මාස කීපයක්ම මේ ආකාරයෙන් ඔහුගේ වැටුප ගෙවා ඇත්තේ රත්තරන්වලින් බව දැන ගන්නට ලැබේ. ඩොලර් වෙනුවට ශ්‍රී ලංකාවේ රුපියල්වලින් වැටුප් ලබා ගැනීමට ද බාස්කරන් මහතා අකමැත්ත පළ කිරීම හේතුවෙන් ඔහු සෑහීමට පත්වන විකල්ප ක්‍රියා මාර්ගයක් ලෙස ඔහුගේ වැටුප රත්තරනින් ගෙවීමට ශ්‍රී ලංකා කබඩි සමේට්ලන නිලධාරීන් කටයුතු කර තිබේ.
